ලෝක ශූරයා නැවතත් ගෘහස්ථ පිටියට

81
Getty Images

ඇමරිකානු ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින්ම සිටින කෙටි දුර ධාවන ශූර ක්‍රිස්ටියන් කෝල්මන් වසරකට පසු නැවතත් ගෘහස්ථ ක්‍රීඩා පිටියට අවතීර්ණ වීමට සූදානම්ව සිටී.

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට කොරෝනා හරස් කපයි

එළඹෙන පෙබරවාරි මස 12 හා 13 දිනවල දී චීනයේ Hangzou හි පැවැත්වීමට නියමිතව තිබූ 9 වැනි දකුණු ආසියානු…..

“USATF Indoor Championships“ තරගාවලියේ දී ඔහුගේ සුපුරුදු තරග ඉසව්ව වන 60m නියෝජනය කරමින් නැවතත් තරග බිමට පා තැබීමට සූදානම් අතර එම තරගාවලිය මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2018 වසරේ “United States Indoor Championships” හීදී 60m ඉසව්ව තත්පර 6.34ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා ලෝක වාර්තාව පිහිටවූ කෝල්මන්, එම වසරේම පැවති “IAAF World Indoor Championships” තරගාවලියේ දී නැවතත් එම ඉසව්ව තත්පර 6.37ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා ලෝක ශූරයා තමන් බව නැවතත් තහවුරු කරන්නට විය. 

Christian Coleman 2018 වසරේ 60M ලෝක වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව

කෙටිදුර ධාවන පිටියේ හිනිපෙත්තටම පා තබමින් සිටි කොල්මෙන්ගේ ක්‍රීඩා දිවිය ද අවාසනාව වෙලාගන්නා බවට ඉඟි කරන්නාක් මෙන්  2018 වර්ෂයේ දී ම ඔහු ආබාධයට පත් වන්නට විය. 

නැවතත් එම වර්ෂයේම ජූලි මාසයේ දී පිටියට අවතීර්ණ වූ ඔහු එම වර්ෂයේ ආබාධ හේතුවෙන් මදක් පසුබෑමකට ලක්වන්නට විය. සිය ගිලිහුණු රිද්මය ලබා ගැනීම සඳහා  2019 වර්ෂය පුරාවටම ගෘහස්ථ ක්‍රීඩා පිටියට සමුදී එළිමහන් ක්‍රීඩා පිටියට වැඩි අවධානයක් දීමට ඔහු තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2019 වර්ෂයේ 100m ඉසව්වේ ලෝක ශූරයා වී ලොව වේගත්ම කාලයන් 6 අතරට එක් වීමට ඔහුට හැකි විය. 

වසරක විවේකයෙන් පසු නැවතත් ගෘහස්ථ පිටියට අවතීර්ණ වීමට සූදානමින් සිටින ලෝක ශූරයා වෙත ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු වී ඇති අතර ගිය වසරේ ඇමරිකානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේ දී 60m ශූරයා වූ ඩෙමෙක් කෙම්ප් ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතයි ක්‍රීඩා වාර්තා සඳහන් කරනු ලබයි. කෝල්මන් හට තමන් මෙම ඉසව්වේ රඳවා ගත් ආධිපත්‍ය කෙම්ප් ඉදිරියේ රැක ගැනීමට හැකි වේ දැයි සියල්ලන් දෑස් දල්වා බලා සිටී. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<