කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

Kandy vs Colombo: Tribal warfare ලිපියේ සිංහල අනුවාදයකි.

344

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය පදනම් කරගෙන භූමිය කොටස් දෙකකට බෙදුණේ කාටත් නොදැනීය. සමාජ ආර්ථික කරුණු රාශියක් මත ඇතිවුණු මහනුවර හා කොළඹ තරගය ද අද ඊයේ ඇති වූවක් නොවේ.  

කන්ද උඩරට ඇති එකම ප්‍රධාන ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජය කිසිදු අපහසුවකින් තොරව අගනුවර ඇති සියලු ක්‍රීඩා සමාජ හතම මට්ටු කළා කිවහොත් එය නිවැරදියි. අගනුවර ප්‍රතිවාදීන්ට නිත්තවෙල සතුරු බළකොටුවක් බවට පත් වීමට එය තවත් හේතුවක්.

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන් සඳහා කණ්ඩායම් තේරිපත්ව අවසන්. කෙසේ නමුත් ශූරතාව ඩැහැගැනීම…

මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබලත්වය නිසාම අගනුවර ප්‍රේක්ෂකයින් සියලු දෙනාම පාහේ මහනුවර පරාජය වන්නේ කොයි වේලාවේ ද යන්න බලා සිටින්නේ මහත් අපේක්ෂා රැසක් සහිතවයි. මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයින් සුපුරුදු දක්ෂතාවලට ළඟා නොවීම, මහනුවර කණ්ඩායම පරාජය කිරීමට ඉතා ආසන්න වීම පවා ජයග්‍රහණයක් ලෙස ඔවුන් සමරන්නේ එබැවිනි.

මෑතකාලීන රග්බි පිටියේ උණුසුම්ම පුවත වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් මහනුවර ඔවුන්ගේ බළකොටුවේ දී ම පරාජය කිරීම ඔස්සේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ‘මහනුවර- විරෝධී’ ප්‍රේක්ෂකයින් දොරේ ගලා යන්නට පටන් ගත්තේ මහනුවරට පහර පිට පහර ගසමිනි.

ඒ සමඟම ‘ෆේස්බුක්’ විශාරදයින් හා ‘කීබෝඩ් වීරයින්’ කරළියට පැමිණියේ ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්.

ඇතැම් විට එය ඉතා දරුණු යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන් නමුත් තරගාවලිය ඉතා තරගකාරී වීම ඉතා විශේෂයි. ’විදෙස් ක්‍රීඩක’ හුටපටය මෙවර තරගාවලියේ ඉතා සුවිශේෂ සිදුවීමක්. යම් උණුසුම් සිදුවීම් කිහිපයක් හා පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක් නිසා ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් සහභාගිත්වය හා උනන්දුව ක්ෂණිකව ඉහළ යෑම ඉතාමත් වටිනා කරුණක්. එහි සියලු ගෞරවය අන්තර්ජාලය සතුයි.

වැදගත් හමුවීම් කිහිපයක්

හැව්ලොක් හා CR&FC අතර තරගය ඉතා විශේෂයි, විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වුණු තරගයේ ඉතා විශේෂ දෙයක් මගේ ඇස ගැටුණා. ඒ පසුබිමේ පාට. රෝස පාට.

ඒ ඇයි? ඒ පිටියේ හිස්ව තිබුණු ආසන තොගය නිසයි. ප්‍රධාන ක්‍රීඩාගාරයේ රැඳී සිටියේ ප්‍රේක්ෂකයින් අතලොස්සක් පමණයි. ප්‍රධාන ක්‍රීඩකාගාරයේ සඳහන් පරිදි “I can do all things through Christ that strengthens me”. ඔවුන්, ප්‍රේක්ෂකයින් බොහෝ විට සමන්විත වන්නේ ක්‍රීඩකයින්ගේ පවුලේ අය මිතුරන් හා ‘මරාගෙන මැරෙන’ රග්බි ප්‍රේක්ෂකයින් ටික දෙනෙක්ගෙන්.

කෙටියෙන් කියනවා නම් ප්‍රධාන පෙළේ රග්බි තරගයකට මෙය මහා විපතක්. විශේෂයෙන්ම සෑහෙන පැරණි සම්ප්‍රදායික ද්වන්ධ සංග්‍රාමයකට.  

