විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

419

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ Prop ක්‍රීඩක දිමිත්‍රි විජේතුංග, CH&FC කණ්ඩායම සමඟ එක් වන බව වාර්තා වේ. 

CR&FC කණ්ඩායම දුෂාන්ත් ලෙව්කේගේ භාරයට

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික නායක හා 2019 පාසල් රග්බි ලීගයේ ජයග්‍රාහී පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ එළඹෙන 2019/20…

2008 වසරේ ඉසිපතන විදුහලේ පළමු පෙළින් Prop ක්‍රීඩකයෙකු ලෙස තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ දිමිත්‍රි, 2011 වර්ෂයේ දී CR&FC කණ්ඩායම සමඟ එක්වීමෙන් පසු Second Row ක්‍රීඩකයෙකු ලෙස ද විශාල සේවයක් ඉටු කළේය. 

පසුව 2015 වසරේ දී දිමිත්‍රි CR&FC කණ්ඩායමෙන් වෙන් වී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වූ අතර ඔහු සහභාගී වූ ප්‍රථම තරගවාර දෙකේ දී ම මහනුවර ක්‍රීඩා සමාජය ඩයලොග් ලීග් රග්බි තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. නිහඬ සේවයක් කරමින් කණ්ඩායම ලද ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්නට දිමිත්‍රිට හැකි විය.

දේහධාරී සිරුරක් හිමි දිමිත්‍රි Prop ස්ථානයටම ගැළපෙන ක්‍රීඩකයෙකු වන අතර 2017/18 වර්ෂයන්වල ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට ඔහුට සිදු විය. ඉදිරිපෙළ හා පන්දුව හැසිරවීමේ දක්ෂතාවයෙන් CH&FC කණ්ඩායමට මේ වසරේ දී ශූරතාවය කරා යන්නට ඔහු විසින් විශාල දායකත්වයක් ලබා දෙනු නිසැකයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<