එදා ලාහෝර්වල සිදුවීම මට ගොඩක් දේවල් ඉගැන්වුවා – සංගක්කාර

81

පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ඉස්මතු වීම සෙමෙන් නමුත් ක්‍රමයන් සිදුවෙමින් පවතී. මෑත වසරවල දී, පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ වර්ධනය සහ කරච්චි සහ ලාහෝර්හි පැවැත්වීමට නියමිත පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා විදේශීය ක්‍රීඩකයන් ඉදිරිපත් වීමට කැමැත්ත පලකිරීම එම ගමනේ වැදගත් සංධිස්ථානයන් විය. 

පසුගිය වසරේ අග භාගයේ දී, ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණීම එම ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉවහල් විය. දශකයකට වැඩි කාලයක් ටෙස්ට් ක්‍රීඩාව තුල නිහඬව සිටි පාකිස්තානයට නැවතත් ටෙස්ට් වසන්තය ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

T20 තරග රටාවට ඉක්මනින්ම සමුදෙනවා – ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස ………………

ඉන් අනතුරුව බංග්ලාදේශය ද පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණීමට තීරණය කළේය. කොටස් දෙකකින් සමන්විත වන සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් මාසයේ දී කරච්චි නුවර දී පැවැත්වීමට නියමිතය. පසුගිය සතියේ රාවල්පින්ඩි හිදී පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් විය. එහි දී පාකිස්තානය නවක ක්‍රීඩක නසීම් ශා ලබා ගත් කඩුලු ත්‍රිත්වය වඩාත් කැපී පෙනිනි. 

පාකිස්තාන ක්‍රිකට් නඟා සිටුවීමේ තවත් අදියරක් සඳහා ශ්‍රී ලංකාව බිහි කළ ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Marylebone ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් කලන්ඩර්ස් පිලට එරෙහිව විස්සයි 20 තරගයක් සඳහා සිකුරාදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී සහභාගි වීමට නියමිතය. එමගින් ඔහු 1972 මියුනිච් ඔලිම්පික් උළෙලට පසුව ජාත්‍යන්තර ක්‍රීඩා කණ්ඩායමකට පැමිණිය හැකි අතිශය ගෞරවාන්විත අවස්ථාව සඳහා සහභාගි වනු ඇත.

2009 මාර්තු 3 සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි  බලපෑමක් සිදු කළේය. පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බස් රථයෙන් ක්‍රීඩාංගණයට ළඟා වෙද්දී, ලිබර්ටි වටරවුමේ සැඟව සිටි තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සඳහා ඔවුන් අත්බෝම්බ ද යොදාගෙන තිබිණි. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තිබූ අතර තරග නිලධාරීන් රැගෙන ගිය බස් රථයේ රියදුරු ද මියගොස් තිබුණි. 

වීරෝදාර ලෙස, ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයේ රියදුරා වූ මෙහාර් මොහොමඩ් කලීල් බස් රථය ක්‍රීඩාංගණය තුලට රැගෙන යාමට සමත් විය. ඒ බස් රථයේ ටයරවලට ද වෙඩි වැදී තිබිය දී ය. මෙම අවුල් සහගත තත්වයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ හත් දෙනෙකුට තුවාල සිදුවි තිබුණි. එහි දී තරංග පරණවිතානට හා තිලාන් සමරවීරට බරපතළ ලෙස තුවාල සිදුවී තිබුණි. 

මෙම ප්‍රහාරයේ දී කුමාර් සංගක්කාර දිවි බේරාගෙන තිබුණේ වාසනාවකටය.  ඔහු 2011 දී එම්.සී.සී. දේශනයේ දී ඒ බව හෙළි කළේය. කුමාර් සංගක්කාර අසල සිටි තිලාන් සමරවීර හට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව සංගක්කාර ඔහු දෙසට නැමී ඇති අතර එහි දී සංගක්කාර වෙත එල්ල වූ ප්‍රහාරයක් ඔහුගේ හිස අසලින් ගොස් බස් රථයේ අසුනෙහි වැදී තිබිණි. 

“කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා” – චමරි අතපත්තු

“නවක, තරුණ වගේම දක්ෂ ක්‍රීඩිකාවන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ….

කුමාර් පවසන පරිදි මෙම වතාවේ ඔහු ගඩාෆි ක්‍රීඩාංගණයට පැමිණෙන විට ඔහු සහ ඔහුගේ සගයන් අවසන් වරට ගඩාෆි ක්‍රීඩාංගණයෙන් පිටත්ව ගොස් තිබුණේ විට හමුදා හෙලිකොප්ටරයකිනි. දශකයකට වැඩි කාලයකින් අනතුරුව ඔහුගේ නැවත පැමිණීම, එක් අතකින් එම මතක වෙත නැවත රැගෙන යාමක් සහ අනෙක් පැත්තෙන් බලාපොරොත්තුවක් එක් කරන බව කුමාර් පවසා සිටියේය. 

