කෝලිගේ පිත්ත තවත් වාර්තාවකට ඔහුව රැගෙන යයි

101

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලි දකුණු අප්‍රිකානු සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී වාර්තා කළ ද්විත්ව ශතකය ඉන්දීය ලකුණු පුවරුව 601ක් බවට පත්කළේය. 

එම ද්විත්ව ශතකය කෝලිගේ හත්වැනි ද්විත්ව ශතකය වන අතර ඒ සමඟින් ඔහු ද්විත්ව ශතක ලැයිස්තුවේ සචින් තෙන්දුල්කාර් හා රිකී පොන්ටිං පසුකර යාමට සමත් විය. 

ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙදෙනෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ඇරයුම්

2019 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ….

ඉන්දීය දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරගය පූනේ හිදී ආරම්භ වූ අතර එහි දෙවන දිනයේ අවසන් සැසියේ දී කෝලි තම ද්විත්ව ශතකය වාර්තා කළේය. කෝලිට අමතරව ද්විත්ව ශතක හතක් වාර්තා කිරීමට එංගලන්තයේ වැලී හැමොන්ඩ් හා ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සමත්ව ඇත. 

විරාත් කෝලි ද්විත්ව ශතක ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට ළඟා වූයේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (12), කුමාර් සංගක්කාර (11), බ්‍රයන් ලාරා (09) ට පසුවය. ටෙස්ට් ද්විත්ව ශතක 6ක් ලබා ගැනීමට සචින් තෙන්දුල්කාර්, යුනිස් ඛාන්, රිකී පොන්ටිං, ජාවේඩ් මියන්ඩාඩ්, විරේන්ද්‍ර ශෙවාග් හා මාවන් අතපත්තු සමත්ව සිටියහ. ටෙස්ට් ද්විත්ව ශතක ලැයිස්තුවේ මේ වන විට ක්‍රීඩාවෙන් සමුනොගත් එකම ක්‍රීඩකයා බවට කෝලි පත්ව ඇත. 

විරාත් කෝලි තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 81ක් පමණක් වන අතර එහි දී ඔහු ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් විය. එහි දී ඔහු සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ලකුණු සංඛ්‍යාව පසුකර ගිය අතර සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ටෙස්ට් තරග 52ක දී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 6996කි. 

විරාත් කෝලි තම ශතකය සමරමින්

විරාත් කෝලි මෙම ලකුණු  7000 වාර්තා කිරීමට ගත කළේ ටෙස්ට් තරග 81ක් පමණක් වන අතර එය ලොව පිතිකරුවෙකු වාර්තා කළ සිව්වැනි අවම ඉනිම් සංඛ්‍යාව ලෙස වාර්තා විය. 

එහි දී විරාත් කුමාර් සංගක්කාර, සර් ගැරී සෝබර්ස් සම කළ අතර ඔවුන් එම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ඉනිම් 138කිනි. වැලී හැමොන්ඩ් ඉනිම 131ක දී ලකුණු 7000ක් වාර්තා කර තිබුණි. 

විරාත් කෝලි මෙම ද්විත්ව ශතක 7 වාර්තා කර ඇත්තේ පසුගිය 2016 වසරේ ජූලි මාසයේ සිට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 40ක දී වන අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 67ක් ලෙස සටහන් විය. 

විරාත් කෝලි නායකත්වය දුන් 50 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර 30 හැවිරිදි කෝලි මෙම ටෙස්ට් තරග 50 තුල දී ලකුණු 150 සීමාව පසුකර ගිය 9 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් විය. එම දස්කම ද වාර්තාවක් ලෙස සටහන් විය. මීට පෙර නායකයෙකු ලෙස ලකුණු 150 සීමාව වැඩිම වතාවක් පසුකර ගොස් තිබුණේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඒ 8 වතාවක දී ය. 

 

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස…..

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම නවත්වන විට විරාත් කෝලි පන්දු 366ක දී නොදැවී ලකුණු 254ක් ලබාගෙන සිටියේය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 33ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 5කට ලකුණු 601ක් තම ලකුණු පුවරුවට එක් කරගැනීමට සමත් විය. 

ඉන්දීය ඉනිමේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 138ක් එක් කිරීමට චෙටාස්වර් පුජාරා හා මයාන්ක් අග්‍රවාල් සමත් වූ අතර මයාන්ක් එහි දී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඉන් අනතුරුව කෝලි හා අජින්කෙයා ‍රහානේ ලකුණු 178ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. එහි දී අජින්කෙයා ‍රහානේ ලකුණු 59ක් වාර්තා කළේය. 

විරාත් කෝලි තම ලකුණු 254 ලබාගැනීම සඳහා හතරේ පහර 33ක් එල්ල කර තිබිණි. 

දකුණු අප්‍රිකානු පන්දු ‍යවන්නන් වන කගීසෝ රබාඩා හා වර්නන් ෆිලෙන්ඩර් දෙවන දිනයේ නව පන්දුවෙන් ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර එයට සාර්ථකව මුහුණ දීමට ඉන්දීය පිතිකරුවන් සමත් විය. 

තරගයේ මුල් මිනිත්තු 30 තුල දී ලකුණු වාර්තා වූයේ පිත්තේ පිටත වැදීමෙනි. විරාත් කෝලි ලකුණු 3ක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දුව රැකගැනීමට කේශාව් මහරාජ් අසමත් විය. 

කෙසේ වෙතත් පන්දුව කල් ගතවීමත් සමඟම එහි දෝලනය ද අඩු වූ අතර විරාත් ඔහුගේ ඉනිම ශතකයක් බවට පත්කර ගැනීමට සමත් විය. ඒ 2019 වසරේ ඔහු ලබාගත් පස්වැනි ශතකයයි. විරාත් මෙම ඉනිමේ දී තණතීරුවේ පැති දෙකේ දී ම ප්‍රබල පහරවල් මගින් ලකුණු ලබාගැනීමට සමත් විය. 

 

සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් හමුවේ රාජකීයයන් පසුබසී

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…..

මෙම තණතීරුව දඟපන්දු ‍යවන්නන්ට උචිත වනු ඇතැයි මත පලවුවද විරාත් කෝලි දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වූයේ නැත. රහානේගේ දැවී යාමත් සමඟින් කෝලි සමඟ එක්වූ රවීන්ද්‍ර ජඩේජා වේගවත් ලකුණු 225ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ජඩේජා ලකුණු 91කට දැවී යාමත් සමඟ තම පළමු ඉනිම නවතා දැමීමට කෝලි තීරණය කළේය.

ඉන්දීය දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ලෙස අද (12) ක්‍රියාත්මක වේ. දෙවන දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 36ක් ලබා සිටියහ. 

වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභින්

  • සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 12 (ටෙස්ට් තරග 52)
  • කුමාර් සංගක්කාර 11 (ටෙස්ට් තරග 134)
  • බ්‍රයන් ලාරා 09 (ටෙස්ට් තරග 131)
  • විරාත් කෝලි 07 (ටෙස්ට් තරග 81*)
  • වැලී හැමොන්ඩ් 07 (ටෙස්ට් තරග 85)
  • මහේල ජයවර්ධන 07 (ටෙස්ට් තරග 149)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<