නවසීලන්ත ක්‍රිකට් ආචර්ගෙන් සමාව අයදියි

90
New Zealand's Neil Wagner (R) celebrates after dismissing England's Jofra Archer (L) during the fifth day of the first cricket test between England and New Zealand at Bay Oval in Mount Maunganui on November 25, 2019. (Photo by DAVID GRAY / AFP)

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (25) මවුන්ට් මන්ගුවානි හිදී නිමා වූ  පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් හට තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙක් විසින් ජාතිවාදය හා සම්බන්ධ දෑ පවසමින් බැන වැදී තිබෙන බව වාර්තා වේ.

ඉතිහාසගත ද්විත්ව ශතකය සමඟින් නවසීලන්තයෙන් බර ලකුණු පුවරුවක්

ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් ලෙසින් සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත…

මෙම තරගයේ දී  ආචර් එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් පන්දු 50ක දී ලකුණු 30ක් වාර්තා කළ නමුත් ඔවුන්ගේ කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔහුගේ ඉනිම ප්‍රමාණවත් නොවීය.

වයස අවුරුදු 24ක් වන ආචර් පිතිකරණයේ නිරත වන විට ප්‍රේක්ෂකයින් අතර සිටි එක් ප්‍රේක්ෂකයෙක් ඔහුගේ ජාතිය (කළු ජාතික) පිළිබඳව විවිධ අදහස් පවසමින් විලාප දී ඇත.

ඒ සඳහා නවසීලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආචර්ගෙන් සමාව ඉල්ලා තිබේ. “එම ස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරීන් හට වැරදිකරු සොයා ගැනීමට නොහැකි වී තිබේ. එසේ වුවත් ඒ සඳහා වගකිව යුතු පුද්ගලයා හඳුනා ගැනීම සඳහා නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් CCTV දර්ශන පරීක්ෂා කර හෙට (26) වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් ඉන්නවා.” නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන ලද මාධ්‍ය නිවේදනයේ එසේ සඳහන් විය.

බාබර්ගේ සටන්කාමි ශතකය අපතේ හරිමින් ඕස්ට්‍රේලියාව ජය ගනියි

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ…

නවසීලන්ත නීතියට අනුව අසභ්‍ය හෝ අපහාසාත්මක වදන් යොදා ගනිමින් යම් පුද්ගලයෙකුට අපහාසයක් වන අයුරින් හැසිරීම බරපතළ වරදක් වන අතර ඒ සඳහා කිසිදු සහනයක් නොලැබේ.

මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන නවසීලන්ත පොලීසිය වෙත ලබා දී වරදකරු සොයා ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවත්, මීළඟ තරගයේ දී මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනය ද මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ආචර් මේ පිළිබඳව සිය නිල Twitter ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

එංගලන්තය හා නවසීලන්තය අතර පැවති මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද (25) සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා (29) හැමිල්ටන් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<