“මට ඒ සිදුවීම මතක් කරන්න එතරම් ශක්තියක් අවශ්‍ය නෑ. එම දිනය සහ එම අවස්ථා ඉතා පැහැදිලිව මට මතකයි. එය මා නැවත පණ ගැන්වූ දෙයක් හෝ නොගැලපෙන දෙයක් නොවේ. නමුත් එය කිසිදා අමතක නොකළ යුතු අත්දැකීමක්. එය ජීවිතය හා ක්‍රීඩාව සම්බන්ධයෙන් මට ඉදිරි දර්ශනයක් ලබා දුන්නා. ඒ වගේම ඒ සිදුවීම මගේ සාරධර්ම හා චරිත සහ වෙනත් අයගේ චරිත ගැන මට බොහෝ දේ කියලා දුන්නා.”

“මට ඒ ගැන කතා කරන්න කිසිදු වෙන්කිරීමක් අවශ්‍ය නෑ. එය මා කලබලයට පත් කළ දෙයක් නොවේ. නමුත් මේ ආකාරයේ අත්දැකීම් ඔබව ශක්තිමත් කළ හැකි. අද මට ලාහෝරයට නැවත පැමිණීමට හැකි වීම වාසනාවක් යැයි මම සලකමි.  එදින ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පරිත්‍යාගය ගැන මම මතක් කරන්න කැමතියි.”

ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් අතර ඇති වූ හැඟීම් තේරුම්ගත නොහැකි තරම් විය. පරණවිතානගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගය මෙය වූ අතර ඔහු ලකුණු ලබාගැනීමෙන් තොරව පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර ඉන් අනතුරුව ඔහුගේ පපුවේ වෙඩි උණ්ඩයකින් රෝහල් ගත කර තිබීම සිහිවීමෙන් සංගක්කාරට යම් සිනහවක් නැඟී තිබිණි. 

“මම හිතන්නේ සෑම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලික ආකාරයෙන් එය සමඟ ගනුදෙනු කළා” සංගක්කාර පැවසීය.

“නමුත් ඒ අතරම, අපව සැබවින්ම එක්සත් කරන්නේ මෙවැනි සිදුවීම් හා අභියෝගයට මුහුණ දීමයි. ඔබ එය පසුකර යා යුතුයි. ඔබට එය සාර්ථකව කළ යුතුයි. එයින් තමයි අපි ඉදිරියට හා ඉහළට ගමන් කරන්නේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ කොටසක්. ශ්‍රී ලාංකිකයෙකු හැටියට අපි එම පාඩම් හොඳින් ඉගෙන ගන්නවා. අප පසුකළ සිවිල් යුද්ධය පුරාම ක්‍රිකට් ක්‍රීඩාව සුවිශේෂ. අභියෝගයක් වූ නිසා.”

“අපි විවිධ කාලවල දී මේ ප්‍රහාරය ගැන කතා කළා” ඔහු තවදුරටත් පැවසීය. “අප අත්විඳි දේ අනුව, අපට ඒ සිදුවීමේ සිනාසෙන්නට දේවල් තිබුණා. ජීවිත අහිමි වීම හැරෙන්න. ඇතැම් විට ඒ සිදුවීම දෙස හාස්‍යයෙන් යුතුව බැලීම ඒ සිදුවීමෙන් මිදෙන්න උදව් වුනා.”

“ජාත්‍යන්තර වේදිකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැබෑ ජීවිත තත්වයන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ බව අපිට හොඳින් දැනුණා. එය සැබවින්ම අපිව ශක්තිමත් කිරීමේ අත්දැකීමක්. අපිට නිහතමානී කෙනෙකු වෙන්න ඒක ගොඩක් ලොකු හේතුවක් වුනා.”

කුමාර් සංගක්කාර 2015 දී විශ්‍රාම යන විට පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් පැමිණීමේ සේයාවක් වත් නොතිබිනි. එම නිසා සංගක්කාරට ප්‍රහාරයෙන් පසු නැවත ලාහෝර් වෙත පැමිණෙනු ඇතැයි සිතීමට හේතුවක් ද නොතිබෙන්නට ඇත. එහෙත් Marylebone ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස  ඔහුගේ වචනවලින් කිවහොත්, “භාරකාරත්වය සහ උරුමය” ට අනුව ක්‍රීඩාවේ එක් “බලශක්තියක්” නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවෘතව ඇති බවට ප්‍රචාරය කිරීම සඳහා ඇති අවශ්‍යතාවය ඔහුට තේරුම් ගොස් තිබිණි. 

