ශ්‍රී ලංකා සංචිතයෙන් 4ක් එළියට!

75

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය නම් කර තිබේ. 

සූරී – රීසා සුසංයෝගයෙන් ශූරතාව ශ්‍රී ලංකාවට

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ……

කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් නොමැතිව දනුෂ් දයාන්ට හිමිව ඇති අතර පළමු අදියරේ දී සංචිතයේ සිටි ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයෙන් ඉවත් කොට නව සාමාජිකයන් සිව්දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබෙනවා. මෙම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සැප්තැම්බර් මස 14 හා 15 යන දිනයන් හිදී චීනයේ හුයිශෝ නුවර දී පැවැත්වීමට නියමිතයි.

කොරියාවේ දී පැවැත්වුණු පළමු අදියර දී ශ්‍රී ලංකාව ලකුණු 21-14ක් වශයෙන් පිලිපීනය පරාජය කරමින් පලඟ ශූරතාව හිමි කර ගත් අතර එම සංචිතයේ ක්‍රීඩා කළ නවීන් හෙනකන්කානමගේ, තිළිණ විජේසිංහ, නිශෝන් පෙරේරා සහ අනුරාධ හේරත් යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කර ඉරෝෂන් සිල්වා, තිළිණ බණ්ඩාර, ගැමුණු චේතිය සහ අදීශ වීරසිංහ යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර ඇත. එසේම අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් චතුර සෙනෙවිරත්න ද සංචිතය සමග චීනය බලා පිටත්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තාවෝ අනුශූරතාව දිනා ගනිති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය අද (01) දකුණු කොරියාවේ ඉන්චන් ……

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය 

දනුෂ් දයාන් (මහනුවර), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර), ජේසන් දිසානායක (මහනුවර), තිළිණ බණ්ඩාර (ගුවන් හමුදා), රීසා රෆයිඩීන් (CR&FC), දිනුක් අමරසිංහ (CR&FC), ජනිදු ඩිල්ෂාන් (CR&FC), අදීශ වීරසිංහ (නාවික හමුදා), ගැමුණු චේතිය (CR&FC), ඉරෝෂන් සිල්වා (යුද හමුදා), සුධාරක දික්කුඹුර (යුද හමුදා), කෙවින් ඩික්සන් (CR&FC), චතුර සෙනෙවිරත්න (අතිරේක ක්‍රීඩක)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<