17 වැනි ක්‍රීඩා ඇමති ලෙස ඩලස් අලහප්පෙරුම

570

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර එහි දී ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ තවත් දැවැන්ත ජයක්!

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ……..

නව ආණ්ඩුව පත්වීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු මහතා වන අතර පසුගිය දා පැවති ජනාධිපතිවරණය අවසානයේ ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස තරග වැදුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වූ පසුව ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලදි.

වයස අවුරුදු 60ක් වන අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා ආණ්ඩුවක් තුල තේරී පත්වූ 17 වැනි ක්‍රීඩා අමාත්‍යවරයා වේ. මෙලෙස අද දිනයේ දී දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් එළඹෙන මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<