එංගලන්ත නායකයා කලකිරීමෙන්

361
Joe Root

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට එංගලන්තයේ දී පැවැත්වෙනවා. දිනෙන් දින පුවත් මවමින් ලෝකයම එකම වසන්තයක් බවට පත් කිරීමට ලෝක කුසලානය සමත්ව අවසන්. ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි තරගය ඊයේ (03) එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වුණේ නොටින්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී. එම තරගය ඉතාමත් උද්වේගකර තරගයක් වූ අතර පාකිස්තාන කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 14කිනි.

තරගයේ වීරයා වූ පාකිස්තානයේ මොහොමඩ් හෆීස් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම ජයග්‍රහණය මුළු කණ්ඩායමේම දක්ෂතා නිසා හිමි වූ බවයි. මෙම තරගයේ දී ලකුණු 14ක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දුව ගිලිහී යාම තමාට වාසියක් කර ගත් ඔහු තම නම ඉදිරියේ ලකුණු 84ක් සටහන් කරගන්නේ පන්දු 62ක් පමණක් වැය කරමිනි.

බට්ලර්ගේ හා රූට්ගේ ශතකයන් අපතේ යයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ හයවැනි තරගය අද (03) එංගලන්තයේ නොටිංග්හැම් නුවර..

මේ වන විට 38 වැනි වියෙහි පසුවන හෆීස් එංගලන්ත නායක ඔයින් මෝගන්ගේ තීරණාත්මක කඩුල්ල ද දවා ගැනීමට සමත් විය. එංගලන්තයේ ජෝ රූට් හා ජෝස් බට්ලර් මෙම තරගයේ දී ශතක 2ක් වාර්තා කළ ද එය එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවිනි.

තරගාවලියේ දෙවන තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලද පාකිස්තානය ඉන් දින 3කට පසුව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත්වූ අතර එංගලන්තයට ලකුණු 349ක ඉලක්කයක් ලබා දීමට සමත් විය. කොදෙව් තරගය ද නොටින්හැම් හි පැවැත්වීම විශේෂත්වයකි.

කොදෙව් තරගයේ දී පාකිස්තානය ලකුණු 105කට සියල්ලන් දැවී ගිය අතර කොදෙව් කණ්ඩායම එම ඉලක්කය පහසුවෙන් පසුකර ගියේය. පරාජයන් සියල්ල අමතක කර දැමූ පාකිස්තානය එංගලන්තය හමුවේ තමන් දුර්වල කණ්ඩායමක් නොවන බව ඔප්පු කිරීමට සමත් විය. එම සාර්ථකත්වයට හේතුව වූයේ කණ්ඩායම එකට එක්වී තම උපරිමයන් අවශ්‍යම වෙලාවේ දී ලබා දීම බව මොහොමඩ් හෆීස් පවසා සිටියා.

“හැමෝම විශ්වාස කළා අපිට මේක කරන්න පුළුවන් කියලා. අපි හොඳින් සෙල්ලම් කරනවා ඒත් අපි අවශ්‍යම වෙලාවේ තරග දිනන්නේ නැති ප්‍රශ්නයක් තිබුණේ” Sky Sports වෙත අදහස් දක්වමින් හෆීස් කියා සිටියා.

ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

2019 ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය අද (02) එංගලන්තයේ ලන්ඩන් නුවර දී..

“අද තරගය දිනන්න ඕන හැමදේම හැමෝගෙම දායකත්වයෙන් ලැබුණා.”

“අපිට ඕන වෙලා තිබුණේ එක් තරග ජයග්‍රහණ දක්ශතාවයක් විතරයි ජයග්‍රාහී මාවතට එන්න. ඊට පස්සේ හැමෝම ඒකට සහයෝගය දුන්නා. මේක සම්පූර්ණ කණ්ඩායම් ක්‍රියාවක්. අපේ Dressing Room එක හරිම සතුටෙන් ඉන්නේ. “

පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් ද, මොහොමඩ් හෆීස්ගේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වා සිටියා. තම කණ්ඩායමේ අනුමාන කළ නොහැකි දක්ෂතා හා  ශාදාබ් ඛාන් යොදාගැනීම පිළිබඳවත් ඔහු අදහස් පලකර සිටියා.

“මේක විශිෂ්ට කණ්ඩායම් දක්ෂතාවයක්. පන්දු ‍යවන්නන් ඔවුන්ගේ වගකීම ඉටු කළා. අපි වෙනස් දේවල් කිහිපයක් අත් හදා බැලුවා. අපි ශාදාබ්ගෙන් පටන්ගත්තේ එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් දඟපන්දු ‍යවන්නන් හමුවේ දුර්වල නිසා” සෆ්‍රාස් පවසා සිටියා.

“පන්දු ‍රැකීම වැදගත් සාධකයක් වුනා. පසුගිය තරගාවලියේ දී ඒක වෙනස්. අපි අද හොඳින් පන්දු රැකීම කළා. අපි හොඳින් පන්දු යැවීම කළා.”

මෙම තරගය එංගලන්තයට නම් එතරම් සුබදායක නොවීය. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකානු තරගය පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

එම තරගය ලකුණු 104කින් ජයග්‍රහණය කළ එංගලන්තය තමන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තව තවත් තහවුරු කළේය. ලෝක කුසලාන ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තු තවත් වැඩි කරගැනීමට ද ඔවුන් සමත් විය.

තම පරාජය පිළිබඳව අදහස් දක්වමින් ජෝ රූට් තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳව සඳහන් කර සිටියා. තමන්ට ගිලිහී ගිය උඩපන්දු හා දුර්වල දැවී යාම් නිසා මෙලෙස තරගය පරාජය වූ බව ඔහු පවසා සිටියා.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

2019 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය අද (30) එංගලන්තයේ ලන්ඩන් නුවර දී..

“ඇත්තම කියනවා නම් මම කලකිරීමෙන් ඉන්නේ. අපි කලබල වෙලා අපි මේ ලබාගෙන තියන සාර්ථකත්වය නැති කරගන්න හොඳ නෑ.”

“පාකිස්තානයට ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කළා. මම හිතන්නේ මේක හොඳ තරගයක් වුනා.”

“අපිට අන්තිමේ පොඩි දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ. මම හිතන්නේ ඒක මගේ වැරැද්ද වෙන්න ඇති.”

මෙම පරාජයෙන් පසුව එංගලන්තය නැවතත් වඩා ශක්තිමත් කණ්ඩායමක් ලෙස තරගාවලියට අවතීර්ණ වනු ඇතැයි රූට් තම විශ්වාසය පල කළා.

“අපි මේ තරග දෙකේ දී ම අපේ දක්ෂතාවයන් මනාව පෙන්වලා තියනවා. තව තරග 8ක් තියනවා. මට හිතෙන්නේ අපි හොඳ තැනක ඉන්නවා.”

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකාව සමඟින් ජුනි මස 11 වැනිදා පැවැත්වීමට නියමිතයි. එංගලන්තය හා බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන්නේ ජුනි මස 8 වැනිදායි.

මෙම තරගයෙන් අනතුරුව එංගලන්තය ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පත්වූ අතර පාකිස්තානය 6 වැනි ස්ථානය ලබාගෙන ඇත.

2019 ලෝක කුසලාන වසන්තය පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<