යම් දෙයක් වෙනස් වෙන්න ඕන. ප්‍රේක්ෂකයින් සීමිතයි කියන්නේ ක්‍රීඩා සමාජවල ආදායමට දැඩි පහරක්. මහනුවර නිත්තවෙල ක්‍රීඩාපිටිය හැරුණු කොට අනික් සියලුම ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂක සහභාගිත්වය හාස්‍යජනකයි.

ගැටළුව

කෙටියෙන්ම කියනවා නම් – ප්‍රේක්ෂක සහභාගිත්වය. කම්මැලිකමට හෝ කාලය කා දමන්නට හැර ප්‍රේක්ෂකයින් තරග බලන්නට ක්‍රීඩා පිටියට පැමිණෙන්නේ නැහැ. ලොව වටා රග්බි ක්‍රීඩාව වෙනස් වුනත් දේශීය රග්බි පිටියේ කිසිදු වෙනසක් සිදු වුනේ නැහැ. රග්බි ක්‍රීඩාවක් සාමාන්‍ය ලෙස ක්‍රීඩා කිරීම ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නැහැ. මුදලක් ගෙවා ඇතුළු වන සියලු දෙනාට යම් කිසි විනෝදයක් ලබා ගන්නට අවස්ථාව තිබිය යුතුයි.  

මම ගැටලුව එසේ තබා ප්‍රේක්ෂක ආකර්ෂණය යලි දිනා ගැනීමට නම් කළ යුතු වෙනස්කම් වෙත යොමු වෙන්නම්.

කොළඹට එරෙහිව නුවර ඇරඹුණු තැන

තරු ක්‍රීඩකයින් පිරුණු මහනුවර කණ්ඩායමේ මහනුවර මෙන්ම කොළඹ ක්‍රීඩකයින් ද රැසක් සිටින බව නොරහසක්. මෙය වෘත්තීමය රග්බි ලීග්  තරගාවලියක්. ක්‍රීඩකයින් තමන්ට වැඩිම ආදායමක් ලැබෙන ස්ථානයට යෑම සියලු දෙනාට තේරුම්ගත හැකියි.

කිසිම කෙනෙක් පිනට ජිවත් වෙන්න කැමති නැහැ.

මහනුවර ක්‍රීඩකයින් නව ක්‍රීඩකයින් අල්ලා ගැනීමට එලා ඇති දැල ඉතා විශාලයි. යම් ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ෂතා මත කැපී පෙනෙන්නේ නම් ඔහුව මහනුවරට ගෙන ඒමට ඔවුන් කළ හැකි සියලු දෙයක්ම කරනවා. ඔව්! ඔවුන් එසේ කළ යුතුයි. වෘත්තීමය රග්බි ලීග් තරගාවලියක තමන්ගේ හිසේ සෙවණට ඇත්තේ තමන්ගේ අතම පමණයි.

මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් නෙළා ගැනීමේ දක්ෂතාව අගය කළ යුතුයි. ඔවුන්  වෘත්තීමය ලෙස ඉහළම ස්ථානයේ සිටීම නිසාම ඔවුන්ට එල්ල වන රැවුම් ගෙරවුම් ද ඉතා ඉහළයි. රටාවක් ලෙස ඔවුන් පාසල් රග්බි පිටියේ ඉතා ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් සිය කණ්ඩායමට එක් කරගැනීමට වඩා විභවයක් ඇති නමුත් කැපී නොපෙනුණු ක්‍රීඩකයින් කණ්ඩායමට ගෙන ඔවුන්ගේ දක්ෂතා ඉහළට ගැනීමට කැමැත්තක් දක්වනවා.

මම එම ක්‍රමවේදයේ හොඳ නරක ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඒ වෙනුවට කෙළින්ම අපි යමු ගැටලුව විසඳන ස්ථානයට.

එය ඉතා සරලයි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් දෙකක් හදනවා. බස්නාහිර පළාත් කණ්ඩායම හා මධ්‍යම පළාත් කණ්ඩායම. මම විශ්වාස කරනවා කණ්ඩායම් කොළඹ හා නුවර ලෙස නම් කරනවා නම් වඩා ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබේවි. මෙය ක්‍රීඩා සමාජ තත්වයෙන් එක් මට්ටමක් ඉහළ තත්වය වනු ඇති අතර ජාතික කණ්ඩායම් මට්ටමෙන් එක් තත්වයක් පහළ තිබේවි.

