Home Sinhala කෝලි සහ ශාමි කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්කර දමයි!

කෝලි සහ ශාමි කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්කර දමයි!

178

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරගය අද (27) දින මැන්චෙස්ටර් හිදී ආරම්භ වූ අතර ඉන් ලකුණු 125ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වූයේ කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවසන් අවස්ථාව ද අහිමි කරමිනි.

බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද (26)….

කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 268ක් වාර්තා කිරීමට සමත් විය.

මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි මෙම තරගාවලියේ තමා විසින් පිට පිට වාර්තා කළ සිව්වන අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 82 කදී ලකුණු 72ක් වාර්තා කළේය. ඔහුට අනගි සහයක් ලබා දුන් මහේන්ද්‍ර සිං දෝනි පන්දු 61 කදී ලකුණු 56ක් රැස් කළේය.

ඊට අමතරව ඉනිමේ අග භාගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 38 කදී ලකුණු 46ක් ලබා ගත් අතර එය ඉන්දීය කණ්ඩායමට ලකුණු 250 සීමාව පසු කිරීමට විශාල සහයක් විය.

කොදෙව් පන්දු යවන්නන් තණතීරුවේ සහාය හොඳින් උපයෝගී කරගනිමින් පන්දු යැවූ අතර අද දින ලෝක කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කළ කේමාර් රෝච් විසින් රෝහිත් ශර්මා ලකුණු 18කට දවා ගත්තේ ඉන්දීය ඉනිමේ ආරම්භය අඩපණ කරමිනි.

ඉන්පසු ලොකේෂ් රාහුල්, විරාට් කෝලි හා එක්ව දෙවන කඩුල්ලට ලකුණු 69ක් එක්කළ ද හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 48කට දැවී ගියේය.

නැවත ක්‍රියාත්මක වූ රෝච්, විජේ ශන්කර් සහ කේදර් ජාදව් ඉක්මණින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූයේ ඉන්දීය පිළ යම් අසීරු අවස්ථාවකට යොමු කරමිනි.

කෙසේ වුවද කෝලි සහ දෝනි සිය පරිණතභාවය යළිත් ලොවට ප්‍රදර්ශනය කරමින් පිතිකරණයේ යෙදුනු අතර ඊට කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප්ගෙන් ද සහයක් හිමි වූයේ ඔහුට දෝනි දවාගත හැකිව තිබූ අවස්ථාවන් දෙකක් ගිලිහී යාම හේතුවෙනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේමාර් රෝච් සහ ජේසන් හෝල්ඩර් පිළිවෙලින් කඩුලු 3ක් හා 2ක් ලබාගත් අතර ඔවුන් දෙදෙනා එකතුව සිය පන්දුවාර 20 තුළදී ප්‍රතිවාදීන් වෙත ලබාදී තිබුනේ ලකුණු 69ක් පමණි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව්වන්ට ආරම්භයේ සිටම සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඔවුනට පන්දුවාර 34යි පන්දු 2 කදී සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණි.

තරගාවලිය පුරා කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වූ ක්‍රිස් ගේල් හට අද දිනයේ දීද ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. ඔහු මොහොමඩ් ශාමිගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර යළි ක්‍රියාත්මක වූ ශාමි ලකුණු 5ක් ලබා සිටි ශයි හෝප්ගේ කඩුල්ලද දවා ගත්තේ කොදෙව් ඉනිමේ මුල් කඩුලු 2කම ලකුණු 16ක් වනවිට බිඳ දමමිනි.

පසුව පිටියේ එක්වූ සුනිල් අම්බ්‍රිස් සහ නිකොලස් පූරාන් යම් සබඳතාවයක් ගොඩ නැගීමට උත්සහ කළද අම්බ්‍රිස් ලකුණු 31කටත් පූරාන් ලකුණු 28කටත් දැවී යාමෙන් අනතුරුව කොදෙව් ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

ඉන්පසු කිසිඳු කොදෙව් පිතිකරුවෙකු හට ලකුණු අතරට පැමිණීමට ඉන්දීය පන්දු යවන බලඇණියෙන් ඉඩක් නොලැබුනේ අවසානයේ පහසු ජයග්‍රහනයක් ඉන්දීය පිළ වෙත හිමිකර දෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශාමි කඩුලු 4ක් ලබා ගනිමින් කොදෙව් ඉනිම විනාශ කිරීමට මූලිකත්වය ගත් අතර ජස්ප්‍රිට් බුම්රා සහ යුස්වේන්ද්‍ර චහල් ඔහු වෙත අනගි සහයක් ලබා දුන්නේ කඩුලු 2 බැගින් ලබා ගනිමිනි. ඊට අමතරව හර්දික් පාන්ඩ්‍යා සහ කුල්දීප් යාදව් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 72ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ස්ථාවර කළ විරාට් කෝලි තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා…..

මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 11ක් හිමිකර ගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වූයේ තරගාවලිය තුළ සිය අපරාජිත වාර්තාව තව දුරටත් රැක ගනිමිනි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් හෙට (28) දින දකුණු අප්‍රිකාව සමඟින් ඩර්හැම්හි දී පැවත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


West Indies
143/10 (34.2)

India
268/7 (50)

Batsmen R B 4s 6s SR
Lokesh Rahul b Jason Holder 48 64 6 0 75.00
Rohit Sharma c Shai Hope b Kemar Roach 18 23 1 1 78.26
Virat Kohli c Darren Bravo, b Jason Holder 72 82 8 0 87.80
Vijay Shankar c Shai Hope b Kemar Roach 14 19 3 0 73.68
Kedar Jadhav c Shai Hope b Kemar Roach 7 10 1 0 70.00
MS Dhoni not out 56 61 3 2 91.80
Hardik Pandya c Fabian Allen b Sheldon Cottrell, 46 38 5 0 121.05
Mohammed Shami c Shai Hope b Sheldon Cottrell, 0 2 0 0 0.00
Kuldeep Yadav not out 0 4 0 0 0.00


Extras 7 (b 1 , lb 0 , nb 0, w 6, pen 0)
Total 268/7 (50 Overs, RR: 5.36)
Fall of Wickets 1-29 (5.6) Rohit Sharma, 2-98 (20.4) Lokesh Rahul, 3-126 (26.1) Vijay Shankar, 4-140 (28.5) Kedar Jadhav, 5-180 (38.2) Virat Kohli, 6-250 (48.2) Hardik Pandya, 7-252 (48.5) Mohammed Shami,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 0 50 2 5.00
Kemar Roach 10 0 36 3 3.60
Oshane Thomas 7 0 63 0 9.00
Fabian Allen 10 0 52 0 5.20
Jason Holder 10 0 33 2 3.30
Carlos Brathwaite 3 0 33 0 11.00


Batsmen R B 4s 6s SR
Chris Gayle c Kedar Jadhav b Mohammed Shami 6 19 1 0 31.58
SW Ambris lbw b Hardik Pandya 31 40 2 0 77.50
Shai Hope b Mohammed Shami 5 10 1 0 50.00
Nicholas Pooran c Mohammed Shami b Kuldeep Yadav 28 50 2 0 56.00
Shimron Hetmyer c Lokesh Rahul b Mohammed Shami 18 29 1 0 62.07
Jason Holder c Kuldeep Yadav b Yuzvendra Chahal 6 13 0 0 46.15
Carlos Brathwaite c MS Dhoni b Jasprit Bumrah 1 5 0 0 20.00
Fabian Allen lbw b Jasprit Bumrah 0 1 0 0 0.00
Kemar Roach not out 14 21 3 0 66.67
Sheldon Cottrell, lbw b Yuzvendra Chahal 10 8 1 1 125.00
Oshane Thomas c Rohit Sharma b Mohammed Shami 6 11 1 0 54.55


Extras 18 (b 9 , lb 3 , nb 1, w 5, pen 0)
Total 143/10 (34.2 Overs, RR: 4.17)
Fall of Wickets 1-10 (4.5) Chris Gayle, 2-16 (6.5) Shai Hope, 3-71 (17.6) SW Ambris, 4-80 (20.2) Nicholas Pooran, 5-98 (23.5) Jason Holder, 6-107 (26.1) Carlos Brathwaite, 7-107 (26.2) Fabian Allen, 8-112 (28.3) Shimron Hetmyer, 9-124 (29.5) Sheldon Cottrell,, 10-143 (34.2) Oshane Thomas,

Bowling O M R W Econ
Mohammed Shami 6.2 0 16 4 2.58
Jasprit Bumrah 6 1 9 2 1.50
Hardik Pandya 5 0 28 1 5.60
Kuldeep Yadav 9 1 35 1 3.89
Kedar Jadhav 1 0 4 0 4.00
Yuzvendra Chahal 7 0 39 2 5.57