ක්‍රිකට් වංචා දූෂණ වාර්තා කිරීමට සති දෙකක සහන කාලයක්

312

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබදව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතා දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා පිටියේ බලය හරීන් ප්‍රනාන්දුට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (20) දිනයේ දී නව ක්‍රීඩා…..

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයින් හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව වැඩ කටයුතු කරන සියලුම දෙනා කැඳවා අද (9) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී දැනුවත් කිරීමක් සිදු කළ අතර එහි දී විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටද? ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ක්‍රීඩා අමාත්‍යවරයාටවත්, ක්‍රීඩා නිලධාරීන්ටවත්, ඈෂ්ලි ද සිල්වා මහත්තයාටවත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒක කරන්න ඕන අපි සියලු දෙනාම එකතු වෙලා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශාල කතාබහකට ලක් වෙනවා.”

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටලු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව සහ නව මුහුණුවරකින්….

“පසුගිය කාල වකවානුවල දී අපිට ප්‍රශ්න කීපයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා. මම මුලින්ම කිවුවේ ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒ හැකියාව තිබෙන්නේ ඔබ සැමට. ක්‍රිකට්වල අයිතිකාරයෝ ඔබතුමාලා. ඔබතුමාලට වෙන අසාධාරණකම් සම්බන්ධයෙන් මම විශාල සැලකිල්ලක් දක්වනවා. ක්‍රීඩකයෙක්ට හම්බෙන මුදල කීය ද? ඩිවිෂන් 2 ගහන ක්‍රීඩකයෙක්ට හම්බෙන්නේ කීය ද? කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මොකද වෙන්නේ? කියලා මම අවධානයෙන් ඉන්නේ.”

“දැන් අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විශාල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. මම අමාත්‍යාංශය භාර අරගෙන මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවේ දී මට කිවුවේ ක්‍රිකට්වලින් දූෂිතම රට විදියට ශ්‍රී ලංකාව දකිනවා කියලා. ක්‍රිකට්වලට ආදරේ කරන මට, ඒක අහපුවාම හදවතට ලොකු දුකක් දැනුණා. සිම්බාබ්වේට වඩා අපි නරකයි කිව්වා.”

“අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලයක් තුල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වා ගෙන යනවා. ඔබතුමාලා ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවා නම් ඒ කාර්යාලය වෙත ගොස් ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන ඔබතුමාලාව රැකගන්න එක. මම ආරක්ෂාව ලබා දෙනවා ඔබතුමාලාට. මම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. මම හිතනවා මාර්තු වෙන විට පාර්ලිමේන්තුවට යොමු කළාට පස්සේ නීතියක් සම්මත වෙනවා. ලංකාවේ යම්කිසි දූෂණ වරදකට කෙනෙක් අහුවුනොත් වසර 05ක් දක්වා සිර දඬුවමක් ද, විශාල මුදලක් දඩ වශයෙන් ද ගෙවන්න සිදු වෙනවා.” යැයි එතුමා සිය කතාව අවසන් කරමින් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<