දේවපතිරාජ ක්‍රීඩකයෝ සහෝදර ගැටුම ජය ගනී

247

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුලීගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර තෙවැනි වරටත් පැවති සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 148ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

චමිඳුගේ විශිෂ්ට ශතකය නිසා අන්තෝනි විද්‍යාලය පෙරමුණේ!

වසර 105ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන “කන්ද උඩරට නිල් මහ සටන” අද…

රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ නායකයාගේ ආරාධනාව අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 388ක් ලබා ගත්හ. එම ඉනිමට පැතුම් මධුශංකයේ ශතකයත් සසංක නිර්මාල්, සුධීර වීරරත්න සහ කල්ප චේතිය ගේ අර්ධ ශතකත් වටිනාකමක් ලබා දුන්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මාදම්පා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණි. ලකුණු 225ක් ඉදිරියෙන් සිටිය ද තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිස රත්ගම ක්‍රීඩකයෝ එවර කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා ගත්හ. ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණ මාදම්පා ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි.

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 388 (71.2) පැතුම් මධුශංක 101, සසංක නිර්මාල් නොදැවී 96, සුධීර වීරරත්න 67, කල්ප චේතිය 63, කවිඳු විදුරංග 3/72, සුනෙත් මධුරංග 2/19, සසිඳු නිමේෂ් 2/66, මල්ශ තරුපති 2/78

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (57.3) සුනෙත් මධුරංග 33, චමෝද් දිල්හාර 32, මල්ශ තරුපති 27, සුධීර වීරරත්න 3/12, තිසර ඩිල්ශාන් 3/27, පැතුම් මධුශංක 3/34

දේවපතිරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 51 (7.3) සුධීර වීරරත්න නොදැවී 23, ජීවක ශෂීන් 21

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (46.2) කවිඳු විදුරංග 32, පසිඳු නිමේෂ් 24, චමෝද් දිල්හාර 20, පැතුම් මධුශංක 6/20, ඉරුෂ්ක තිමිර 3/47

සාන්ත තෝමස් ක්‍රීඩකයෝ වසර 12කට පසුව නිල් මහ සටන ජය ගනී

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 140 වැනි වරටත් පැවති නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වසර 12කට පසුව ජයග්‍රහණය කිරීමට…

හරිත සටනේ ජය පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලයට

පානදුර රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 27 වැනි වරටත් පැවති හරිත සටන අද (9) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා දෙමිනි.

මෙම ජයග්‍රහණයත් සමගින් සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට මර්වින් ජේ කුරේ අනුස්මරණ කුසලානය ද හිමි විය. ඔවුන් හරිත සටන් ඉතිහාසයේ ජයග්‍රහණය කළ දෙවැනි තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය.

කාසියේ වාසිය දිනා ගත් රාජකීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් එකතු විය.

ඒ දිනුෂ්ක මධුශාන් සහ ප්‍රවීන් සඳමාල් ගෙනි. දිනුෂ්ක මධුශාන් පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 69ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. නායක ප්‍රවීන් සඳමාල් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 115කි.

පන්දු යැවීමේ දී ආරම්භක දකුණතින් වේගපන්දු යැවූ දුශාන් මධුශංක ලකුණු 56කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණි. එම ඉනිමට එරෙහි ව ප්‍රවීන් සඳමාල්, අශාන් දිල්හාර සහ සසිත් මනුප්‍රිය කඩුලු 3 බැගින් දවා  ගත්හ. එම ඉනිම අවසානයේ ලකුණු 107ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටිය පිවිසි රාජකීය ක්‍රීඩකයෝ එවර ලකුණු 136කට සියලුම දෙනා දැවී ගිය හ. එම ඉනිමේ දී දුෂාන්ත මධුශංක පන්දු 102කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන තමිඳු නිවර්ථන ලකුණු 37කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 30ක හඹායන ඉනිමකට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ එය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත් හ.

