හිටපු ප්‍රිමියර් ලීග්‍ ශූරයින්ට වෘක ප්‍රහාරයක්

72

සුපිරි තරගයක් අවසානයේ Wolverhampton Wanderers කණ්ඩායම ගෝල 3-2ක් ලෙස ප්‍රබල Manchester City කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. ඒ ගෝල 2-0 ක් ලෙස පසුපසින් හිඳ පසුව City ලකුණු පුවරුව හඹා එමින්.  

නත්තලින් පසුව Man Utd හා Liverpoolට දැවැන්ත ජයග්‍රහණ

නත්තල් විවේකයෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පිටිය නැවතත් ඉතා උණුසුම් වුනා. ඒ ඊයේ (26) පැවති…

12 වැනි මිනිත්තුවේ දී Ederson හට රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියාත්මක වූයේ Man City කණ්ඩායමට ප්‍රබල අවාසියක් ගෙනෙමින්. ඒ ඔහු Diogo Jota හට දඬුවම් පහර චතුරශ්‍රයෙන් පිටත බාධා කිරීමක් සිදු කළේ යැයි පවසමින්.  

කෙසේ වෙතත් ඊට මිනිත්තුවකට පසුව City කණ්ඩායම තරගයේ පෙරමුණ ගත් අතර Rui Patricio දඬුවම් පහරක් බේරීමෙන් අනතුරුව නැවත පැමිණි පන්දුව Raheem Sterling දැල් ගත කළා.  

Sterling දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු පහකට පසුව දෙවන City ගෝලයත් වාර්තා කරන්නට සමත් වුනා. කෙසේ වෙතත් සටන අත් නොහැරී Adama Traore, 55 වන මිනිත්තුවේ දී ප්‍රබල ප්‍රහාරයකින් පළමු Wolverhampton ගෝලය වාර්තා කළා.   

Traore ඉන් පන්දුව Benjamin Mendyගෙන් උදුරා ගෙන Raul Jimenez ට යොමු කළ අතර තරගයේ මිනිත්තු අටක් ඉතිරිව තිබිය දී ඔහු තරගයේ ගෝල සම කළා.   

ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමා වූ City කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් 89 වැනි මිනිත්තුවේ දී  Matt Doherty පන්දුව ගෝල රාමුව තුළට යොමු කළේ තරගයට පෙරළිකාර අවසානයක් ගෙනෙමින්.  

අවසන් ලකුණු තත්වය: Wolverhampton Wanderers 3- 2 Manchester City

ගෝල වාර්තා  කළ ක්‍රීඩකයෝ

  • Wolverhampton Wanderers – Adama Traoré 55′, Raúl Jiménez 82′, Matt Doherty 89′ 
  • Manchester City – Raheem Sterling 25′, 50′  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<