ක්‍රීඩකයින් තේරීම ක්‍රීඩකයින් උපන් ස්ථානය හා හැදී වැඩුණු ස්ථානය මත රඳා පවතීවි. උදාහරණයක් ලෙස මහනුවර හැදී වැඩුණු ක්‍රීඩකයින් රැසක් කොළඹ ක්‍රීඩා කරනවා සහ එහි ප්‍රතිවිරුද්ධ ලෙස කොළඹ හැදුණු ක්‍රීඩකයින් මහනුවර ක්‍රීඩා කරනවා. දිනුක් අමරසිංහ හා සුපිරි පන්දුවට පා පහර දෙන ක්‍රීඩක සැමුවෙල් මධුවන්ත මහනුවර ක්‍රීඩකයින් වුනත් ක්‍රීඩා කරන්නේ කොළඹටයි.

කණ්ඩායම් දෙක නැවත සකස් කර ක්‍රීඩකයින් බෙදා ගැනීමෙන් අනතුරුව අපිට දැක ගත හැකියි දිවයිනේ හොඳම ක්‍රීඩක සංකලනයන්. ඒ අනුව එකම ක්‍රීඩා සමාජයේ දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව සටන් වදීවී. ඇත්තෙන්ම ඉතා තරගකාරී වටාපිටාවක් තුළ ජාතික කණ්ඩායමට හොඳම 15 දෙනා තෝරා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ලැබේවි. විශේෂයෙන්ම තේරීම් කමිටුවට හොඳ එය සේවයක් කරාවි.

උදාහරණයක් ලෙස, ජනිදු දිල්ශාන් (රාජකීය – CR) ධනුෂ්ක රන්ජන් (සාන්ත පීතර – මහනුවර) හා එක්ව තරග දෙකක් ක්‍රීඩා කරයි. යොවුන් ක්‍රීඩකයාට විශිෂ්ටයාගෙන් ඉගෙන ගැනීමට හොඳ අවස්ථාවක්.

මෙයින් අපි ඕස්ට්‍රේලියාවේ ජාතික රග්බි ලීග් තරගාවලිය (NRL) අනුගමනය කරන්නේ නැහැ. නමුත් එම ක්‍රමය නිසා ලීග් තරගාවලිය ඇති විශිෂ්ට මට්ටමකට ළඟා වුනා. විශේෂයෙන්ම එය යලිත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාගාර වෙත ආකර්ෂණය කරාවි. සියලුම අනුග්‍රාහකයින් හා ප්‍රේක්ෂකයින් තමා ගෙවන මුදලට හොඳ වටිනාකමක් ලබා ගනීවි.

මම දකින ආකාරයට වසර ගණනක සිය කැකෑරෙන මෙම ප්‍රතිවාදී හැඟීම්වලට මෙය හොඳ වේදිකාවක්. ශ්‍රී ලංකා රග්බි මේ නව තරගාවලිය සංවිධානය කරත් නැතත් මම යෝජනා කරන්නේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ‘විප්ලවකාරි යමක් කළ යුතුමයි’.

මධුවන්තගේ කැපකිරීම් මහනුවර හමුවේ ව්‍යර්ථ වෙයි

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ කුසලාන කාණ්ඩයේ දෙවන තරගයේ දී, ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගත් මහනුවර ක්‍රීඩා…

සෑම වසරකම එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වීම නුවණක්කාර වැඩක් නොවේ. ඔබ කරන දේ වෙනස් කර ඔබට අවසන් ප්‍රතිඵලය වෙනස් කළ හැකියි. මදක් විප්ලවකාරී ලෙස හැසිරෙමුද?  

පසුව ලියමි – ඔබ භූගෝලය දන්නවානේ? අගනුවරින් හෝ මහනුවරින් පිට ක්‍රීඩකයින් තමාට ආසන්නම ප්‍රදේශයේ කණ්ඩායමට නම් කෙරේවී. කෙටිම පිළිතුර.  

*ඉහත අදහස් ලිපියේ මුල් රචකයාගේ (Boa Athu) අදහස් බව කරුණාවෙන් සලකන්න

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<