සත්කාරක රුසියාවට මංගල තරගයෙන් දැවැන්ත ජයක්

552

2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එහි මංගල තරගය ලෙස සත්කාරක රුසියාව හා සවුදි අරාබිය මොස්කව් නුවර ලුස්හ්නිකි (Luzhniki Stadium) ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර මංගල තරගයේ ජය ගෝල 5-0ක් ලෙස සත්කාරක රුසියාවට හිමි විය. මේ ජය 1934න් පසු ලෝක කුසලාන ආරම්භක තරගයක දී වාර්තා වූ විශාලම ජය විය.

හුසේයිනි ක්‍රීඩකයින්ට නූලෙන් ජයග්‍රහණය මඟ හැරේ

දෙවන අර්ධයේ තරගයට පිවිසුණු කොළඹ හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය පරාජය කරමින් කින්නියා මධ්‍ය විද්‍යාලය, වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ…

4-2-3-1 ආකෘතිය යටතේ තරගාවලියට පිවිසුණු රුසියාව ගෝලරකින ක්‍රීඩක ඉගොර් අකින්ෆිව් (AKINFEEV) විසින් මෙහෙය වූ අතර 4-5-1 ආකෘතිය යටතේ ක්‍රීඩා කළ සවුදි අරාබිය ඔසාමා හව්සාවී (OSAMA HAWSAWI) විසින් මෙහෙයවනු ලැබිණි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශනයෙන් අනතුරුව නිල වශයෙන් තරගාවලිය ආරම්භ වූ අතර තරගය පැවැත්වූ ලුස්හ්නිකි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව 78,011ක් පාපන්දුලෝලිගෙන් පිරි ගොස් තිබුණි. ආර්ජෙන්ටිනාවේ නෙස්ටර් ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළේය.

පළමු මිනිත්තු කිහිපයේ රුසියානු ආක්‍රමණශීලී ක්‍රීඩකයින් සවුදි ආරක්ෂක ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර පළමු මිනිත්තු අට ඇතුලත හතර වතාවක්ම රුසියානු ක්‍රීඩකයින් සවුදි අරාබි ගෝල චතුරශ්‍රය වෙත පිවිසීමට සමත්වුවත් ඉන් එකදු අවස්ථාවක්  හෝ ප්‍රයෝජනයට ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය හා දෙවන අර්ධය පුරාම සවුදි ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය ඇල්මැරුණු තත්වයක තිබුණු අතර ප්‍රබල රුසියානු පීඩනය එයට හේතුවන්නට ඇත. කෙසේ වෙතත් රුසියානු ක්‍රීඩකයින්ගේ හැරෙන්නට සවුදි ක්‍රීඩකයින්ගේ නම් ගෝල ලබා ගැනීමට තරම් වටිනා උත්සාහයන් තිබුණේ නැත.

සයවැනි ලෝක කුසලානය සොයා යන බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බ්‍රසීල කණ්ඩායම තුළින් පාපන්දු ලෝකයට දැවැන්ත නාමයන් එක්වීම සහ ඔවුන්ටම ආවේණික වූ තරග…

ඔවුන්ගේ ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස 11 වැනි මිනිත්තුවේ දී රුසියාවට පැති පහර අවස්ථාවක් හිමි වූ අතර 2018 ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කරමින් රුසියාවේ යුරි ගසින්ස්කි සිය මංගල ජාත්‍යන්තර ගෝලය ලෙස පන්දුව හිසෙන් දැල වෙත යොමු කරන්නට සමත් විය.

ප්‍රබල රුසියානු ක්‍රීඩකයෙකු වූ ඇලන් ඩ්සාගොව් (Alan Dzagoev) ආබාධයකට ලක්වීම නිසා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටි ඩෙනිස් චෙරියිෂේව් පිටියට පිවිසුණු අතර වැඩි වෙලාවක් යාමට මත්තෙන් (43 වන මිනිත්තුවේ දී) සවුදි ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් මඟ හරිමින් රුසියාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කරන්නට සමත් විය.

පළමු අර්ධ: රුසියාව 2 – 0 සවුදි අරාබිය

දෙවන අර්ධයේ ද සත්කාරකයින් පන්දුව තමන් සන්තකයේම තබාගෙන තරගයේ සම්පූර්ණ බලය තමන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කළ අතර පිටියේ තමන්ගේ අර්ධයට සීමා වූ සවුදි ක්‍රීඩකයෝ අවස්ථා කිහිපයකම රුසියානු අර්ධය වෙත පිවිසුණ ද ප්‍රබල ලෙස ක්‍රීඩා කළ රුසියානු පසුපෙළ ක්‍රීඩකයෝ පහසුවෙන් ඔවුන්ව පලවා හරින්නට සමත් විය.

තවත් අතිරේක ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට රුසියානු පුහුණුකරු තීරණය කළ අතර ඒ අනුව 70 වන මිනිත්තුවේ දී පිටියට පිවිසි ඩ්සියුබා (Dzyuba) 71 වන මිනිත්තුවේ දී සිය පළමු පන්දු ස්පර්ශයෙන්ම රුසියාව වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.  

රොනාල්ඩෝ සමඟ ලෝක කුසලානය හඹා යන පෘතුගාලය

2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින් ලොවම මවිතයට පත් කළ පෘතුගාලය සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් බලාපොරොත්තුවෙන් මනා ආත්ම ශක්තියකින්…

දීර්ඝ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස ලබා ගත් ඩෙනිස් චෙරියිෂේව් ගෝල චතුරශ්‍රයේ එක් කොනක සිට සවුදි ගෝල රකින්නා වූ අබ්දුල්ලා මඟ හරිමින් පන්දුව අලංකාර ලෙස දකුණු පස ඉහළින් ගෝල දැල වෙත යොමු කරමින් සිය දෙවන ගෝලය 90 වන මිනිත්තුවේ දී ලබා ගැනීමට සමත් වූයේ සවුදි ක්‍රීඩකයින්ගේ අභිමානය සුන් කර දමමිනි.

ඉන් තවත් මිනිත්තු දෙකකට පසුව 90+4 මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සවුදි ආරක්ෂක බිත්තිය හා ගෝල රකින්නා මග හරිමින් අලංකාර ලෙස ගෝල රාමුව තුලට එල්ල කරන්නට රුසියාවේ ගොලොවින් සමත්වූයේ තරගය නරඹමින් සිටි රුසියානු ජනාධිපති පුටින් ද පුදුමයට පත් කරමිනි.    

අවසාන ලකුණු තත්වය: රුසියාව 5 – 0 සවුදි අරාබිය

ගෝල රැස් කිරීම

  • රුසියාව – ඩ්සියුබා 71, ඩෙනිස් චෙරියිෂේව් 43’, 90+1, යුරි ගසින්ස්කි 11, ගොලොවින් 90+4

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<