අසල්වැසි රටේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඛේදනීය ඉරණමක්

467

 ඉන්දියාවේ දකුණු ගෝආහී මාර්ගාවෝ නගරය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලියක් අතරතුර දී ක්‍රීඩකයෙකු අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා පළකර තිබුණි.

පාන්ඩ්‍යා සහ රාහුල් ගෙදර යවමින් සංචිතයට නවකයින් දෙදෙනෙක්

පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි කියන මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක්…

46 හැවිරිදි රාජේෂ් ගොඩ්ගේ නැමැති මෙම ක්‍රීඩකයා පසුගිය ඉරිදා දිනයේ දී තරගය ක්‍රියාත්මක වන අතරතුර දී එක්වරම සිහිසුන්ව පිටිය මත ඇඳ වැටී ඇති අතර තරග සංවිධායකවරුන් ඔහුව වහාම රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබූ නමුත් රාජේෂ්ගේ ජීවිතය බේරාගැනීමට ඔවුන් ගත් එම වෑයම ප්‍රමාණවත් වී නොමැත.

රාජේෂ් ගොඩ්ගේ

මාර්ගාවෝ ක්‍රිකට් සමාජයේ ලේකම් පූර්ව් භෙම්බ්රි මහතා පවසා සිටින පරිදි රාජේෂ් පන්දුවට පහරක් එල්ල කර අනෙක් අන්තයට පැති මාරුවී සුළු මොහොතකින් සිහිසුන්ව ඇඳ වැටුණු නිසාවෙන් ඒ මොහොතේ දී ම ළඟම තිබූ රජයේ රෝහල වෙත ඔහුව රැගෙන යාමට ඔවුන් පියවර ගත් බවයි. කෙසේ වුවත් යලිත් වරක් ඔහුව පෞද්ගලික රෝහලක් වෙත මාරු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර නමුත් ඔවුන්ගේ සියලුම උත්සාහයන් අපතේ ගියේ ඔහු එම රෝහලට ඇතුළත් කරන මොහොතේ දීත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ නිසාවෙනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් තම මිත්‍රයාගේ හදිසි වියෝව පිළිබඳ භොම්‍බ්රි මහතා මෙසේ කනගාටුව පළකර තිබුණි.

“රාජේෂ් කියන්නේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වගේම නිහතමානී චරිතයක්. ඔහු ගෝවා කණ්ඩායම නියෝජනය කරලා රන්ජි කුසලානයේ තරග දෙකකටත්, 1990 කාල සීමාවේ දී ප්‍රාන්ත තරග රැසකටත් දායකත්වය ලබා දුන්නා. මීට කලින් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන ගැටලු ඇති වුන බවක් නම් මම දැනුවත් නැහැ මොකද ඔහු දිනපතා ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉතා සතුටින් කාලය ගත කරා. ඔහුගේ හදිසි මරණය අපිට තාමත් අදහා ගන්න බෑ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<