“එම්.සී.සී. හි ඉතිහාසය හා සම්ප්‍රදායන් විශාල වශයෙන් පවතිනවා. නමුත් මේ දේ ඇත්ත වශයෙන්ම එක්සත් රාජධානියේ සහ ක්‍රීඩා සමාජ රාමුව තුළ පමණක් නොව, ඉන් ඔබ්බට ජාත්‍යන්තරවත් එම්.සී.සී. දර්ශනය වෙනස් කරාවි “ යනුවෙන් සංගක්කාර පැවසීය.  

” ක්‍රීඩාවේ සහ නීතිවල ආරක්ෂකයින් ලෙස පමණක් නොව ක්‍රීඩාවේම කාර්යභාරයක් අපට තියනවා. අප සංචාරය කරන සෑම රටකටම විශ්වාසය හා සහයෝගය ලබා දෙනවා.”

අජ්මාල් ෂාසාඩ් විසින් පුහුණු කරනු ලබන 12 දෙනෙකුගෙන් යුත් Marylebone සංචිතයට රවී බෝපාරා, රොස් වයිට්ලි සහ රෝලොෆ් වැන් ඩර් මෙර්වේ වැනි ක්‍රීඩකයින් ද ඇතුළත් වේ. දින හයක් තුළ තරග හතරක් සඳහා ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතය. 

පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට…………

පාකිස්තානය තුල සිදු කරන බොහෝ සංචාරයන් ආරක්ෂක වශයෙන් තහවුරු කරගැනීමට කණ්ඩායම් පෙළඹී තිබුණි. එවැනි පසුබිමක් තුල එම්.සී.සී. හි පැමිණීම බොහෝ කණ්ඩායම්වලට යම් සහතිකයක් ලබා දෙනු ඇති බව සංගක්කාරගේ මතයයි. එළඹෙන මාර්තු මාසයේ දී පාකිස්තාන සංචාරයක් සඳහා එක්වීමට නියමිත දකුණු අප්‍රිකාව ද තවමත් ආරක්ෂක තත්වයන් පිරික්සමින් සිටී. 

“අපගේ පණිවිඩය ඉතා සරලයි,” සංගක්කාර පැවසීය. “අප මෙහි පැමිණියේ අපට හොඳ සංචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස නිසා. පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හි කළමනාකාර අධ්‍යක්ෂ වසීම් ඛාන් සහ පාකිස්තාන රජය අපව මෙහි ගෙන්වා ගැනීමට විශාල උත්සාහයක් ගත්තා. අපට මේ සංචාරය සාර්ථකව නිමා කිරීමට හැකි වූ විට ඒ පණිවිඩය පාකිස්තානයෙන් ඔබ්බට ගෙන යන්න පුළුවන් වේවි. ඒක පාකිස්තානයට පැමිණීමට තීරණය කරන අනෙක් රටවල් වල අරමුණු ශක්තිමත් කරාවි.”

“මේ ක්‍රියාවලිය සඳහා කාලය ගත වෙනවා. නිවැරදි පණිවුඩයක් යැවීමෙන් ලෝකයේ විශ්වාසය ගොඩනඟා ගන්න ඕනේ. ඒ වගේම  නිවැරදි ක්‍රියාපටිපාටි සහ නිවැරදි විධිවිධාන අවශ්‍ය වෙනවා. නමුත් ඒ සියල්ල එක්රැස් වන ආකාරය දැකීම සතුටක්. වැඩි වැඩියෙන් කණ්ඩායම් ඒ ගැන කතා කරාවි සහ තවත් කණ්ඩායම් පැමිණේවි. “

සංගක්කාර පවසන ආකාරයට නැවත පැමිණීම සම්බන්ධයෙන් ඔහු ඉතාමත් සතුටෙන් පසුවේ.

“ලාහෝරයට නැවත පැමිණීම, ක්‍රීඩාංගණයට ගොස් පර්ල් කොන්ටිනෙන්ටල් හෝටලයේ නැවතී සිටීම වැනි දේ ගැන සිතීමට මම යම් කාලයක් ගත කළා.” ඔහු පැවසීය. 

“ගුවන්තොටුපලේ පිළිගැනීම අතිවිශිෂ්ටයි, අපි මෙහි පැමිණීම ගැන හැමෝම හරිම කැමත්තෙන් ඉන්නවා. ඒකෙන් අපිට සැහැල්ලුවක් ලැබුණා, බස් රථයට නැග්ගා. නැවත පැමිණීම සතුටක්. ලාහෝර් පැමිණීම සහ මෙම සංචාරයේ කොටසක් වීම ලොකු සතුටක්.”

“මම හිතන්නේ අපේ මේ පැමිණීම පාකිස්තානයේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු මඟපෙන්වීමක් වේවි. ලොකු ආදර්ශයක් වේවි. ඊට වඩා විශාල උරුමයක් ඉතිරි කරන්න බෑ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත පාකිස්තානයට ගෙන ඒමේ උත්සාහයේ කොටසක් ලෙස එම්.සී.සී.ය සහභාගි වීම අප සැමට ආඩම්බර විය හැකි යැයි මම හිතනවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<