Real Madrid හට අවාසනාවන්ත තරගයක්

72

එංගලන්ත Premier League තරගාවලියේ සහ ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 18 වැනි සතියේ හා ප්‍රංශ Ligue 1 තරගාවලියේ 19 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (22) දිනයේ දී පැවැත්විය.

Tottenham රතු කාඩ්පතෙන් Chelseaට ජය

එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Chelsea සහ Tottenham Hotspur කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට Chelsea ක්‍රීඩකයින් සමත් විය. 

තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ Chelsea ක්‍රීඩකයින් Tottenham ආරක්‍ෂක ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට වූ අතර තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් තුළ ඔවුන් සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී Mateo Kovacic ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Willian da Silva විසිනි. 

අනතුරුව පළමු අර්ධය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී Tottenham ගෝල රකින ක්‍රීඩක Paulo Gazzaniga විසින් සිය ගෝල රාමු කලාපය තුළ Marcos Alonso හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Chelsea හට ‘VAR’ හරහා දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබාගත් Willian එහි දී පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් ඔහුගේ මෙන්ම සිය කණ්ඩායමේ ද තරගයේ දෙවන ගෝලයට හිමිකම් කියන්නට සමත් විය.

පසුව දෙවන අර්ධයේ දී Tottenham ක්‍රීඩක Son Heung-min විසින් Antonio Rudiger හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ‘VAR’ හරහා ඔහුට ‘violent conduct’ වෙනුවෙන් සෘජු රතු කාඩ්පතක් පිරිනැමුණු අතර ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-0ක ජයක් හිමිකර ගන්නට Chelsea ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Chelsea 2 – 0 Tottenham Hotspur

ගෝල ලාභීන් 

  • Chelsea – Willian da Silva 12’, 45+4’ (P)

Manchester United නැවතත් අසාර්ථකයි

Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ Watford කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 0-2ක පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Watford ක්‍රීඩකයින් සමත් විය. 

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගැනීමට සමත් වූයේ නැත.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් තුළ ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක Isaac Success විසින් Watford පළමු ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය. 

Christian Kabasele ලබා දුන් පන්දුවකට Success එල්ල කළ වේගය අඩාල වූ පහර Manchester United ගෝල රකින ක්‍රීඩක David de Gea ඉතා පහසුවෙන් රැකගත යුතුව තිබුනත් එහි දී පන්දුව ඔහුගේ දෑත් තුළින් ගෝල රාමුව තුළට යොමුවීමෙන් එම ගෝලය වාර්තා විය. 

ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16ය මෙන්න!

ශූරයින්ගේ ලීග් තරගාවලියේ පළමු වටයට අවසන් කරමින්……….

අනතුරුව Manchester United ක්‍රීඩක Aaron Wan-Bissaka විසින් සිය ගෝල රාමු කලාපය තුළ Ismaila Sarr හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Watford හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබා ගත් Troy Deeney එහි දී පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කරගැනීමට අසමත් වූ අතර ඒත් සමඟම මෙම තරගයෙන් ගෝල 2-0ක තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන Watford සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester United 0 – 2 Watford

ගෝල ලාභීන් 

  • Watford – Isaac Success 50’, Troy Deeney 54’ (P)

Atletico Madridට තියුණු ජයක්

ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය යටතේ ප්‍රබල Atletico Madrid සහ Real Betis කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට Atletico Madrid ක්‍රීඩකයින් සමත් විය. 

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් කිසිවෙකුත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක Angel Correa තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් Atletico Madrid තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී නැවතත් ක්‍රියාත්මක වූ Correa පන්දුව මෙම අවස්ථාවේ දී Alvaro Morata වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායමේ දෙවන ගෝලයට හිමිකම් කියනු ලැබීය. 

තරගයන් අවසන් වන්නට පෙර Alexandre Moreno ලබා දුන් පන්දුවක් හරහා Marc Bartra විසින් Real Betis වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගන්නට සමත් වුවත් එය Atletico Madrid ජයග්‍රහණය වළකාලන්නට ප්‍රමාණවත් වූයේ නැත. 

ඒ අනුව මෙම තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ප්‍රබල Atletico Madrid සමත විය. 

සම්පූර්ණ කාලය: Atletico Madrid 2 – 1 Real Betis

ගෝල ලාභීන් 

  • Atletico Madrid – Angel Correa 58’, Alvaro Morata 84’ 
  • Real Betis – Marc Bartra 90+3’

Real Madrid – Athletic Bilbao උණුසුම් ගැටුම ජය-පරාජයෙන් තොරයි

La Liga තරගාවලිය යටතේ ප්‍රබල Real Madrid සහ Athletic Bilbao කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 0-0ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

තරගය පුරාවට Real Madrid ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දී ම ගෝලයක් වාර්තා කරගන්නට ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

එහි දී අවස්ථා තුනක දී ඔවුන් එල්ල කළ පහරවල් ගෝල රාමුවේ වැදී ඉවතට යාම අවාසනාවන්ත සිදුවීමක් විය. ඒ අනුව Toni Kroos, Nacho Fernandez සහ Luka Jovic එල්ල කළ පහරවල් තුනක් එසේ ගෝල රාමුවේ වැදී ඉවතට යොමුවන්නට විය. 

අනෙක් පසින් Athletic Bilbao ක්‍රීඩකයින් හට ද ගෝල වාර්තා කරගන්නට ලැබුණු අවස්ථාවන් සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් අසමත් වූ අතර Kenan Kodro විසින් එක් අවස්ථාවක දී ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එය වාර්තා කරගැනීමේ දී ‘offside’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත. 

ඒ අනුව තරගය අවසන් වන විට කිසිඳු කණ්ඩායමක් ගෝලයක් වාර්තා කරගැනීමට අපොහොසත් වීමත් සමඟ මෙම තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය. 

සම්පූර්ණ කාලය: Real Madrid 0 – 0 Athletic Bilbao

PSGට පහසු ජයක්

ප්‍රංශයේ Ligue 1 තරගාවලිය යටතේ ප්‍රබල Paris Saint-Germain (PSG) සහ Amiens SC කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් වාර්තා කරගන්නට PSG ක්‍රීඩකයින් සමත් විය. 

PSG හට සාර්ථක ආරම්භයක් හිමිකර දෙමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනු ලැබුවේ Neymar Jr ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළ Kylian Mbappe විසිනි. 

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Neymar විසින් Mauro Icardi ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගනු ලැබීය. 

පසුව නැවතත් ක්‍රියාත්මක වූ Mbappe විසින් Angel Di Maria ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ කණ්ඩායමේ තෙවන ගෝලය මෙන්ම සිය දෙවන ගෝලය ද හිමිකර ගන්නට සමත් විය. 

පසුව Amiens SC ක්‍රීඩක Stiven Mendoza විසින් Fousseni Diabate ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනු ලැබීය. 

කෙසේ නමුත් තරගය අවසන් වන්නට පෙර ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ සිය නම සටහන් කරගත් PSG ක්‍රීඩක Icardi විසින් Juan Bernat ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ PSG හට මෙම තරගයෙන් ගෝල 4-1ක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 4 – 1 Amiens SC

ගෝල ලාභීන් 

  • PSG – Kylian Mbappe 10’, 65’, Neymar Jr 46’, Mauro Icardi 84’
  • Amiens SC – Stiven Mendoza 70’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<