සාන්ත තෝමස් – ගේට්වේ වාර්ෂික පාපන්දු ගැටුමට සියල්ල සූදානමින්

152

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘නෙවිල් ද අල්විස් – රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාවය’ වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික පාපන්දු තරගය අඛණ්ඩව දෙවන වසරටත් මෙම මස 25 වන දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඩී පැවැත්වීමට නියමිත ය. 

Blue Star සහ සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන සහ සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ ………

ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාව ඊයේ (16) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය විද්‍යාල ශාලාවේ දී එම විද්‍යාලයාධිපති ගරු මාක් බිලිමෝරියා පියතුමන්, ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපති හර්ෂ අලස් මහතා, විද්‍යාල දෙකේ ගුරුභවතුන් සහ පුහුණුකරුවන් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. 

ඒ අනුව මෙවර අඛණ්ඩව දෙවන වසරටත් පවත්වනු ලබන මෙම වාර්ෂික පාපන්දු තරගය එළඹෙන 25 වන දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති අතර විද්‍යාල දෙකේ වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ප්‍රධාන තරගය එදින පස්වරු 6 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත. 

පසුගිය වසරේ දී සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දුන් ෂෙවාන් එබනීසර් හට මෙවර දෙවන වසරටත් සිය කණ්ඩායමට නායකත්වය ලබා දීමේ දුර්ලභ අවස්ථාව හිමිවී ඇති අතර අනෙක් පසින් ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අරීබ් නියාස්ගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට එක්වනු ඇත.

සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික …………

ඊට සමගාමීව පසුගිය වසරේ දී පවත්වනු ලැබූ වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ තරග දෙකට අමතරව මෙම වසරේ දී වයස අවුරුදු 12න් පහළ තරගයක් ද පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සැලසුම් කර ඇති අතර එම තරග ත්‍රිත්වය අවසානයේ ගේට්වේ ජාත්‍යන්තර පාසල් බාලිකා කණ්ඩායම සහ ‘Overseas School of Colombo’ බාලිකා කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක් ද පැවැත්වීමට නියමිත ය. 

පසුගිය වසරේ දී වාර්ෂික තරගාවලියක් ලෙස පැවැත්වීම අරමුණු කොටගෙන ආරම්භ කරනු ලැබූ මෙම තරගාවලිය විද්‍යාල දෙකට ඉතා සමීප ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම අධ්‍යාපනඥයින් අතරින් දෙදෙනෙක් වන නෙවිල් ද අල්විස් මහතා සහ රැල්ෆ් අලස් මහතා අනුස්මරණය කිරීම උදෙසා ‘නෙවිල් ද අල්විස් – රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාවය’ යනුවෙන් නම් තබා ඇති අතර මෙය සාන්ත තෝමස් විද්‍යාලය ඕනෑම ක්‍රීඩාවක් සඳහා ජාත්‍යන්තර පාසැලක් සමඟ වාර්ෂික තරගයක් ක්‍රීඩා කරනු ලබන එකම තරගය ද වේ. 

ඒ අනුව පසුගිය වසරේ පැවති අභිනව තරගයේ දී තරගය පුරාවට ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම වයස අවුරුදු 20න් පහළ තරගයෙන් ගෝල 5-1ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නට සමත් වූයේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. 

අළුත් ගමනක් සමඟින් යළි පිඹිදෙන කළුතර බ්ලූ ස්ටාර්

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයෙහි ……..

කෙසේ නමුත් එම විද්‍යාලයාධිපති ගරු මාක් බිලිමෝරියා පියතුමන් මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එතැන් පටන් ඔවුන් විද්‍යාලය තුළ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් විද්‍යාලය තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ බවයි. 

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ දී පැවති රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහා පාපන්දු තරගය වසර ගණනාවකට පසුව ජයග්‍රහණය කිරීමට ද සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර ප්‍රබල ගේට්වේ ජාත්‍යන්තර කණ්ඩායම හමුවේ පසුගිය වසරේ දී ඔවුන් අත්විඳි පරාජය මෙවර වෙනස් කිරීමට ඔවුන් නොඉවසිල්ලෙන් පසුවනු ඇති බව නොඅනුමාන ය. 

කණ්ඩායම් දෙක සලකා බැලීමේ දී දෙපිළේ ම ක්‍රීඩකයින් එක හා සමාන දක්‍ෂතා වලින් සමන්විත වන අතර ඒ හරහා ප්‍රේක්ෂකයින් සඳහා ඉතා උණුසුම් තරගයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

මෙම තරගය සජීවීව නැරඹීමටත්, ඡායාරූප, නව තොරතුරු, පුවත් ඇතුළු සියලුම විස්තර සඳහාත් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<