CR & FC ක්‍රීඩකයින් හමුවේ ගුවන් මෙහෙයුම අසාර්ථකයි

271

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් දෙසතිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CR & FC ක්‍රීඩා සමාජයත් CR  පිටියේ දී අද (03) තරග වැදුණු අතර එහි දී ලකුණු 27-17ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයින් සමත් විය.

පැහැදිලි ආලෝක තත්වයක් යටතේ CR පා පහරින් තරගය ආරම්භ විය. තරගයේ මිනිත්තු කිහිපයක් ගතවත්ම ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩගෙන් ඩ්‍රොප් ගෝලයක් වාර්තා විය. ඒ සමඟින් ගුවන් හමුදා ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (03-00)

ප්‍රබල මහනුවරට යුද හමුදාවෙන් ප්‍රබල අභියෝගයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (03) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 29-20ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ තවත් මිනිත්තු කිහිපයක් දෙපිලටම පන්දුව දෝලනය වනු දක්නට ලැබුණු අතර CR කණ්ඩායමේ හිරන්ත මනමේන්ද්‍ර ගුවන් ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමින් පළමු උත්සාහක දිනුම සාර්ථක කරගත්තේය. එහි ප්‍රවර්තනය ද තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (03-07)

පිටිය මැද මෙන්ම ක්‍රීඩාගාරය ද තියුණු මුහුණුවරක් ගනිමින් තිබුණු අතරතුර කවිඳු පෙරේරා තම රාජකාරිය මැනවින් ඉටු කරමින් පන්දුව රීසා රෆයිඩීන් වෙත ලබා දෙමින් ගුවන් හමුදා ධවල රේඛාව අතික්‍රමණය කළේ තවත් උත්සාහක දිනුමක් CR වෙත ලබා දෙමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (03-12)

තවත් මිනිත්තු කිහිපයක් ගතවද්දී ගුවන් ක්‍රීඩකයන් වෙත එල්ල කරන පීඩනය වැඩි වන බවක් පෙනෙන්නට තිබුණේ ගුවන් ක්‍රීඩකයන් එකා පිට එකා ඇද දමමින් CR ඉදිරි පෙළ ධවල රේඛාව අසලම රැදෙන්නට වූ නිසාවෙනි. ඒ සමඟින්ම කවිඳු පෙරේරාගෙන් අලංකාරවත් උත්සාහක දිනුමක් වාර්තා වන්නේ CR ලකුණු පුවරුව තවත් ඉහළ දමමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (03-19)

ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය ගතවද්දී සූක්ෂමව තම උපක්‍රම දියත් කරමින් CR කණ්ඩායමට නොදැනීම ගුවන් ක්‍රීඩකයින් CR ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරමින් තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. ඒ සූරිය ක්‍රිෂාන් විසිනි. එහි ප්‍රවර්තනය චරිත සෙනෙවිරත්න විසින් සාර්ථක කර ගත්තේය. (10-19)

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 10 – 19 CR & FC

දෙපිලේම ජයග්‍රාහී බලාපොරොත්තු තම හිස් මත රඳවා ගනිමින් දෙපිලම පිටියට අවතීර්ණ විය. තරගය ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට තිබූ වටිනා අවස්ථා දෙකක්ම ගිලිහි ගියේ විනිසුරුගේ තීරණ නිසාවෙනි. ඒ අතරට ඉදිරි අනිසි පන්දු හුවමාරුවක් හා knock-on අවස්ථාවක් ඇතුළත් විය.

ඉන් නොසැලෙමින් ගුවන් ක්‍රීඩකයන් තම අණසක පිටිය පුරා පතුරවන්නට වුවද CR ක්‍රීඩක තරින්ද රත්වත්තේ තම පළපුරුද්ද මැනවින් ප්‍රයෝජනයට ගනිමින් තවත් උත්සාහක දිනුමක් CR වෙත දිනා දුන්නේ තරගයේ ලකුණු පරතරය ඉහළ දමමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (10-24)

අවසානයට පෙර මහනුවර ශූරතාවය තහවුරු කරගනියි

ඩයලොග් රග්බි ලීගය අවසන් වීමට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදීම මහනුවර ක්රීඩා සමාජය එහි ශූරතාවය තහවුරු කරගත්තා. අනෙකුත් කණ්ඩායම් වලට සිදුවන්නේ කුමක්ද? “රග්බි පිටිය”

අවසන් මිනිත්තු කිහිපය වෙත තරගය අවතීර්ණ වෙද්දී දෙපිලම තරමක් උද්යෝගිමත් වුන පෙනෙන්නට තිබුණු අතර ගුවන් ධවල රේඛාවට යාර 20කට මෙපිට දී ලද knock-on අවස්ථාවෙන් ලද පන්දුව තරින්ද ඩ්‍රොප් ගෝලයක් බවට පරිවර්තනය කරමින් සාර්ථකව තවත් ලකුණු ත්‍රිත්වයක් CR වෙත ලබා දුන්නේ ජය කණුව පෙනෙන මානයට කණ්ඩායම රැගෙන යමිනි. (10-27)

අනිසි බලපෑම් තරමක් තරගය පුරාම පෙනෙන්නට තිබුණු අතර CR ආරක්ෂක වළල්ල වෙතට පෙළට ආ ගුවන් ක්‍රීඩකයන් වළක්වනු වස් කළ අනිසි බලපෑමක් නිසා ගුවන් හමුදාව වෙත දඬුවම් උත්සාහක දිනුමක් ලැබුණි. (17-27)

තරගය උණුසුම් නිසාම දෙපිල අතර යම් ගැටුම්කාරී තත්වයක් ඇතිවුන අතර එය අවසන් වූයේ CR කණ්ඩායමේ කෝකිල හිරාන් වෙත කහ කාඩ්පතක් උරුම වෙමිනි. කෙසේ නමුත් අවසානයේ තරගය නිමා වූයේ CR කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමිනි.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 17 (2T,1C,1DG ) – 27 (4T,2C,1DG) CR & FC

ThePapare.com තරගයේ වීරයා: තරින්ද රත්වත්තේ (CR & FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CR & FC – හිරන්ත මනමේන්ද්‍ර 1T, රීසා රෆයිඩීන් 1T, කවිඳු පෙරේරා 1T, තරින්ද රත්වත්තේ 1T, 2C,1DG
  • ගුවන් හමුදාව – සූරිය ක්‍රිෂාන් 1T, චරිත සෙනෙවිරත්න 1C, ගයන්ත ඉද්දමල්ගොඩ 1DG

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<