ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පිළිකාවක්

216

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන ගැවින් රොබර්ට්සන් හට මොළය ආශ්‍රිතව පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

ප්‍රහාරාත්මකව පහර දීලා තරග දිනන්න ටිකක් අමාරුයි – තිරිමාන්න

වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල 300ට අඩු ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගෙන තරගයක් ජය ගැනීම තරමක් අපහසු කරුණකි.

වයස අවුරුදු 53ක් වන රොබර්ට්සන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක් හා එක්දින තරග 13ක් ක්‍රීඩා කර ඇත. ක්‍රිකට් දිවිය නිමා වූ පසුව ක්‍රිකට් තරග විස්තර විචාරකයෙක් ලෙස වැඩකටයුතු ආරම්භ කරන රොබර්ට්සන් එක්වරම අසනීප වී තිබෙන අතර ඉන් පසුව සිදු කළ පරීක්ෂණවල දී ඔහුට මොළය ආශ්‍රිතව පිළිකාවක් වැළඳී තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ වන විට රොබර්ට්සන්ට එක් ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර ඔහු දැන් පිළිකා මර්දනය කිරීම සඳහා දැඩි විකිරණ හා කිමෝ ප්‍රතිකාර (chemo therapy) සඳහා මුහුණ දෙමින් සිටී.

“දැන් මගේම ජීවිතයේ ගෙවෙන සෑම විනාඩියක්ම මට අභියෝගාත්මකයි . ඒ අභියෝගයට මුහුණ දී මෙම අභියෝගය ජය ගැනීමට මම සූදානම්ව සිටිනවා.” යනුවෙන් රොබට්සන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය

දිනය 1996 වසරේ මාර්තු 17 වැනිදා ය. පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වෙමින් තිබුණේ ලෝක කුසලානයක අවසන් මහා තරගයකි.

ඔහු ක්‍රීඩා කළ සමයේ දී ඔහුගේ ටෙස්ට් නායකයා වූ මාර්ක් ටේලර් මෙසේ සිය අදහස් පවසා තිබේ.

“ඔහු සෑම විටම සිනහවෙන් ඉන්නේ, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස හා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ඔහුගේ ජීවිතය විදිනවා. එය ඔහුගේ අනාගත ගමනට හොඳ ධනාත්මක සාධකයක් වෙයි කියලා මම හිතනවා.”

ඕස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක් වන ඩැරන් ලීමන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙක් වන ටොම් මූඩි මහතා Twitter පණිවිඩ නිකුත් කරමින් මෙසේ සිය අදහස් පවසා ඇත.

දකුණු අප්‍රිකා ප්‍රබලයෙක්ට පළමු තරගය අහිමි වන ලකුණු

2019 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගය ලබන බ්‍රහස්පතින්දා සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර…

“මම හිතන්නේ රොබර්ට්සන් හා ඔහුගේ පවුලේ යට මේ උදා වෙලා තියෙන අභියෝගය එතරම් ලෙහෙසි එකක් නෙමේ. “ – ඩැරන් ලීමන්

“හිතට ලොකු ශක්තියක් අරන් ඉන්න ගැවින්, අපි සියලු දෙනාගේ ප්‍රාර්ථනය ඔබගේ ඉක්මන් සුවයයි.” – ටොම් මූඩි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<