Lionel Messiගේ සුපිරි දස්කම් නිසා Barcelonaට ජය

84

Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වයේ සවියෙන් Real Valladolid ගෝල 5-1ක් ලෙස පරාජය කරන්නට Barcelona ක්‍රීඩා සමාජය ඊයේ (29) සමත් වුනා. Messi සිය සුපිරි ගෝල ද්විත්වයට අමතරව තවත් ගෝල දෙකක් සඳහා ද සහයෝගය ලබා දීම විශේෂත්වයක් වුනා.

Clement Lenglet ගුවනේ පැමිණි පන්දුවක් හරවා ගෝල රාමුව වෙත යොමු කරමින් පළමු Barcelona ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත් මිනිත්තු 15ක් ගෙවී යන්නට මත්තෙන් Kiko තරගයේ ගෝල සම කළේ Barcelona ගෝල රකින ක්‍රීඩක Marc-Andre ter Stegen නිදහස් පහරක දී වැඩ වරද්දා ගැනීම නිසාවෙන්. 

United කලකට පසු සාර්ථක වෙද්දී Arsenal නැවතත් අසාර්ථකයි

එංගලන්ත Premier League තවත් වැදගත් උණුසුම් සතියේ තරග ……

Messiගේ මායාවෙන් තරගය වෙනස් වූ අතර ඔහු අලංකාර ලෙස දඬුවම් පහර චතුරශ්‍රයට එල්ල කළ පන්දුව ලබා ගත් Arturo Vidal කවාකාර ප්‍රහාරයකින් Barcelona ලකුණු පුවරුව දෙගුණ කළා. අනතුරුව ලැබුණු නිදහස් පහරකින් Messi අලංකාර ලෙස පන්දුව ගෝල රාමුව තුළට එල්ල කළේ ලකුණු පුවරුව 3-1ක් බවට පත් කරමින්. 

Ivan Rakiticගේ පන්දු හුවමාරුවක් ලබාගෙන ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයා නොමඟ යවමින් ගෝල රාමුවේ පහළින් කෙළවරින් Messi සිය දෙවන ගෝලය වාර්තා කළ අතර Messi ගේම පන්දු හුවමාරුවක් උපයෝගී කරගෙන Luis Suarez තරගයේ අවසන් ගෝලය වාර්තා කරන ලදි. 

අවසන් ලකුණු තත්වය: Real Valladolid 01 – 05 Barcelona

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Clément Lenglet (2′) Arturo Vidal (29′) Lionel Messi (34′, 75′) Luis Suárez (77′)
  • Real Valladolid – Kiko (15′)

Atletico Madrid පහසු ජයක් වතුරේ යවයි

Lucas Perez අවසන් මොහොතේ වාර්තා කළ සුපිරි ගෝලය නිසා Atletico Madrid කණ්ඩායමට Deportivo Alaves සමඟ ගෝල 1-1ක් ලෙස ජය පරාජය බෙදා ගන්නට සිදු වුනා. ඒ අනුව ඔවුන්ට La Liga ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට යන්නට තිබුණු අවස්ථාවත් අහිමි වුනා.  

United කලකට පසු සාර්ථක වෙද්දී Arsenal නැවතත් අසාර්ථකයි

එංගලන්ත Premier League තවත් වැදගත් උණුසුම් සතියේ තරග …..

70 වැනි මිනිත්තුවේ දී Alvaro Morata වාර්තා කළ සුපිරි ගෝලයක් නිසා ගෝල 1-0ක් ලෙස Atletico තරගයේ ඉදිරියෙන් සිටි නමුත් 83 වැනි මිනිත්තුවේ දී Perez තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා.  

පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර Alaves කණ්ඩායම දීර්ඝ පන්දු ප්‍රහාර වෙත යොමු වුනත් එම අවස්ථා සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Atletico Madrid 1 – 1 Deportivo Alaves 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Alvaro Morata (70′)
  • Deportivo Alaves – Lucas Perez (83′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<