කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

1060

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් ගියවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දිනා ගත් CH & FC කණ්ඩායම අද (04)  තරගයට අවතීර්ණ වූ අතර එම තරගයෙන් 23-06ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර කණ්ඩායමට හැකි විය.

ජාතික කණ්ඩායමේ හිටපු නායක ෆාසිල් මරිජාගේ අවසන් ක්‍රීඩා සමාජ තරගාවලිය ද මෙය වන අතර 2016 තරගාවලියේ ශූරතාවය දිනා දුන් නායක රොෂාන් වීරරත්නගේ සහෝදරයා වන ගයාන් වීරරත්න මෙවර තරග වාරයේ දී කන්ද උඩරට බර උසුලමින් පිටියට බසිද්දී නැවුම් ජවයක් සමඟින් රෝහිත රාජපක්ෂගේ නායකත්වය සහිතව CH & FC කණ්ඩායම පිටියට අවතීර්ණ විය.

තරගාවලියට අභියෝග කරමින් මහනුවර සටනට

මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්විය හැක.

කොළඹ තුරඟ තරග පිටියේ දී දෙපිලටම ලැබුණු උණුසුම් පිළිගැනීමත්, ඔල්වරසන් හඬත් මැද මරීජාගේ පා පහරින් ආරම්භ වූ තරගය මිනිත්තුවෙන් මිනිත්තුවට උද්වේගකර විය. පෙර තරග වාරයේ මෙන් නොව වෙමර ආරම්භයේ සිටම තම ආරක්ෂක වළල්ල තර කර ගන්නට CH & FC ක්‍රීඩකයින් දිගින් දිගටම උනන්දු විය.

නමුත්  තරගයේ 10 වන මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් තිලිණ විජේසිංහ දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර ඉන් මිනිත්තු කීපයකට පසු ධනුෂ්ක රන්ජන් පළමු උත්සාහක දිනුම මහනුවර කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ ලකුණු පුවරුව 10-00ක් දක්වා ඉදිරියට ගෙන ආවේය.

CH & FC කණ්ඩායමේ අංක 8 හා 9 ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය වෙත යද්දී CH & FC කණ්ඩායම විටෙක අසරණ වුවද, ලී කීගල්ගේ ක්‍රීඩා විලාසය CH & FC පිලට යම් බලා පොරොත්තුවක් ගෙන ආවේය.

ෆාසිල් මරීජාගෙන් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව හැඟීම්බර ප්‍රකාශයක්

‘Fly-half’ ස්ථානයේ ක්‍රීඩා කරන විශිෂ්ට ක්‍රීඩකයෙකු වන, මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ 32 හැවිරිදි ෆාසිල් මරීජා, මෙම…

තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත් තිලිණට අනගි සහයක් දෙමින් අනුරුද්ධ විල්වර පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී තවත් උත්සාහක දිනුමකින් ලකුණු පුවරුව 20-00ක් දක්වා ඉදිරියට ගෙන එද්දී, CH & FC පිලට යම් රුකුලක් වෙමින් සැමුවෙල් මධුවන්ත දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් CH & FC ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 20 – 03 CH & FC

මද වර්ෂාවක පෙරනිමිති මැද දෙවන අර්ධය ආරම්භ විය. දෙවන අර්ධය නම් මහනුවර කණ්ඩායමට එතරම් පහසු වූ බවක් පෙනෙන්නට නොතිබුනේ ප්‍රතිවාදීන්ගේ දැඩි අභියෝගය හමුවේයි.

ගැටලුකාරී ක්‍රීඩා හැසිරීම් කිහිපයක්ම පාහේ දක්නට ලැබුණු අතර CH & FC ආරක්ෂක වළල්ල තව තවත් ශක්තිමත් වෙත්ම මහනුවර කණ්ඩායමට කහ කාඩ්පතක් ලැබුණේ   නයිජල් රත්වත්තේ මිනිත්තු කීපයකට පිටියෙන් ඉවත තබමිනි.

කෙසේ නමුත් සැමුවෙල්ගේ පාදයෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක වෙද්දී CH & FC පිලට 20-06ක ඉදිරියක් හිමි විය.

ඩයලොග් ලීග් කිරුළ සඳහා CH & FC පිල සුදානම්

රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන්, නවක මුහුණු රැසක් සමඟින් CH & FC කණ්ඩායම 2017/2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය…

තිලිණ ද එකට එක කරමින් ලකුණු 3ක් මහනුවරට දිනා දුන්නේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. අවසන් මිනිත්තුවේ දී යම් කලහකාරී තත්වයක් ඇතිවුවද, තත්වය  සමථයකට පත්වෙමින් තරගය නිමා වූයේ මහනුවර ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 23 – 06 CH & FC

ThePapare.com තරගයේ වීරයා: ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර)

ලකුණු ලබා ගැනීම

මහනුවර ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – දනුශ්ක රංජන්, අනුරුද්ධ විල්වර,
  • ප්‍රවර්තන (2) සහ දඬුවම් පහර (2) – තිලිණ විජේසිංහ

CH & FC

  • දඬුවම් පහර (2) සැමුවෙල් මධුවන්ත

කහ කාඩ්පත්

  • මහනුවර – නයිජල් රත්වත්තේ, හෂාන් සිල්වා
  • CH & FC – මොහොමඩ් රිෆ්කාන්

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට