අවිශ්ක සහ කමිඳු අයර්ලන්තය නැවත හඬවයි

2496

අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් ඉදිරියේ අසරණ වූ සංචාරක අයර්ලන්ත ක්‍රීඩකයෝ අද (26) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ සිව්වැනි නිල නොලත් එක්දින තරගයෙන් ලකුණු 202ක පරාජය ලැබූහ. ඒ අනුව ඔවුන් මෙතෙක් පැවති තරග 4 පරාජයට පත්වී තරගාවලි 4-0ක් ලෙසින් පසු බා සිටී.    

මිනෝද් භානුකගේ ශතකය ජයග්‍රහණයෙන් සැමරේ

මිනෝද් භානුක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් ලබා ගත්…..

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 356ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණි. ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 116ක් ම ඉතිරිව තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයත්, ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් ප්‍රතිවාදීන්ට මහත් හිසරදයක් වන්නට ඇත. පන්දු යැවීමේ දී කමිඳු මෙන්ඩිස් සහ ඉසුරු උදාන දැක්වූ දක්ෂතා ද ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණමට හේතු විය.

අවිශ්ක ප්‍රනාන්දු සහ උපුල් තරංග අද තරගයේ ද ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කළ අතර ඔවුන්ට පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 18ක් පමණි. උපුල් තරංගට මෙම තරගයේ දී ද වැඩි දායකත්වයක් කණ්ඩායමට ලබා දීමට හැකි වූයේ නැත. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11කි.

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සබඳතාවක් ගොඩ නගමින්  ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය තැනකට ගෙන ආහ. මිනෝද් භානුක පන්දු 42කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගෙන තම ඉනිමට තිත තැබුවේ ය.

ශ්‍රී ලංකා වේගපන්දු බලාපොරොත්තුවකට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා…..

අසේල ගුණරත්නට කණ්ඩායමේ උසස් වීමක් ලබා දෙමින් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට කැඳවූව ද ඔහුට විශ්වසනීය සේවයක් ඉටු කිරීමට ලැබුණේ නැත. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 146ක් වෙද්දී අසේල ගුණරත්න තෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 9කට දැවී ගියේය.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 96ක් එක් වෙද්දී මිලින්ද සිරිවර්ධන පන්දු 24ක දී ලකුණු 28ක් ද සහ දසුන් ශානක පන්දු 21ක දී ලකුණු 15 ද එකතු කරමින් දැවී ගියහ. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 251ක් වෙද්දී එතෙක් ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූ අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේය. අවිශ්ක පන්දු 118කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර  7ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තේ ය.

Photo Album – Ireland A Team Tour to Sri Lanka 2018/19 | 4th ODI

එතැන් සිට ක්‍රියාත්මක කෙරුණ අවසන් පන්දුවාර 10 ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් යටතට පත්විය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර අවසන් වන විට 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 105ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී ඇන්ජලෝ පෙරේරා පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේ ය.

අනෙක් අන්තයෙන් නැංගුරම් ලා සිටි කමිඳු මෙන්ඩිස් පන්දු 32කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සිමි සිං ලකුණු 39කට කඩුලු 2ක දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග….

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ගේ ආරම්භය සම්පූර්ණයෙන්ම වනසා දැමීමට ඉසුරු උදාන සමත් විය. ඉනිමේ 5 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ ඉසුරු පිට පිට පන්දු දෙකක දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට සමත් විය.

සැකෙන් බියෙන් පන්දුවට පහර දුන් තුන් වැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 24කි. අයර්ලන්ත ඉනිමේ 15 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4කට 78ක් ලෙසිනි.

අනතුරුව පිටියට පිවිසි කිසිදු ක්‍රීඩකයෙක්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. එතැන් සිට දැවී ගිය කඩුලු අතුරින් ලකුණු 20ක් ලබා ගත්තේ ජේම්ස් කැමරන් ය. ඔහු පන්දු 18කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කළේය. ඔහු අවසන් කඩුල්ල වෙනුවෙන් පීටර් චේස් හා එක් වෙමින් ලකුණු 27ක සබඳතාවක් ගොඩ නැගූහ.

කඩුලු ලබා ගැනීමේ දී ඉසුරු උදාන ලකුණු 33කට කඩුලු 3ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 34කට කඩුලු 3ක් ද දවා ගත් අතර චතුරංග ද සිල්වාට හිමි වූ කඩුලු සංඛ්‍යාව දෙකකි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 356 (50) අවිශ්ක ප්‍රනාන්දු 139, මිනෝද් භානුක 34, මිලින්ද සිරිවර්ධන 28, ඇන්ජලෝ පෙරේරා නොදැවි 56, කමිඳු මෙන්ඩිස් නොදැවී 50, සිමි සිං 2/39

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 151 (30.4) සිමි සිං 31, ලෝකන් ටකර් 19, ජේම්ස් කැමරන් 20, ඉසුරු උදාන 3/33, චතුරංග ද සිල්වා 2/39, කමිඳු මෙන්ඩිස් 3/34

දෙරට අතර පැවැත්වෙන අවසාන සහ 5 වැනි නිල නොලත් එක්දින ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<