ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනී

782

ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් RED BULL විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ – ලෝක අවසන් මහා තරගවලට (WORLD FINALS) සහභාගී වන අතර තරගාවලියේ ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට අද (23) සමත් විය. තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවල දී දසුන් ශානක සහ ලක්ෂාන්…..

පාකිස්තානය හා ඉන්දියාව පිළිවෙළින් සිම්බාබ්වේ හා බංගලාදේශය පරාජය කරමින් ජය වාර්තා කර ගත් අතර පසුගිය වසරේ මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. මෙවර තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වුනත් පසුගිය වසරේ ලෝක අවසන් මහා තරග සඳහා කණ්ඩායම් අටක් සහභාගී විය.


එක්සත් අරාබි එමීර් හා ශ්‍රී ලංකාව අතර

BMS – ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදිම එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කරමින් පහසු කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නායක කොශාන් ජයවික්‍රම කාසියේ වාසිය ජය ගෙන පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර වේගපන්දු යවන ක්‍රීඩක ජනිත් ලියනගේ පළමු පන්දුවේ සිටම අරාබි ක්‍රීඩකයින් අන්ත අසරණ කිරීමට සමත් විය. ලියනගේ ලකුණු හයකට කඩුලු හතරක් දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් සටහන් කරමිනි. ඔහුට දෙවෙනි නොවූ නායක ජයවික්‍රම ද කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් ඉලක්කය පසුකර ගියේ පන්දුවාර දහයකටත් වඩා ඉතිරිව තිබිය දීයි. දකුණත් පිතිකරු මදුශාන් රවිචන්ද්‍රකුමාර් වේගවත් ලකුණු 44 ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භක ලබා දෙමිනි.

ජනිත් ලියනගේ නොදැවී තරගය නිමා කළ අතර පළමු තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ජනිත් සමත් විය.

එක්සත් අරාබි එමීර් 95 (19.1) මෙහෙදී අසරියා 25, රාම් නාරායන් 22, ජනිත් ලියනගේ 4/06, කොශාන් දනුෂ්ක (2/16)

ශ්‍රී ලංකාව 98/3 (9.3) මදුශාන් රවිචන්ද්‍රකුමාර් 44, දිනුක් වික්‍රමනායක 13*, ඉහ්ටිශාම් සබීර් 1/06


ඉන්දියාව හා බංග්ලාදේශය අතර

ඕම්කාර් ඛාට්පේගේ නොබිඳුණු ලකුණු 61ක ඉනිමෙන් ඉන්දියාව පළමුව පන්දුවට පහර දී ලකුණු 181/6ක් රැස්කර ගත්තේ මුර්ටසා ශබිර්ගේ ලකුණු 31ක් ද සමඟිනි.

දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි…….

බංගලාදේශය වරින්වර තරගයට පිවිසුනත් කිසිදු පිතිකරුවෙකු දිගු ඉනිමක් ක්‍රීඩා නොකිරීම නිසා ඉලක්කයට තවත් ලකුණු 26 අවශ්‍යව තිබිය දී ඔවුන්ට නියමිත පන්දුවාර විස්ස අවසන් කරන්නට සිදු විය.

රොහාන් දාම්ලේ ලකුණු 16කට කඩුලු හතරක් දවා ගද්දී ශුභාම් ටයිස්වාල් කඩුලු දෙකකින් ඉන්දියානු කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙන ලදි.

ඉන්දියාව 181/6 (20) ඕමාර් ඛාට්පේ 61*, මුර්ටසා ශබීර් 35, පරස් ගවාලි 20, අරිෆර් රහ්මාන් 2/24

බංගලාදේශය 155/9 (20) ඉන්සමාම් උල් හක් 24, සබිට් හොසේන් 20, එයාසින් අරෆට් 19, රොහාන් දාම්ලේ 4/16, ශුභම් ටිස්වාල් 2/23


පාකිස්තානය හා සිම්බාබ්වේ

දිනයේ වැඩිම ලකුණු වාර්තා කර ගත් කණ්ඩායම ලෙස පකිස්ථානය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු පහකට ලකුණු 183ක් වාර්තා කර ගැනීමට සමත් විය.  

අබ්දුර් රහමාන් අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 53 ක් වාර්තා කළා අතර අර්සලාන් ෆර්සාන්ඩ් ලකුණු 37 ක් හා හම්සා කුදීර් ලකුණු 22 ක් බැගින් වාර්තා කරන ලදී.

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 91කට සීමා කරමින් මොහොමඩ් අලී ලකුණු 20කට කඩුලු හතරක් දවා ගත් අතර මුහමඩ් අසාඩ් ලකුණු 13කට කඩුලු දෙකක් ලබා ගන්නා ල‍දි.

පාකිස්තානය 183/5 (20) අබ්දුර් රහමාන් 53, අර්සලාන් ෆර්සාන්ඩ් 37, හම්සා කුදීර් 22, තබෝ මොයෝ 1/03

සිම්බාබ්වේ 91 (18.1) අනෙලි න්ග්වෙන්යා 25*, ශාඩේක් සුලු 24, මොහොමඩ් අලි 4/20, මුහම්මද් අසාඩ් 2/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<