අද (17) දිනයේ සිව්වැනි තරගයේ දී ක්‍රෝඒෂියාව හා නයිජීරියාව තරග වැදුණු අතර ගෝල 2-0ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ක්‍රෝඒෂියාව සමත් විය.

සියලු දෙනා අපේක්ෂා කළ පරිදි ඕස්ට්‍රේලියාව පරාජය කරමින් තරගාවලිය ආරම්භ කරන්නට ප්‍රංශය සමත් වූ නමුත් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී හට මග හැරුණු දඬුවම් පහර නිසා අයිස්ලන්තය සිය මංගල ලෝක කුසලාන තරගය ප්‍රබල ආර්ජෙන්ටිනාව සමඟ ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට සමත් විය. දිනයේ තෙවන තරගය ලෙස පේරු හා ඩෙන්මාර්කය තරග වැදුණු අතර ගෝල 1-0ක් ලෙස පේරු දේශය පරාජය කරන්නට ඩෙන්මාර්කය සමත් විය.

රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වය ස්පාඤ්ඤ සිහින බොඳ කරයි

FIFA ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වුණා. ඉන් පළමු තරගය ප්‍රබල…

නයිජීරියාවේ අතපසුවීම් වලින් ක්‍රෝඒෂියාව තරගය ජය ගනී

දිනයේ සිව්වැනි තරගයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රෝඒෂියාව හා නයිජීරියාව හමු වූ අතර ගෝල 2-1ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ක්‍රෝඒෂියාව සමත් විය. තරගය කලිනින්ග්‍රෑඩ් හි කලිනින්ග්‍රෑඩ් ක්‍රීඩාංගණයේ දී (Kaliningrad) පැවැත්විය.

ආරම්භයේ සිටම ක්‍රෝඒෂියා කණ්ඩායම ඉතා පරික්ෂාකරීව ක්‍රීඩා කරන බව පෙනුණු අතර රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලුකා මොඩ්රික් ක්‍රෝඒෂියා කණ්ඩායම වෙනුවෙන් පිටිය පුරා විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත විය.

ඉක්මනින්ම ස්ථාවර වූයේ නයිජීරියා කණ්ඩායම වුවත් සෙමින් තරගය ආරම්භ කර වඩා ආසන්න අවස්ථා රැසක් උදාකර ගැනීමට සමත් වූයේ ක්‍රෝඒෂියා කණ්ඩායමයි.

(එකොන්ග් ක්‍රෝඒෂියා ක්‍රීඩකයා හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා ක්‍රෝඒෂියාවට දඬුවම් පහරක් හිමි විය -FIFA.com )

32 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා වූ අතර මන්ඩ්සුකික්ගේ හිසේ ගැටුණු පන්දුව (Mandzukic) නයිජීරියාවේ එටෙබෝ විසින් අත්වැරදීමකින් දැල වෙත යොමු කිරීමත් සමඟ ක්‍රෝඒෂියාව ගෝලයක් සඳහා වාසනාවන්ත විය.  

පළමු අර්ධය: ක්‍රෝඒෂියාව 01 – 00 නයිජීරියාව   

දෙවන අර්ධයේ ද නයිජීරියානු ක්‍රීඩකයින්ට ගෝල රැස් කිරීමට කිසිදු අවස්ථාවක් ක්‍රෝඒෂියා ක්‍රීඩකයින් ලබා නොදුන් නමුත් ආසන්න අවස්ථා රාශියක් උදා කර ගැනීමට ක්‍රෝඒෂියා ක්‍රීඩකයින් නම් සමත් විය.

සියලු දෙනා අපේක්ෂා කළ පරිදි ඕස්ට්‍රේලියාව පරාජය කරමින් තරගාවලිය ආරම්භ කරන්නට ප්‍රංශය සමත් වූ නමුත් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී හට මග හැරුණු දඬුවම් පහර නිසා අයිස්ලන්තය සිය මංගල ලෝක කුසලාන තරගය ප්‍රබල ආර්ජෙන්ටිනාව සමඟ ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට සමත් විය.

(එකොන්ග් ක්‍රෝඒෂියා ක්‍රීඩකයා හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා ක්‍රෝඒෂියාවට දඬුවම් පහරක් හිමි විය -FIFA.com )

නයිජීරියාවේ එකොන්ග් දඬුවම් පහර චතුරශ්‍රය තුල දී ක්‍රෝඒෂියානු ඉදිරිපෙළ ක්‍රීඩක මන්ඩ්සුකික් හට සිතා මතාම බාධා කළ නිසා 71 වන මිනිත්තුවේ දී ක්‍රෝඒෂියාවට දඬුවම් පහරක් හිමි වූ අතර ක්‍රෝඒෂියා නායක ලුකා මොඩ්රික් ඉතා පහසුවෙන් දෙවන ක්‍රෝඒෂියා ගෝලය රැස්කරගැනීමට සමත් විය.

