දෙවන සතියේ B කාණ්ඩයත් උණුසුම්

1264

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය සතියේ පැවති තරග නිමා වූයේ මෙසේයි.

සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල හා කොළඹ DS සේනානායක විදුහල අතර පැවතී තරගයෙන් ලකුණු 52-06ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට DS සේනානායක විදුහල සමත් විය. DS විදුහලේ ශක්තිමත්භාවය මෙම තරගය පුරාවට හොඳින් කැපී පෙනුණ ද එයට අභියෝග කරන්නට බෙනඩික්ට්වරුන්ට නොහැකි විය.

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ ……

ගාල්ල රිච්මන්ඩ් විදුහල හා ආනන්ද විදුහල අතර කොග්ගල දී පැවතී තරගයෙන් ලකුණු 20-19ක් ලෙස තියුණු ජයක් ලබා ගන්නට සත්කාරක රිච්මන්ඩ් කණ්ඩායම සමත් විය. කණ්ඩායම දෙකේම පසුපෙළේ ක්‍රියාකාරීත්වය මනා ලෙස කැපී පෙනුණ ද අවසානයේ දී ආනන්ද ක්‍රීඩකයින්ට පසු බැසීමට සිදු විය.

ලුම්බිණි විදුහල හා ශ්‍රී සුමංගල විදුහල අතර හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවතී තරගයෙන් ලකුණු 19-14ක් ලෙස ජයග්‍රහණය කරන්නට සුමංගල ක්‍රීඩකයින් සමත් විය. සුපිරි වේගයකට හිමිකම් කියන සුමංගල ක්‍රීඩකයින් පන්දුව මනාව හසුරවමින් දස්කම් පෑ අතර ලුම්බිණි ක්‍රීඩකයින් ද ඔවුන්ට දෙවැනි වූයේ නැත.

සුමංගල ක්‍රීඩකයින්ගෙන් ලුම්බිණියට අමිහිරි මතකයක්

2019 අන්තර් …..

සත්කාරක ධර්මරාජ විදුහල හා තර්ස්ටන් විදුහල අතර පල්ලෙකැලේ දී පැවතී තරගයෙන් ලකුණු 20-18ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට ධර්මරාජයින් සමත් විය. තරගයේ පළමු අර්ධය තර්ස්ටන් ක්‍රීඩකයින්ගේ ආක්‍රමණය යටතේ තිබුණ ද, දෙවන අර්ධය ධර්මරාජ ක්‍රීඩකයින් වෙත නතුකර ගෙන තර්ස්ටන් කණ්ඩායමට පහර පිට පහර එල්ල කළහ.

නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු විද්‍යාර්ථ විද්‍යාලය හා සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර 2019 P.M.L බණ්ඩා සහ B. නිල්ලේගොඩ ශූරතාවය දිනා ගන්නට විද්‍යාර්ථ කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 45-12ක් ලෙස සිල්වෙස්තර ක්‍රීඩකයින් පරාජය කරමිනි. ප්‍රථම අර්ධයේ දී තම රිද්මය සොයා ගැනීමට විද්‍යාර්ථ කණ්ඩායමට නොහැකි වූ නමුත් දෙවන අර්ධයේ දී සිය වැරදි නිවැරදි කරගනිමින් ජයග්‍රහණය දිනා ගන්නට විද්‍යාර්ථයින් සමත් විය.

විද්‍යාර්ථ – සිල්වෙස්තර සටනෙන් විද්‍යාර්ථයට ජය

මහනුවර සිල්වෙස්තර සමඟින් මහනුවර විද්‍යාර්ථ …..

මහානාම විදුහල හා CWW කන්නන්ගර විදුහල අතර පසුගිය දා තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු තරගයෙන් 33-15ක් වශයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මහානාම කණ්ඩායම සමත් විය. කන්නන්ගරයින්ගේ වැරදි තම වාසියට හරවා ගනිමින් තරගයේ ජය තමන් වෙත නතු කරගැනීමට මහානාම ක්‍රීඩකයින් සමත් විය.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් විස්තර ThePapare.com ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමග.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<