අභියෝගයට අභියෝග කරන්නට දිමුත් සූදානම්

273

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න ඔහු ඉදිරියේ තිබෙන අභියෝගය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටින බව ඊයේ (23) ලන්ඩන් නුවර පැවති ලෝක කුසලාන ක්‍රිකට් නායකයින්ගේ මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

පාකිස්තානුවන්ට එරෙහි වන ශ්‍රී ලංකා යොවුන් සංචිත නම් කරයි

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ………

ශ්‍රී ලංකාව යනු 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් කණ්ඩායමක් සේම 2017 හා 2011 යන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී අනුශූරතාවය දිනා ගත් කණ්ඩායමක්.

තරගාවලියේ සිටින අත්දැකීම් අඩුම නායකයා වන දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2015 වසරේ ලෝක කුසලානයේ දී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පසුගිය දා (21) පැවැත්වුණු ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35කින් ජයගෙන 1-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ දී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් දවාගෙන ඉතාමත් හොඳ දස්කම් දැක්වූයේ ලෝක කුසලානය සඳහා ඔහු සූදානම් බව හඟවමිනි.

“මම ගොඩක් ටෙස්ට් තරග හා දේශීය එක්දින තරග ක්‍රීඩා කරලා තිබෙනවා. නමුත් මම ජාත්‍යන්තර තලය තුල මෑතක දී ගොඩක් එක්දින තරග ක්‍රීඩා කළේ නැහැ ගැටලුවක් වෙන එක්ක නැහැ.” යැයි ලෝක කුසලාන ආරම්භ වීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී පැවති මෙම මාධ්‍ය හමුවේ දී  කරුණාරත්න පවසා සිටියේය.

“අපේ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව දන්නවා මම එක්දින තරග ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. දිගු වේලාවක් කඩුල්ලේ රැඳී ඉඳලා ලකුණු ගහගෙන ඉන්න ස්ථාවර ආරම්භක පිතිකරුවෙකු දැන් අපේ කණ්ඩායමට ඕන. ඒක නිසා මාව ඔවුන් තෝරාගත්තේ කියලා මම  හිතනවා.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාරත්න පවසා සිටියේය.

භයානකම කණ්ඩායම එංගලන්තය – කෝලි

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ…….

එම හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාරත්න මෙසේ පවසා සිටියා. “ලෝක කුසලානයක් ක්‍රීඩා කරන එක ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකු හීනයක්. වෙන තරගවලට වඩා මේ වගේ තරගවල දී හොඳට ඔලුවෙන් හිතලා වැඩ කරන්න ඕන. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරගාවලිය තුල දී අපේ කණ්ඩායම ඇඟට දැනෙන ලොකු වෙනසක් කරයි කියලා.”

“ක්‍රීඩා කරන තරග සියල්ලම ජය ගැනීම තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. තරගයෙන් තරගය සැලසුම් කරලා සෙල්ලම් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒක හිතන තරම් ලේසි වෙන එකක්නම් නැහැ කියලත් අපි දන්නවා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයේ සිටින ප්‍රබල තුරුම්පුවක් වන වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරි දින දෙක තුල කණ්ඩායම සමඟ එකතු වීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ජුනි 1 පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ආරම්භක තරගයේ දී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කරන බවත් කරුණාරත්න පවසන ලදි.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම …………..

“අපේ කණ්ඩායමට එංගලන්ත තණතීරු වල ක්‍රීඩා කරලා හොඳට පළපුරුද්ද තියෙනවා. අපේ එක් එක් ක්‍රීඩකයින්ගේ තියෙන හැකියාවන් ඒ වගේ තණතීරු වල හරියටම භාවිතා  කළොත් අපිට අපේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි.”

“මම අපේ පන්දු යවන්නන්ගේ ජවය වැඩි වෙන ලෙස හැමවෙලාවෙම ඔවුන්ව දිරිමත් කරනවා. එයත් එතරම් ලේසි නැහැ. නමුත්  අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සියලු කඩුලු දවා ගන්න අපි මාර්ගයක් හොයාගන්න ඕන.” යැයි ඔහු එම මාධ්‍ය හමුවේ දී අවසන් වශයෙන් පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකාව (24 – අද) සහ ඕස්ට්‍රේලියාව (මැයි 27) සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 01 වැනිදා නවසීලන්තය සමඟ කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<