පාසල් ක්‍රිකට්වලට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තල්ලුවක්

130

දැනුම හා කුසලතා සපිරි නිර්මාණශීලී, නිරෝගී සිසු පරපුරක් බිහි කිරීමේ අරමුණින් කොළඹ කලාපයේ පාසල් 11ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමක් ගරු පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිවිශාල ලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ දී ඉතිහාසය තුළ ලබාගත් දැවැන්තම ලාභය උපයාගෙන..

මෙම උපකරණ කට්ටලයේ එක් කට්ටලයක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අත්‍යාවශ්‍ය හිස් ආවරණ, අත් ආවරණ, කඩුලු රකින ආවරණ, පන්දු, පිති ආදී වටිනා භාණ්ඩ රැසක් අන්තර්ගත කොට තිබුණි.

“අපි මේ වගේ පාසල් කිහිපයක් තෝරාගෙන මේ වගේ වටිනාකමක් සහිත ක්‍රීඩා බඩු බාහිරාදිය ලබා දීමට තීරණය කළේ, ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගැනීමට තියෙන යම් යම් අඩුපාඩු පිළිබඳව සොයා බලලයි. මේ එක් භාණ්ඩ කට්ටලයක් රුපියල් 100,000කට ආසන්න මුදලක් වෙනවා. ඉතින් මේ භාණ්ඩ රැකගෙන හොඳින් පරිහරණය කරලා උපරිම ප්‍රයෝජනයක් ගන්න.”

යැයි ගරු අමාත්‍යතුමාගේ උපදේශක වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මහතා පැවසීය.

“අධ්‍යාපනය පමණක් නොවේ ක්‍රීඩාවත් අපේ ජීවිතයට ඉතාමත් වැදගත්, අපි බැලුවොත් මේ රටේ තියෙන ගොඩක් බෝ නොවන රෝග අතරේ දියවැඩියාව, හෘද රෝග වගේ රෝග අපේ පාසල් ළමුන් අතරේ ඉතාමත් බහුලව පැතිරිලා යනවා. අපිට මේක අඩු කරගන්න ක්‍රීඩාව ලොකු පිටිවහලක් වේවි.” යැයි අධ්‍යාපනයට සමගාමීව ක්‍රීඩා කුසලතා ඔප් නංවා ගැනීම තුල පාසල් දරුවන්ගේ පෞරුෂ වර්ධනය පිළිබඳව කොළඹ කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂක කපිතාන් කේ. ආර්. ප්‍රේමතිලක මහතා අදහස් දක්වමින් පැවසීය.

ක්‍රීඩා ඇමතිගෙන් SLC වෙත ලිපියක්

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව තණතීරුව බුකීකරුවන්ගේ..

“අපි 96න් පස්සේ ඒවගේ එකමුතුකමෙන් ක්‍රීඩා කළ කණ්ඩායමක් මෙතෙක් බිහි වෙලා නෑ. ඒ එකමුතුකම තමයි 96 ලෝක කුසලානය මෙරටට දිනා දීමට විශාල සවියක් වුනේ. ඒ වගේම  පසුගිය දවස්වල අපේ රටෙන් ඇසුණු ක්‍රිකට් හා සම්බන්ධ ප්‍රවෘත්ති එතරම් සුබදායී වුනේ නෑ. අපේ රටත් දැන් තරග පාවා දීමේ යම් යම් සිද්ධීන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. එය ඉතාමත් කණගාටුදායක තත්වයක්.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමතිලක මහතා පැවසීය.

ඔබේ පාසල්වලත් යම් යම් අඩුපාඩුකම් තිබේ නම් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබීමට සලස්වන ලෙස මෙයට පැමිණි මහත්ම මහත්මීන් විශේෂයෙන් ඉල්ලා සිටියේය.

“සහෝදරත්වය, මිතුදම, සහජීවනත්වය, මිතුදම ක්‍රීඩාව සාර්ථකව ඉදිරියට රැගෙන යාමට ඉතාමත් වැදගත් සාධක. ක්‍රීඩාවක ඒ දේ පහසුවෙන්ම කරන්නත් පුළුවන්. වර්තමානය වන විට ක්‍රීඩාවෙන් වංචනිකව මුදල් උපයන්න ඇතැම් පුද්ගලයින් පෙලඹිලා තියෙනවා. ඒ අයට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අදාළ ආයතන දැනුවත් කරලා තියෙනවා.” යැයි පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසන ලදි.

ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ලබා දුන් පාසල්

  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය කොළඹ 05
  • සාන්ත ජෝසප් පිරිමි විද්‍යාලය, කොළඹ 14
  • හමීඩ් අල් හුසේන් විද්‍යාලය, කොළඹ 12
  • ලුම්බිණි විද්‍යාලය, කොළඹ 05
  • කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ 13.
  • හින්දු මහා විද්‍යාලය, කොළඹ 13
  • මහාබෝධි විද්‍යාලය, කොළඹ 10
  • අල් හික්මා විද්‍යාලය, කොළඹ 12
  • අල් නෂර් විද්‍යාලය, කොළඹ 14
  • දරුසලාම් විද්‍යාලය, කොළඹ 10
  • සාන්ත මැතිව්ස් විද්‍යාලය, දෙමටගොඩ

මීට අමතරව මෙම උත්සවය සඳහා කොළඹ අධ්‍යාපන කලාපයේ නිලධාරීන්, පාසල්වල ක්‍රීඩකයින් මෙන්ම එම පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගුරු මහත්ම මහත්මීන් රැසක් පැමිණ සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<