ලෝක කුසලාන තෑගි මල්ලේ පරිනාමය

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 06

821

ලොව ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලි අතරින් දැවැන්තම ත්‍යාග මුදල පිරිනමනු ලබන්නේ පාපන්දු ලෝක කුසලානයේ දී බව නොරහසකි. ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු කණ්ඩායම් 100 අතරටවත් පැමිණීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාවට නම් මෙලොව පවතිනා තුරා පාපන්දු ලෝක කුසලානයක් ජය ගැනීම යනු සිහිනයකටත් එහා ඈතක ඇත්‍තෙකි.

පාපන්දු ලෝක කිරුළේ බලාපොරොත්තු එතරම් ඈතට ගොස් තිබුණ ද ක්‍රිකට් ක්‍රීඩාව අතින් නම් අප ලෝක කුසලාන 2ක්ම දිනා ගැනීමට සමත්ව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භක තරගාවලිය වූ 1975 වසරේ සිටම එය නියෝජනය කිරීමට වරම් ලබා ඇති ශ්‍රී ලංකාව එහි 6 වැනි අදියර හෙවත් 1996 වසරේ පැවති ලෝක කුසලානය දිනා ගනිමින් ලෝක අවධානය දිනා ගැනීමට සමත් විය. පාපන්දුවට වඩා ක්‍රිකට් රසික හදවත් වලට ගොඩාක්ම ළංව ඇත්තේ ද එබැවිනි.

ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකනය කරනු ලබන මෙම තීරු ලිපි මාලාවේ හය වැන්න වූ මේ ලිපියට අදාළ පූර්විකාව පාපන්දුවෙන් ලබා ගත්ත ද, මෙවර එය ලියැවෙන්නේ මෙතෙක් පැවති ලෝක කුසලාන තරගාවලිවල දී ශූරතාව වෙනුවෙන් ලබා දුන් මුදල් ත්‍යාගයන් පිළිබඳවය.

ලෝක කුසලාන ජයග්‍රහණයේ ‘අදිසි හස්තය’ වූ ආනා පුංචිහේවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්නේ …………..

පාපන්දුවට තරම් නොමැති වුවද, ක්‍රීඩා කරනු ලබන රටවල් සංඛ්‍යාවට සාපේක්ෂව සංසන්දනය කිරීමේ දී ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගන්නන් හට ද දැවැන්ත ත්‍යාග මුදලක් පිරි නැමීමට සංවිධායක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

පසුගිය තරගාවලිවලට වඩා එය පැහැදිලිවම පෙනී යන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ජය මල්ල දෙස බැලීමේ දී ය. ලෝක කුසලාන ඉතිහාසයේ ඇදහිය නොහැකි තෑගි කන්දරාවක් සමඟ 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මැයි 30 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ වනු ඇත. ඇදහිය නොහැකි යනුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය හඳුන්වන ලද්දේ මෙතෙක් පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී පිරිනැමෙන දැවැන්තම ත්‍යාග මුදල බවට මෙවර ජය මල්ල පත්ව තිබීමය. එය ඇමරිකානු ඩොලර් මිලියන 4. 8ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් අසූහතර කෝටි එක් ලක්ෂ හැට අට දහසකට (රු. 840,168,000) ආසන්න අති දැවැන්ත මුදලකි.

  • 1975 ලෝක කුසලාන දිනූ ක්ලයිව් ලොයිඩ්
  • 1979 ලෝක කුසලාන දිනූ ක්ලයිව් ලොයිඩ්
  • 1983 ලෝක කුසලාන දිනූ කපිල් දේව්
  • 1987 ලෝක කුසලාන දිනූ ඇලන් බෝඩර්
  • 1992 ලෝක කුසලාන දිනූ ඉම්රාන් ඛාන්

මූලික වටය යටතේ කණ්ඩායම් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අඩුම වැරදි සංඛ්‍යාවක් සිදු කරනු ලබන කණ්ඩායම, ජයග්‍රාහී කුසලාන සමඟ එම සුවිශේෂී ජය මල්ලට හිමිකම් කීමේ අවස්ථාව උදා වනු ඇත. මෙය ඉකුත් 2015 වසරේ පැවති ලෝක කුසලාන ශූරතාවට වඩා ඇමරිකානු ඩොලර් අට ලක්ෂ විසි පන්දහසක් ($825,000) හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දාහතර කෝටි හතළිස් ලක්ෂ තුන්දහස් අටසිය හැත්තෑ පහක (144,403,875) වැඩි වීමකි.

