පිට පිට දෙවන වතාවටත් ‘L. E. Blaze’ කුසලානය මහනුවරට

315

කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් ලකුණු 31-13ක් ලෙස 33 වැනි L. E. Blaze කුසලානය පිට පිට දෙවන වසරටත් රැන්ඩල්ස් කන්දට රැගෙන යන්නට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද (9) සමත් විය. තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය.

රාජකීයයෝ අපරාජිතව ශූරතාවයට උරුමකම් කියති

සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය අපරාජිතව දෙවන වරටත් සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ…….

කොළඹ වෙස්ලි විද්‍යාලය ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර සිය පසුපෙළ යොදා ගනිමින් උත්සාහක දිනුමක් කරා යෑමට කිහිප වතාවක් උත්සහ කළත් එම අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. කෙසේ වුවත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමක් නිසා ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් යවමින් වෙස්ලි ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවන්නට මුර්ශිඩ් සුබයිර් සමත් විය. (වෙස්ලි 03-00 කිංග්ස්වුඩ්)

නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය අතර හොඳ පන්දු හුවමාරු කිරීම් කිහිපයක් මගින් වෙස්ලි මීටර 22 තුලට පිවිසීමට සමත්වුවත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

දෙවන වරටත් කිංග්ස්වුඩ් අර්ධය තුල දී වෙස්ලි කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර මුර්ශිඩ් සුබයිර් නැවත වරක් ලකුණු පුවරුවට ලකුණු එකතු කිරීමට සමත් විය. (වෙස්ලි 06-00 කිංග්ස්වුඩ්)  

කිංග්ස්වුඩ් විද්‍යාලයට වෙස්ලි මීටර 40 සීමාව තුල ‘Scrum’ අවස්ථාවක් හිමි වූ අතර නායක තරිඳු වැලිගම්පොල පන්දුව ඉදිරියට ගෙන යන අතරතුර වෙස්ලි සීමාව අසල දී වෙස්ලි ක්‍රීඩකයින් දෙපසින් පැමිණෙමින් (coming in from sides) සිදු කළල අතපසු වීමක් නිසා ඔවුන්ට දඬුවම් පහරක් හිමි විය. දෙවරක් නොසිතා දඬුවම් පහර ලකුණු බවට පරිවර්තනය කිරීමට ඔවුන් තීරණය කළ අතර හිරුෂ සම්පත් පන්දුව පහසුවෙන් ගෝල කණු අතරින් පියාසර කරවීමට සමත් විය. (වෙස්ලි 06-03 කිංග්ස්වුඩ්)  

සුබයිර් විසින් පන්දුව නිසි පරිදි සීමාවෙන් එපිටට ස්ථානගත කරමින් කිංග්ස්වුඩ් අර්ධයට පිවිසීමට වෙස්ලි ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දුන් අතර ‘Line Out’ අවස්ථාවක් සාර්ථක කර ගත් ඔවුන් පන්දුව සිය පසුපෙළට ලබා දෙමින් සහන හංසජගේ සුරතින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය .සුබයිර් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (වෙස්ලි 13-03 කිංග්ස්වුඩ්)    

සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යාමට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් වූ අතර ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ කාල පරිච්ඡේද කිහිපයකට පසු කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් පළමු වරට ධවල රේඛාව ඉක්මවා යන්නට නායක තරිඳු වැලිගම්පොල සමත් විය. හිරුෂ සම්පත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (වෙස්ලි 13-10 කිංග්ස්වුඩ්)   

වෙස්ලි සෙන්ටර් ක්‍රීඩක හංසජ ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කිරීම හේතුවෙන් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර පළමු අර්ධය අවසානයට පෙර හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට හිරුෂ සම්පත් සමත් වූයේ නැත.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 13-10 කිංග්ස්වුඩ් විද්‍යාලය  

තරගයේ උණුසුම තවත් වැඩි කරමින් කිංග්ස්වුඩ් සක්‍රම් හාෆ් ක්‍රීඩක හිරුෂ හා වෙස්ලි ෆුල්බැක් ක්‍රීඩක සුබයිර් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර විනිසුරුගේ අවවාදයෙන් දෙදෙනාම නැවත දෙපසට විය. කෙසේ වුවත් දැඩි අධිෂ්ඨානයෙන් දෙවන අර්ධය ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත් විය.

සහිරා ක්‍රීඩකයින් පරදා ත්‍රිත්වයින් හයට

2018 සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ තරගයක් වූ සහිරා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ…….

මෙවර සිය පසුපෙළට අවස්ථාව ලබා දුන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පියවරෙන් පියවර ඉදිරියට ගිය අතර වෙස්ලි ආරක්ෂක ක්‍රීඩකයින් තමා වෙතට ඇද ගනිමින් හිරුෂ පන්දුව සිය ඉදිරිපෙළ ක්‍රීඩක මිලාන් වීරසිංහ හට භාර කළ අතර මිලාන් පසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට සමත් විය. (වෙස්ලි 13-17 කිංග්ස්වුඩ්)  

ඉන් මිනිත්තු කිහිපයකට පසු කිංග්ස්වුඩ් ෆ්ලයි හාෆ් ක්‍රීඩක සෙනෙවිරත්න වෙස්ලි ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු අතර පන්දුව වැලිගම්පොල වෙත භාර දීමෙන් අනතුරුව නායකයා දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේය. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (වෙස්ලි 13-24 කිංග්ස්වුඩ්)  

වෙස්ලි ක්‍රීඩකයින්ගේ පන්දු යොමු කිරීමකට මැදිහත් වූ සචින්ත සෙනෙවිරත්න පන්දුව ඩැහැගෙන මීටර 80ක පමණ දුරක ධාවනයේ යෙදී ගෝල කණු අතරින් වෙස්ලි බලාපොරොත්තු සුන් කළ උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. හිරුෂ තවත් ලකුණු දෙකක් එකතු කරමින් වෙස්ලි ක්‍රීඩකයින් තවත් පසු පසට ඇද දැමීමට කිරීමට සමත් විය. (වෙස්ලි 13-31 කිංග්ස්වුඩ්)   

විනිසුරු ජමාල්දීන්ගේ දීර්ඝ නලා නාදයෙන් පසුව 33 වන L. E. Blaze කුසලානය තමන් සතු කර ගැනීමට පෙරළිකාර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.

අවසාන ලකුණු තත්වය:  කිංග්ස්වුඩ් විද්‍යාලය 31 (4T, 1P, 4C) – 13 (1T, 2P, 1C) වෙස්ලි විද්‍යාලය 

ThePapare තරගයේ වීරයා: හිරුෂ සම්පත් (කිංග්ස්වුඩ්)

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • කිංග්ස්වුඩ් විද්‍යාලය: තරිඳු වැලිගම්පොල (2), සචින්ත සෙනෙවිරත්න (1T), මිලාන් වීරසිංහ (1T), හිරුෂ සම්පත් (1P,4C)
  • වෙස්ලි විද්‍යාලය: සහන් හංසජ (1T) , මුර්ශිඩ් සුබයිර් (2P,1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<