තවත් විදේශීය රග්බි විනිසුරුවරයෙකුගේ සහාය

172

මෙවර ඩයලොග් රග්බි ලීගයේ “සුපිරි වටය” ආරම්භ වීමට පෙර පවත්වන තරග දෙකක් සඳහා ජපන් ජාතික විනිසුරුවරයෙකු වන Tasuku Kawahara මහතාගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත.

හැව්ලොක්-මහනුවර තරගයේ වෙනසක්

මෙවර ඩයලොග් ලීගයේ විදුලි ආලෝකය මධ්‍යයේ (Under Lights) පැවැත්වීමට නියමිත වූ හැව්ලොක් …

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කරන හැව්ලොක් -මහනුවර තරගයේ මෙන්ම 6 වැනි ස්ථානය සඳහා තරග වදින පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ ද Tasuku Kawahara මහතා විනිසුරු ලෙස කටයුතු කරනු ඇත.

Tasuku Kawahara මහතා ජපානයේ ජාතික විනිසුරුවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම Asia Panel ‘A’ හි ද සාමාජිකයෙකි.

මෙවර ලීගයේ සුපිරි වටය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක තරග වදින බැවින් මෙම තරගය විශේෂිත තරගයක් වනු ඇත. මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ එක් ලකුණකින් හැව්ලොක් ක්‍රීඩා සමාජය දෙවන ස්ථානයට පත් කරමිනි.

අනුරාධපුරයෙන් පැමිණ කොළඹ 7 හොල්ලන අනුරාධ හේරත්

අනුරාධපුරයෙන් කොළොම් තොටට පා තබා වසර තුනකින් සුපිරි රග්බි තරුවක් වූ ක්‍රීඩකයෙක් පිළිබඳ …

පසුගිය සතියේ පැවති තරග දෙකක් වන CH&FC කණ්ඩායම සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගය මෙන්ම CR&FC කණ්ඩායම සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය ද විදේශීය විනිසුරුවරයෙකු වූ Lawrence Wilkinson මහතාගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර තිබුණි

කෙසේ නමුත් ඩයලොග් රග්බි ලීගයේ තමන් විනිසුරු ලෙස කටයුතු කරන ප්‍රථම තරගය ලීගයේ ඉතා උණුසුම් තරගයක් වීම Tasuku Kawahara මහතාට අත්දැකීමක් ගෙන ඒමට සමත් වනු ඇත

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<