ලෝක කුසලාන තරග මාලාවේ සමාරම්භක තරගාවලිය වූ 1975 තරග මාලාවේ ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ස්ටර්ලින් පවුම් 4000ක මුදලක්, අනුශූරතාව සඳහා ස්ටර්ලින් පවුම් 2000ක මුදලක් ද ලබා දී තිබේ. එතැන් පටන් ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගනු ලැබූ 1996 ලෝක කුසලාන තරගාවලිය දක්වා වූ තරගාවලි පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ක්‍රිකට් ක්‍රීඩාවට එතරම්ම වාණිජ වටිනාකමක් නොමැති වී තිබීම නිසා ජය මල්ල එතරම් විශාල වශයෙන් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නොහැකි විය.

එහෙත් 1992 වසරේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දී භාවිතා කරනු ලබන සුදු ඇඳුම් සහ රතු පන්දුව වෙනුවට වර්ණ ඇඳුම් සහ සුදු පන්දුව හඳුන්වා දීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව නොසිතූ පරිවර්තනයකට භාජනය විය. එතෙක් කලක් යටත් විජිත වාදී රටවලට පමණක් හෙවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල්වලට පමණක් සීමා වෙමින් තිබූ ක්‍රිකට් ක්‍රීඩාව ඉන් ඔබ්බට ගොස් සෙසු රටවල් වලද ව්‍යාප්ත වීම ආරම්භ වූයේ එතැන් පටන්ය.

නොසිතූ පරිවර්තනයකට ක්‍රිකට් ක්‍රීඩාව ලක් වුවද එහි සාර්ථකම ඵල නෙළා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකි වූයේ 1999 වසරේ පැවති තරගාවලියේ සිට යැයි කිවහොත් නිවැරදිය. මන්ද යත් 1992 වසරේ සිට 1996 වසර දක්වා වූ කාල සීමාවට වඩා වැඩි එක්දින තරග සංඛ්‍යාවක් 1996 වසරෙන් පසුව පැවැත්වීමත්, එසේ පැවැත්වෙන බොහෝ තරග දිවා/රාත්‍රී තරග වශයෙන් පැවැත්වීමත් සහ ඒ හරහා විකාශන අයිතීන් හිමි ආයතනවලට වෙළඳ දැන්වීම් ගලා ඒමත් ඊට හේතු සාධක විය. එසේ ලද නව පන්නරය හරහා 1999 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සිට එහි ජය මල්ලේ බර ද තනිකරම උඩු යටිකුරු වන්නට විය.

මෑත කාලයේ තරම් ලෝක තාක්ෂණය එවකට එතරම් දියුණුව නොමැති ව තිබූ බැවින්, ඇතැම් ලෝක කුසලාන තරගාවලි සඳහා පිරිනමන ලද ත්‍යාග මුදල් ලබා ගැනීම දැඩි අසීරුකාරී තත්ත්වයක් ගෙන දෙනු ලැබීය. ඇතැම් තරගාවලිවලට අදාළ මුදල් ත්‍යාගයන් ලබා දීමේ තොරතුරු අන්තර්ජාලය තුළ නොතිබීම හේතුවෙන් මෙම ලිපිය සැකසීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූ බව ද සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත් හැකි උපරිම අයුරින් එහි තොරතුරු සාරාංශ ගත කොට පහත වගුව සකස් කර තිබේ.

මෙතෙක් පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිවල දී ලබා දුන් මුදල් ත්‍යාග

  • 1996 ලෝක කුසලාන දිනූ අර්ජුන රණතුංග
  • 1999 ලෝක කුසලාන දිනූ ස්ටීව් වෝ
  • 2003 ලෝක කුසලාන දිනූ රිකී පොන්ටින්
  • 2007 ලෝක කුසලාන දිනූ රිකී පොන්ටින්
  • 2011 ලෝක කුසලාන දිනූ මහේන්ද්‍ර සිං දෝනි
  • 2015 ලෝක කුසලාන දිනූ මයිකල් ක්ලාර්ක්

තවත් ප්‍රත්‍යාවලෝකනයකින් මුණගැහෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<