ද්‍රාවිඩ්ගෙන් පණිවිඩයක්

2414
Few lessons to learn

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට, ක්‍රිකට් විශ්ලේෂණය කිරීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා ලෙසම උගත හැක්කේ වසර ගණනක් ක්‍රිකට් පිටිය මත දහදිය හෙලූ ප්‍රවීණ ක්‍රීඩකයෙකුගෙන්ම ය. එවන් අවස්ථාවක් පසුගිය දා උදා විය.

රාහුල් ද්‍රාවිඩ් යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සලකුණකි. සචින් ටෙන්ඩුල්කාර් සමඟින් එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමෙන් හෝ ඔහුගේ බැබළීම වළකන්නට කිසිවෙකුට හැකිවූයේ නැත. පා ඉන්නෙන් එපිට ඉතා දැකුම්කළු ක්‍රීඩා රටාවක් තිබූ ඔහු මේ වන විට ඉන්දියානු යොවුන් කණ්ඩායමේ පුහුණුකරු වන අතර සෑම යොවුන් ක්‍රීඩකයෙකුටම වැදගත් විය හැකි කරුණු කිහිපයක් ඔහු පසුගිය දා අනාවරණය කළේය.

19න් පහළ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් සෑම රටක්ම සූදානම් වන අතරේ යොවුන් ක්‍රීඩකයන්ට මෙවන් අවස්ථාවක් ලැබීමම විශාල ජයග්‍රහණයක් බව ද්‍රාවිඩ් ඉන්දියානු rediff මාධ්‍යට ප්‍රකාශ කළේය.

මගේ කාලයේ මෙහෙම තරගාවලියක් තිබුණේ නැහැ.” ද්‍රාවිඩ් කියයි.

“1988 වර්ෂයෙන් පස්සේ අවුරුදු 10ක් පුරාවට මේ තරගාවලිය පැවැත්වුණේ නැහැ. ඉතින් මෙවැනි තරගාවලියකට සහභාගී වීමේ අත්දැකීමක් මට නැහැ.” එවැනි තරගාවලියක් තිබුණා හෝ නැතා කියා ද්‍රාවිඩ් කිසිසේත් නොනැවතිණි. එවැනි තරගාවලියක් අහිමි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වුව නොනැවතිණි.

අසංක ගුරුසිංහලා, සනත් ජයසූරියලා, හෂාන් තිලකරත්නලා, රොෂාන් මහානාමලා එකල 19න් පහළ තරගාවලියක් පැවැත්වූයේ නම් ඊට සහභාගී වීමේ වපසරිය සහිත වූවන්ය. එහෙත් ඔවුන්ට එම අවස්ථාව නොලැබිණි. පුදුමයක්! මේ සියලු දෙනාම පාහේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වූයේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය 1988 සිට වසර 10ක් පුරා නොපැවැත්වුණු පසුබිමකදීයි.

මරාගෙන මැරෙන්නට පවා සූදානම් “අපේ කොල්ලො සෙට් එක”

“මං බලනවා පිටිය මැදට ගියහම ඒ ක්‍රීඩකයා තමන්ගෙ රට වෙනුවෙන් ජීවිතය හරි …

මේ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට ලොව අනෙක් ක්‍රීඩකයන්ට සමාන දස්කම් කට්ටලයක් තිබෙනවා. නමුත් මේ මට්ටමෙන් එහාට ගියහම ඔවුන්ට තරග වදින්නට වෙන්නේ ඔවුන්ට වඩා ඉහළ දස්කම් කට්ටලයක් ඇති ක්‍රීඩකයන් එක්කයි. ඔවුන්ට වඩා අත්දැකීම් සහ දස්කම් ඇති ක්‍රීඩකයන්ට එරෙහිව තරග වැදීමට අවශ්‍ය හැඩගැසීම කර ගැනීමයි ඔවුන්ට අභියෝගයක් වන්නේ.”

මෙය ඉතාම වැදගත් පණිවිඩයකි. ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතර ද මෙම නොගැලපීම ඇත. දේශීය ක්‍රිකට් පිටිය තුළ කඩුලු මලු ගණන් පුරවන, ලකුණු ගහෙන් කඩන පිතිකරුවන් ජාත්‍යන්තර මට්ටමේ දී ඊට හැඩගැසීමට ගන්නා කාලය මත ඔවුන්ගේ ඉදිරි ක්‍රිකට් ගමන තීරණය වේ.

මෙය අප කාලයක් පුරාවට අත්දුටුවකි. ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ සහ 19න් පහළ මට්ටමේ දී දස්කම් අතරින් ඉහළම සිටින සමහර ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට ගොඩබෑ විට දස්කම් දැක්වීම පමා වන්නේ එබැවිනි.

විශේෂ දස්කම් කට්ටලයක් ඇති යොවුන් ක්‍රීඩකයන් අපට කලාතුරකින් දැකගත හැකි වේ. අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් ආදීන් 19න් පහළ පිටියේ දී ම තමන් ජාත්‍යන්තරය තරණය කිරීමට සූදානම් බව ප්‍රදර්ශනය කළවුන් ය. ඔවුන් තරගයක් සැලසුම් කරන ආකාරය, තම දස්කම් ඒ ඒ මොහොත වෙත යොමුකරන ආකාරය, පීඩනය පාලනය සහ තරගයක විවිධ අවධීන් සාර්ථකව හඳුනා ගැනීම යන කරුණු ඔවුන් යොවුන් ක්‍රීඩකයන් ව සිටිය දී ම ඉහළ මට්ටමක පැවතිණි.

