ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (10) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් විය. දින තුනක් පුරා පැවති තරග අවසානයේ සමස්ත බාලක ශූරතාව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගත් අතර සමස්ත බාලිකා ශූරතාව නාවල ජනාධිපති විදුහල් ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.

දෙවන දිනයේ දී තවත් තරගාවලි වාර්තා රැසක් අලුත් වේ

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (09) දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලියේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එච්. අබේසේකර ප්‍රසාද ලකුණු 820ක් රැස් කර ගනිමින් සම්මාන දිනාගත් අතර තරගාවලියේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සදිනි කවීෂා (884) සම්මාන දිනා ගත්තාය.

තරගාවලියේ උද්වේගකරම ඉසව්ව වූ සහය දිවීමේ බාලක අංශයේ ශූරයින් ලෙස මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සම්මාන දිනූ අතර බාලිකා ශූරියන් ලෙස හලාවත කාර්මෙල් බාලිකා විදුහල සම්මාන දිනා ගන්නා ලදි.

තරගාවලියේ තෙවන හා අවසන් දිනය වූ අදත්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උද්වේගකර ලෙස තරගවලට සහභාගී වූ අතර පෙර දිනවල මෙන්ම අදත් නව තරග වාර්තා කිහිපයක්ම බිහි වීම කැපී පෙනුනි.

දිනයේ පළමු තරග වාර්තාව පිහිටුවීමට වයස අවුරුදු 15න් පහළ බාලක මීටර් 100 අවසන් තරගය තත්පර 12.5කින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත්තේ එච්. එස්. මල්වාන්න විසිනි. අංක 229 යටතේ තරග කළ ඔහු ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරන ලදි.     

පළමු දිනය අවසානයේ නව තරගාවලි වාර්තා 3ක්

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

වයස අවුරුදු 13න් පහළ මීටර 100 බාලිකා අවසන් තරගය තත්පර 14.8කින් නිමාකර නව තරගාවලි වාර්තාවක් ද සමඟින් එම ඉසව්ව ජය ගැනීමට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ රුවන්සා වීරක්කොඩි සමත් විය.

ඉතා උද්වේගකර  ඉසව්වක් වූ වයස අවුරුදු 14න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් බිහි විය. මීටර 1.45ක උසක් වාර්තා කරමින් ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උදිල් විද්සරිත් එම වාර්තාවට හිමිකම් කීය.

වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීම ඉසව්ව මීටර 5.30ක දුරක් වාර්තා කරමින් ජය ගත් බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එච්. අබේසේකර ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.          

ඉතා උණුසුම් ඉසව්වක් වූ වයස අවුරුදු 15න් පහළ 100X4 සහය දිවීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්  බිහි කිරීමට කොළඹ සාන්ත ජෝසප් විදුහල් සහය දිවීමේ කණ්ඩයම සමත් විය.

මීටර 400 ධාවන ඉසව්වෙන් නව තරගාවලි වාර්තා කිහිපයක් බිහි වීම විශේෂ කරුණක් විය. 15න් පහළ බාලිකා කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනූ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කේ. එස්. එදිරිසිංහ මිනිත්තු 1 තත්පර 7ක කාලයකින් එම ඉසව්ව නිමා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

වයස 15න් පහළ බාලක කාණ්ඩයේ  අවසන් තරගය තත්පර 58.8කින් අවසන් කළ ගොඩගම ආනන්ද ශාස්ත්‍රාලයේ අයි. කේ. බී. අබේවර්ධන තවත් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

14න් පහළ බාලක කාණ්ඩයේ ඉසව්ව තත්පර 62කින් නිමා කළ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඩී. ඒ. ජයසුන්දර මෙම කාණ්ඩයේ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

තවද වයස අවුරුදු 12න් පහළ කාණ්ඩයේ 100X4 සහය දිවීමේ බාලක ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයෝ සමත් විය. තත්පර 58.5කින් එම ඉසව්ව අවසන් කළ ඔවුන් එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා විට මාතර රාහුල විදුහල හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගනු ලැබීය.

විශිෂ්ටයින්ගේ ශූරතාවය MAS කණ්ඩායමට

වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය (MAF) විසින් 34 වැනි වරටත් සංවිධානය කරන ලද “2017 වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවලිය”, ඔක්තෝබර් 20 සිට 22 දක්වා දියගම මහින්ද…

තත්පර 52.0 ක කාලයක් වැය කරමින් කුරුණෑගල සර් ජෝන් මධ්‍ය විද්‍යාලය වයස අවුරුදු 14න් පහළ 100X4 සහය දිවීමේ ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. කොළඹ සාන්ත පීතර විදුහල හා මාතර රාහුල විදුහල පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා  ලදි.