අන්ද්රේ 2010 මෙන් මෙවර ජයග්‍රාහී ගෝලය යොමු කරන්නට සූදානමින්

FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය සිය 11 වන ලෝක කුසලානයට සහභාගී වන්නේ ක්‍රීඩාලෝලීන් රැසකගේ බලාපොරොත්තු ගොන්නක් ඉටු කිරීමේ …

අනතුරුව උදා වූ මිනිත්තු කිහිපය තුල නයිජීරියානු ක්‍රීඩකයින් කිහිපවරක්ම උත්සහ කළ ද ක්‍රෝඒෂියානු ආරක්ෂා ක්‍රීඩකයෝ නයිජීරියාවට ගෝල රැස්කිරීම සඳහා අවස්ථාවක් උදාකර දුන්නෙම නැත.

අවසාන ලකුණු තත්වය: ක්‍රෝඒෂියාව 02- 00 නයිජීරියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ක්‍රෝඒෂියා – මොඩ්රික් 71’, එටෙබෝ(OG) 32’   

පේරු දේශයේ අපරාජිත වාර්තාව බිඳ වැටේ

දිනයේ තෙවන තරගය ලෙස ඩෙන්මාර්ක් කණ්ඩායම පේරු දේශය හා තරග වැදුණු අතර පේරු උත්සාහය අපතේ යවමින් ගෝල 1-0ක් ලෙස ජය වාර්තා කිරීමට ඩෙන්මාර්කය සමත් විය. C කාණ්ඩයේ තරගයක් වූ මෙය සරන්ස්ක් හි මෝර්ඩොවියා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. (Mordovia Arena Saransk)

පේරු කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 1982 වසරින් පසුව වූ අතර මේ තරගයට පෙර පේරු හා ඩෙන්මාර්ක් යන කණ්ඩායම් දෙකම 2016 සිට තරග 15ක් බැගින් අපරාජිත වාර්තාවක් රැගෙන ලෝක කුසලානයට පිවිස තිබුණි.  පළමු අර්ධය පුරා පේරු ක්‍රීඩකයින් ඩෙන්මාර්ක් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර ඩෙන්මාර්ක් ක්‍රීඩකයෝ ඔවුන්ගේ අර්ධයටම සිර කර තබන්නට පිරූ ක්‍රීඩකයින් සමත් විය.

(කුඑවා හට මගහැරුනේ තරගයේ ස්වර්ණමය අවස්ථාවයි- FIFA.com)

පළමු අර්ධයේ අවසානයට ඔන්න මෙන්න තබා පේරු කණ්ඩායමට ඉතා වැදගත් දඬුවම් පහරක් ලැබුණේ විනිසුරු ‘VAR’ තාක්ෂණය යොදාගෙන නැවත වරක් ඩෙන්මාර්ක් ක්‍රීඩකයෙකු පිරූ ක්‍රීඩකයෙකුට කළ අභියෝගයක් පරික්ෂා කළ බැවිනි. තරගයේ ඉතා වැදගත් මොහොතක ලැබුණු මේ දඬුවම් පහර පේරු හි කුඑවා (CUEVA) විසින් ලබාගත් අතර ඉතා අවාසනාවන්ත ලෙස පන්දුව ගෝල රාමුවේ ඉහළින් ඇදී ගිය අතර ඉතා වටිනා හා තරගයේ එකම ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාව ඔවුන්ට අහිමි විය.

පළමු අර්ධය: පේරු 00 – 00 ඩෙන්මාර්ක්

දෙවන අර්ධය ආරම්භයේ පේරු කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ ඩෙන්මාර්ක් ක්‍රීඩකයෝ පේරු කණ්ඩායම මවිත කරමින් 59 වන මිනිත්තුවේ දී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය. යුසුෆ් යුරේ (YURARY) ආරක්ෂක ක්‍රීඩකයින් දෙනෙක් අතරින් ඉතා විශිෂ්ට ලෙස මෙම ගෝලය වාර්තා කිරීමට සමත් විය.   

අනතුරුව තරගයේ අවසානය දක්වා වරින් වර පේරු ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයන් කිහිපයක නිරත වුවත් ඒවා සාර්ථක වූයේ නැත.

78 වන මිනිත්තුවේ දී පිරූ නායක පවුලෝ ගුරෙරෝ ඉතා ආසන්න අවස්ථාවක් උදා කරගත්ත ද එය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

අවසාන ලකුණු තත්වය: පේරු 00 – 01 ඩෙන්මාර්ක්

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ඩෙන්මාර්ක් – යුසුෆ් යුරේ 5’  

 

මෙසීට ගිලිහුණු දඬුවම් පහරින් තරගය සමවේ

දිනයේ දෙවන තරගය ලෙස අයිස්ලන්තය හා ප්‍රබල ආර්ජෙන්ටිනාව තරග වැදුණු අතර ප්‍රබල ආර්ජෙන්ටිනාව හමුවේ ගෝල 1–1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම සමත් විය. 