ද්‍රාවිඩ් කියන අන්දමට ඔවුන් 19න් පහළ ක්‍රිකට් තරු වශයෙන් සිට මීළඟට පා තබන්නේ ඔවුන්ට එතරම් පිළිගැනීමක් නොලැබෙන මට්ටමකට ය.

හැමදෙනාටම එතැන දී ඉක්මණින් සාර්ථක වෙන්න බෑ.” සාමාන්‍යයෙන් ඕනෑම රටක ආධුනික ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම දැකිය හැක්කේ එවැනි ක්‍රීඩකයන් ය. එවැනි අවස්ථාවල දී ඔවුන්ව හොඳින් රැකබලාගෙන ඔවුන් පෝෂණය කළ යුතු වේ. ජාත්‍යන්තර මට්ටමේ තරග දෙස ඔවුන් බලන ඇස තීව්‍ර කළ යුතු වේ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කණ්ඩායමක් හැර යන විට කණ්ඩායම පසුබසින්නේ පුහුණුකරුවන් අතින් එය මඟහැරුණු විට ය. ආධුනිකයන්ව ජාත්‍යන්තර මට්ටමට සූදානම් කිරීම දැඩි අභියෝගයක් විය හැකිය. භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, කිතුරුවන් විතානගේ වැනි ක්‍රීඩකයන්ගෙන් අපේ ජාතික කණ්ඩායමට ලද හැකිව තිබූ අගනා සේවය අපට මඟහැරී ගියේ එබැවිනි. භානුක වැනි මෙරට 19න් පහළ මට්ටම රජකළ ක්‍රීඩකයෙකු තවමත් ජාත්‍යන්තර පිටිය තරණය කොට නැත.

භානුක රාජපක්ෂ මෙතෙක් ජාත්‍යන්තරයට මුදාහැර නැත

විශේෂයෙන් 20 වැනි වියේ දී විශාල පහරවල් එල්ල කිරීමටත්, වේගපන්දු යැවීමටත් හැකි ස්වාභාවික දක්ෂයෙකු වූ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයෙකු අපට හරිහැටි ජාත්‍යන්තරයේ දී යොදාගැනීමට නොහැකි වූයේ මන්දැයි කියා හෝ අප සිතා බැලිය යුතුය. ඒ හේතුවෙන් දැන් ඔහුට සිදුවී ඇත්තේ අපමණ අවලාද විඳීමටයි. ඉන්දියාව විසින් හර්දීක් පාන්ඩ්යා වැනි සාමාන්‍ය දක්ෂයෙකු ඉහළ දක්ෂයෙකු බවට පත්කොටගෙන ඇත. එසේ සිදුවන්නේ අපගේ නොසැලකිල්ල නිසයි.

ඒ ගැන අපි ඔවුන් එක්ක නිතරම කතා කරනවා. 19න් පහළ සිට තමන්ගේ දස්කම් හඳුනා ගෙන තරග රටාව අවබෝධ කරගන්නට සමහර විට ඔවුන්ට ටික කාලයක් යනවා. ඒක කාර්යාවලියේ කොටසක්.” ද්‍රාවිඩ් එසේ කියයි.

ඉන්දියාව යොවුන් ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට මුදාහැරීම අතින් දැන් ඉදිරියටම පැමිණ ඇත. ඊට හේතුවී ඇත්තේ ඔවුන්ගේ උක්ත දැක්මයි. මෙරටටත් එවන් දැක්මක් ඇතිකරගත හැකි නම්, 19න් පහළ මට්ටමේ දී මෙරටින් පායන තරු රැකගෙන ඔවුන් සාර්ථකව ජාත්‍යන්තරය වෙත මුදාහැරීමේ මාවත එළිපෙහෙළි කර ගැනීම සිදුකරගත හැකිය.

හිතවතුනි අද සුදු ඇඳන් එන්න

හතුරු මිතුරු වී ඇත. ඇන්ජලෝ යළිත් නායකත්වයේ උට්ඨානය වී ඇත…

ටෙස්ට් තරග 164ක් ක්‍රීඩා කොට, ලකුණු 13,288ක් ලබාගත් රාහුල් ද්‍රාවිඩ් නම් ප්‍රවීණයෙකු පවසන වචන දෙකකින් වුව යොවුන් ක්‍රීඩකයෙකුට උගත හැකි යමක් ඇත. ඒ “තමන්ගේ තරග රටාව තමන් හඳුනාගත යුතු බව”යි.

පුහුණුකරුවන් සහ බලධාරීන් තේරුම්ගත යුත්තේ දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමට සූදානම් කිරීම”, ඔහුගේ කය සූදානම් කිරීමෙන් පමණක් සිදුනොවන බව සහ ඔහුගේ මනස ද සූදානම් කිරීමෙන් ද, පෝෂණය කිරීමෙන් ද එය සිදු කළ හැකි බව ය.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<