දිනයේ උද්වේගකරම හා උණුසුම්ම ඉසව්ව වූ වයස අවුරුදු 15න් පහළ 400×4 ඉසව්වෙන් නව තරග වාර්තාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සමත් විය. මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් තරගය නිමා කිරීමට වැය කළේ මිනිත්තු 4යි තත්පර 15ක් පමණි.

තෙවැනි දිනයේ ලකුණු සටහන :

Sir John Tarbet Athletic  Championships – 2017  
at Diyagama Mahinda Rajapaksa Stadium  
on 8th, 9th and 10th November 2017  
           
FINAL RESULTS – Records
New Meet Record 22
U 15 Boys 100M 11.1 H.S. Malwanna Mahinda  College  – Galle * NMR
U 15 Boys 200M 22.6 H.S. Malwanna Mahinda  College  – Galle * NMR
U 15 Boys 400M 51.1 I.K.B. Abewardana Ananda  Sastralaya  National Sch. –  Matugama * NMR
U 15 Boys 800M 2:04.9 G.D.L. Avishka Gurusinghe Senanayake Col   – Madampe * NMR
U 15 Boys Long  Jump 6.52 W.H.H.M. Abeysekara Siddartha M.M.V. – Balapitiya * NMR
U 15 Boys Diacuss Throw 53.23 Suseenthirakumar Mithunraj Hartley Col – Point pedro * NMR
47.61 J.V.S. Nimantha  Eduranga Rathnaloka M.V. – Rakwana * BPR
U 15 Boys 4x100M 46.3 St. Joshep’s Col. – Col. 10 * NMR
U 15 Boys 4x400M 3:44.3 Marisstella Col. – Negombo * NMR
U 14 Boys 400M 55.1 D.A.R.S. Jayasundara Sir John Kotalawala M.V.-Kurunegala * NMR
U 14 Boys High Jump 1.75 Udil  Vidsarith Darmapala Vidyalaya – Pannipitiya * NMR
U 14 Boys 80M Hurdles 11.5 W.G. Nadiw  Dulnith Rahula  College – Matara * NMR
11.7 KS Siriwardana Sivali CC – Ratnapura * EMR
U 14 Boys 4x100M 47.8 Sir John Kothalawala MV – Kurunegala * NMR
48.3 St. Peter’s College – Col. 04 * BPR
48.4 Rahula College – Matara * BPR
48.6 St. Joshep Col. – Anuradhapura * BPR
U 12 Boys 4x100M 54.7 Trinity College – Kandy * BPR
55.1 Rahula College – Matara * BPR
U 15 Girls 400M 59.1 K.S. Edirisinghe Janadipathi  Balika  Vid – Nawala * NMR
U 15 Girls Long jump 5.47 S.H. Sadini Kaveesha Vijitha C.C. – Dickwella * NMR
U 15 Girls Discuss Throw 35.46M W.K. Heshani  Maheshika St. Sebastian’s  B.M.V. – Kandana *NMR
U 14 Girls 200M 26.4 W.V.R.G. Wijethunga Ananda  Balika  Vid. – Colombo  10 * NMR
U 14 Girls 80M Hurdles 12.7 Sec S.D. Kahangama  Sumana Balika  Vidyalaya – Rathnapura *NMR
13.1 BHCD Wijayakumara Kularathna CC – Godakawela * BPR
13.5 Maithri  Peiris Ladies  College – Colombo  07 * BPR
13.6 L.G.A. Sathsarani  Sumana Balika  Vidyalaya – Rathnapura * EMR
U 13 Girls 100M 13.00 P.A.D. Ruwansa  Weerakkodi Janadipathi  Balika  Vid – Nawala *NMR
U 13 Girls Long Jump 4.88 M P.A.D. Ruwansa  Weerakkodi Janadipathi  Balika  Vid – Nawala *NMR
U 13 Girls 80M Hurdles 13.9 K.G. Tharushi  Hansika Vijitha  Central College – Dickwella * NMR
U 13 Girls 200M 26.7 P.A.D. Ruwansa  Weerakkodi Janadipathi  Balika  Vid – Nawala * NMR
28.1 Dhanani R. Kodithuwakku Jenings Int. School – Nainamadama * BPR
28.2 Shanella  Seneviratne Lyceum  International  School – Nugegoda * BPR
28.6 W.A. Adarsha  Malki St. Anne’s  Balika  M.V. – Wattala * BPR
28.7 P. Dinithi  Mekala  Kahawaththa  C.C. * BPR
28.8 M.S.S. Vihanga  Vijaya   N.S. – Matale * EMR
Equal  Meet Record 02
U 14 Boys 100M 11.7 D.A.R.S. Jayasundara Sir John Kotalawala M.V.-Kurunegala * EMR
U 13 Boys 200M 25.6 W.K.G. Wickramasinghe Swarna  Jayanthi M.V. – Kegalle * EMR

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට