අගර්වාල්ගේ පිත්ත ඉදිරියේ බංගලියෝ හිස නමති

79

ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වශයෙන් සංචාරක බංග්ලාදේශ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දෝර්හීදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 130ක දැවැන්ත ජයක් ලැබීමට ඉන්දියාව ඊයේ (16) සමත් විය. 

පෙරදා සුපිරි දස්කම් දැක්වූ කොදෙව්වන්ට ඇස්වහා කටවහා!

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව්හිදී පැවති දෙවන…..

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට බංග්ලාදේශය තීරණය කළේය. බංග්ලාදේශයට තම පළමු ඉනිම අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 150ක් පමණි. 

එහි දී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 43ක් ලබා ගත් අතර නායක මොමිනුල් හක් හා මෙහෙදි හසන් පිළිවෙළින් ලකුණු 37ක් හා 21ක් ලබා ගත්තේය. 

අන් කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව හෝ ඉක්මවීමට ඉඩ නොදීමට ඉන්දීය පන්දු යවන්නෝ වගබලා ගත්හ. පන්දු යැවීමේ දී මොහමඩ් ශමී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස තම පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 493ක් (ඉනිම අත්හිටුවන ලදි) රැස්කිරීමට සමත් වූයේ අතිදැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

එහි දී ඉන්දියාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු මයන්ක් අගර්වාල් පන්දු 330ක දී ලකුණු 243ක් ලබා ගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන් හට එළව එළවා පහර දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 28ක් හා දැවැන්ත හයේ පහර 8ක් අන්තර්ගත විය.

අගර්වාල්ට අනගි සහයක් ලබා දුන් අජින්ක්‍යයා රහනේ ලකුණු 86ක් ද, චෙතේෂ්වර් පුජාරා ලකුණු 54ක් ද හා රවින්ද්‍ර ජඩේජා ලකුණු 60ක් ද ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට අබු ජායෙඩ් සමත් වූයේ ලකුණු 108කට කඩුලු 4ක් දවා ගනිමිනි.

“100ක් ගහලා තියේ නම් කණ්ඩායම තියෙන්නේ ඔබේ අතේ”

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රවාල් තම දෙවන…

අනතුරුව තම දෙවැනි ඉනිම ආරම්භ කිරීමට බංග්ලාදේශය පිවිසියේ පළමු ඉනිමේ ලකුණු 343ක්ම පසුපසින් සිටිමිනි.

එහෙත් ඔවුන්ට තම දෙවන ඉනිමේ දී ද රැස්කරගත හැකි වූයේ ලකුණු 213ක් පමණක් වන අතර හුදකලා සටනක නිරත වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 64ක් රැස්කළේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ඊට අමතරව මෙහෙදි හසන් ලකුණු 38ක් හා ලිටන් දාස් ලකුණු 35ක් රැස්කළ අතර අන් කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව හෝ ඉක්මවීමට හැකියාවක් නොලැබුණි.

පන්දු යැවීමේ දී මොහමඩ් ශමී 4/31ක් හා රවිචන්ද්‍රන් අශ්වින් 3/42ක් ලෙසින් තම පන්දු යැවීම් වාර්තා සටහන් කළේය.

මේ අනුව පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 130කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේ අතිදැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි.

ස්මිත් තනතුරු ප්‍රතික්‍ෂේප කරයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා එරට හිටපු ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් දැක්වූ උනන්දුව…..

තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ද්විත්ව ශතකලාභී මයන්ක් අගර්වාල් සමත් විය.

මේ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් 1-0ක් වශයෙන් පෙරමුණ ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා (22) කොල්කටා හීදී පැවැත්වීමට නියමිතව ඇත.

බංග්ලාදේශය පළමු ඉනිම – 150/10 (58.3): මුෂ්ෆිකර් රහීම් 43, මොමිනුල් හක් 37, මොහමඩ් ශමී 3/27, ඉෂාන්ට් ශර්මා 2/20

ඉන්දියාව පළමු ඉනිම – 493/6,ඉනිම අත්හිටුවන ලදි (114): මයන්ක් අගර්වාල් 243, අජින්ක්‍යායා රහනෙ 86, රවින්ද්‍ර ජඩේජා 60, අබු ජායෙඩ් 4/108

බංග්ලාදේශය පළමු ඉනිම – 213/10 (පන්දුවාර 69.2): මුෂ්ෆිකර් රහීම් 64, මෙහෙදි හසන් 38, මොහමඩ් ශමී 4/31, රවිචන්ද්‍රන් අශ්වින් 3/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<