තරගයේ වැඩි කාලයක් පන්දුව සමඟ ක්‍රීඩා කළ ආර්ජෙන්ටිනාව තරගයේ හතරෙන් තුනකටත් වඩා කාලයක් පන්දුව සියතේ තබා ගනිමින් ක්‍රීඩා කළ ද මහත් අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ අයිස්ලන්ත ක්‍රීඩකයෝ ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට ගෝල ලබා ගැනීමට පහසු ඉඩක් ලබා දුන්නෙම නැත. සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ දඬුවම් පහරක් නැවැත්වීමට ද අයිස්ලන්ත ගෝල රකින්නා සමත් වූයේ ඔවුන්ගේ අධිෂ්ඨානය මැනවින් කියාපාමිනි.

තරගයේ 9 වන මිනිත්තුවේ දී පළමු වතාවට ආර්ජෙන්ටිනා අර්ධයට පිවිසි (Birkir BJARNASON) බිර්කිර් ජාර්නසන් හට ගෝලයක් ලබා ගැනීමේ අවස්ථාවක් ගිලිහි ගියේ නුලෙනි.

කෙසේ වෙතත් අයිස්ලන්ත දඬුවම් පහර චතුරශ්‍රය ආසන්නයේම කල් මැරූ ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෝ තරගයේ 19 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය. චතුරශ්‍රයේ පිටත සිය අගුවෙරෝ හට යොමු කළ පන්දුව අගුවෙරෝ විසින් අලංකාර ලෙස දැල වෙත යොමු කරමින් සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කර ගැනීමට ඔහු සමත් විය.

(අගුවෙරෝ සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කළේය – FIFA.com)

කෙසේ වෙතත් හදිසියේම ආක්‍රමණයේ යෙදී සිටි ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින්ගෙන් මිදුණු අයිස්ලන්ත ක්‍රීඩකයෝ දීර්ඝ පන්දු යොමු කිරීම් මගින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර 23 වන මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩාලෝලීන් මෙන්ම අයිස්ලන්ත ක්‍රීඩාලෝලීන් ද මවිත කරමින් ලෝක කුසලානයක මංගල අයිස්ලන්ත ගෝලය වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වන්නට ෆින්බෝගසන් (FINNBOGASON) සමත් විය.

(ෆින්බෝගසන් අද ඉතිහාස පොත් අතරට එකතුවිය – FIFA.com)

කෙසේ වෙතත් ඉන්පසු පළමු අර්ධය අවසන් වන තුරුම ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෝ ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළ ද අයිස්ලන්තයේ ආරක්ෂක ක්‍රීඩකයෝ ප්‍රබල අයර්ලන්ත ක්‍රීඩකයින්ට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත.

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 01 – 01 අයිස්ලන්තය

දෙවන අර්ධය ආරම්භයේ සිටම ආර්ජෙන්ටිනා නායක ලයනල් මෙසීට අයිස්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර මෙසී පන්දුව ලබා ගන්නා සෑම අවස්ථාවකම අයිස්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක් ඔහුව ආවරණය කරනු දක්නට ලැබුණි.

62 වන මිනිත්තුවේ දී තරගය උඩු යටිකුරු කරමින් ආර්ජෙන්ටිනා කණ්ඩායමට දඬුවම් පහරක් නියම කිරීමට විනිසුරු තීරණය කරන ලදි. සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී එම දඬුවම් පහර ලබාගත් අතර මුළු ක්‍රීඩා පිටියම මොහොතකට ගොළු කරමින් අයිස්ලන්ත ගෝල රකින ක්‍රීඩක හැනාස් තෝර් හෝල්ඩොර්සන් (Hannes Thor Halldorsson) කලාතුරකින් සිදුවන ප්‍රාතිහාර්යයක් කරමින් ලයනල් මෙසීගේ දඬුවම් පහර වැළැක්වූයේ තරගයේ වීරයා මෙන්ම අයිස්ලන්තයේ වීරයා බවට ද  පත්වෙමිනි.

(හෝල්ඩොර්සන් ගේ විශ්මයජනක ගෝල රැකීමෙන් තරගය කණපිට හැරවීමට ඔහු සමත්විය – FIFA.com )

තවද හෝල්ඩොර්සන් තරගය පුරාම දස වතාවක් අගුවෙරෝ, මෙසී, ඩි මරියා ප්‍රමුඛ ප්‍රබල ආර්ජෙන්ටිනා ආක්‍රමණශීලී ක්‍රීඩකයින්ගේ උත්සාහයන් නැවැත්වීමට සමත් වූයේ තරගාවලියේ පළමු පෙරළිය කරමින් සිය මංගල ලෝක කුසලාන තරගයම ප්‍රබල ආර්ජෙන්ටිනාව මර්දනය කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින්ය.

අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 01 – 01 අයිස්ලන්තය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ආර්ජෙන්ටිනාව – අගුවෙරෝ 19’
  • අයිස්ලන්තය – ෆින්බෝගසන් 23’

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා රටාව බිඳ දමමින් ප්‍රංශය ජය ගනී

2018 FIFA පාපන්දු ලෝක කුසලානයේ තෙවන දිනයේ පළමු තරගය ලෙස ප්‍රංශය ඕස්ට්‍රේලියාව අද (16) කසාන් හි කසාන් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ගෝල 2-1ක් ලෙස තරගය ජය ගැනීමට පෙරළිකාර ප්‍රංශය සමත් විය.

කයිලන් මබාප්පේ (Kylian MBAPPE) ප්‍රංශය වෙනුවෙන් ලෝක කුසලාන වරම් දිනාගත් ළාබාලම ක්‍රීඩකයා බවට පත්වූ අතර මේ ප්‍රංශ ගෝල රකින ක්‍රීඩක හියුගෝ ල්ලෝරිස් (Hugo LLORIS) ප්‍රංශය නියෝජනය කළ 99 වන ජාත්‍යන්තර තරගය විය.

ඕස්ට්‍රේලියාව ශාරීරික ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර එම ක්‍රීඩා රටාව පළමු අර්ධය පුරා ප්‍රංශය මවිත කරමින් ඔවුන් ගෝලවලින් ඈත් කර තබා ගැනීමට සමත් විය.

පළමු අර්ධයේ එකම ආසන්න අවස්ථාව උදා කර ගැනීමට සමත් වූයේ ඕස්ට්‍රේලියාව වූ අතර ප්‍රංශයට පළමු අර්ධය පුරා එතරම් සාර්ථක වීමට නොහැකි විය. ඕස්ට්‍රේලියාවේ ට්‍රෙන්ට් සෙන්ස්බරි ආරක්ෂක වළල්ලේ සිට හා ආරොන් මුයි (Aaron Mooy) මැද පෙළේ සිට ප්‍රංශ ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරනු දක්නට ලැබුණි.

(ග්‍රීස්මාන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය – ප්‍රභවය goal.com)

දෙවන අර්ධයේ 58 වන මිනිත්තුවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක ක්‍රීඩකයෙකු ප්‍රංශ ක්‍රීඩක ඇන්ටෝයිනේ ග්‍රීස්මාන් (GRIEZMANN) හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වරට විනිසුරු ‘VAR’ තාක්ෂණය භාවිතා කරමින් වීඩියෝ පුනරූපන දර්ශන යොදා ගනිමින් එය දඬුවම් පහරක් බව තීරණය කළේය. තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් ග්‍රීස්මාන් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය.

ප්‍රංශ දඬුවම් පහර චතුරශ්‍රය තුල දී ප්‍රංශ ක්‍රීඩක උම්ටිටි පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරදට හසුවීම නිසා ඕස්ට්‍රේලියාවට 62 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වූ අතර ජේඩිනැක් (Jedinak) ඉතා පහසුවෙන් එම දඬුවම් පහර ගෝලයක් බවට පත් කළේ ගෝල සමකරමිනි.

(ජේඩිනැක් 62 වන මිනිත්තුවේ දී ගෝල සමකිරීමට සමත් විය-ප්‍රභවය FIFA.com)

කරට කර තරගයකට කණ්ඩායම් දෙකම පිවිසුණු අතර මේ අර්ධයේ නම් ඕස්ට්‍රේලියානු දැඩි ශාරීරික ක්‍රීඩා විලාසය හා තියුණු බාධා කිරීම් ප්‍රංශ ක්‍රීඩකයින්  හොඳින් හඳුනාගෙන ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුණි.

ජය පරාජයෙන් තොර තරගයක් සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කරට කර තරගයක් දුන් නමුත් පන්දුව මැට් රයන් ගෝල රකින්නාගේ හිසට ඉහලින් යොමු කළ පෝල් පොග්බා 81 වන මිනිත්තුවේ දී ජයග්‍රාහි ප්‍රංශ ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ කැන්ගරුවන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි.

(පෝල් පොග්බා ජයග්‍රාහි ගෝලය වාර්තා කළේය -ප්‍රභවය-FIFA.com)

අවසාන ලකුණු තත්වය: ප්‍රංශය 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • ඕස්ට්‍රේලියාව – ජේඩිනැක් 62’
  • ප්‍රංශය – ග්‍රීස්මාන් 58’(PEN) , පොග්බා 81’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<