සාන්ත ජෝන්ස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (57.3) දිනුෂ්ක මධුශාන් 69, ප්‍රවීන් සඳමාල් 61, රෙශාන් මලිත් 23, දුශාන් මධුශංක 6/56, දිනෙත් රශ්මික 2/29

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 103 (53.3) දනංජය ප්‍රසාද් 38, අකිල සෙනේශ් 30, ප්‍රවීන් සඳමාල් 3/19, අශාන් දිල්හාර 3/24, සසිත් මනුප්‍රිය 3/30

රාජකීය විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 136 (54.4) දුශාන්ත මධුශංක 43, තිමේෂ් ආකර්ශ 21, තමිඳු නිවන්තන 6/37

සාන්ත ජෝන්ස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 30 (8.3) රිසාන් මලිත නොදැවී 13

අසේල ගුණරත්න පාකිස්තානයට

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියර වෙනුවෙන් ක්‍රීඩා කරන ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායම සඳහා…

කෝට්ටේ සටන විසඳුමක් නෑ

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (9) නිමා වූ මෙම තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

Photos: Sri Jayawardenapura College vs St. Thomas’ College Kotte | 42nd Battle of Kotte | Day 1

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (60.2) තරින් ගිම්හාන 31, විනුක දිනසර 2/25, ඉෂාර චමින්දික 2/28, විනුක දිනසර 2/25, ඉෂාර සමින්දික 2/28, සම්පත් නිස්සංක 2/33

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (74.2) බුද්ධික චමින්ද 55, ඉෂාන් බොතේජු සසිත් දෙව්ශාන් 4/29, කෙවාන් ඩේවිඩ් 2/38, මංජුල නයනජිත් 2/41

සාන්ත තෝමස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 114 (51) තරින් ගිම්හාන නොදැවී 59, සම්පත් නිස්සංක

Photos: Sri Jayawardenapura College vs St. Thomas’ College Kotte | 42nd Battle of Kotte – Day 2


10 වැනි හින්දු සටනේ ජය කොළඹ හාදයන්ට

කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර අද බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ හින්දු සටන වාර්ෂික මහ ක්‍රිකට් ගැටුමෙන් ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Hindu College Colombo vs Hindu College Jaffna | 10th Battle of the Hinduites | Day 1

කොළඹ හින්දු විද්‍යාලය;  පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (47) කෙනිශාන් 31, කජනාත් 3/08, කොවිරන් 5/23

යාපනය හින්දු විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (44.1)  සංතෝශ් 20, බී. ආකාශ් 5/18, තනලක්ෂාන් 3/14

කොළඹ හින්දු විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 143 (60) කෙනිශාන් 44, හරීන්ද්‍ර ප්‍රසාද් නොදැවී 21, බී. ආකාශ් 21, කොබිරාන් 6/58, සංතෝෂ් 4/36

යාපනය හින්දු විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 84 (31.5) ඉම්රාන් 22, ලක්ෂාන් 3/06, බී. ආකාශ් 3/19, ෂෙවාග් 2/06, ආකාශ් 2/21

Photos: Hindu College, Colombo vs Hindu College, Jaffna – 10th Battle of the Hinduites | Day 2


සාන්ත ඇලෝසියස් මංගල තරගය ජය ගනී

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර ගාල්ලේ අභිමානය සොයා යෑමේ මංගල එක්දින තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.

ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ දී අද (9) අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට විද්‍යාලෝක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළේය.

විද්‍යාලෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 98 (48.4) සඳුන් මධුශංක 3/13, විතුන් විශාක 2/13, මනුෂ්ක සමිත් 2/18

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 99 (23.1) අර්ශන උඩුගම්පොළ 44, සංජු ලක්ෂාන් 2/17


සහෝදර එක්දින තරගයේ ජය ජෝසප් වාස්ට

හලාවත මේරියන්ස් සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවැති සහෝදර එක්දින තරගයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

සාන්ත මරියා විද්‍යාලය; සියලුම දෙනා දැවී 226 (49.2) උදිත් ඉරුෂ්ක 67, ඇන්ඩ්‍රි මල්ෂාන්ද් 33, අකිත් ඉරෝෂ් 28, චාරුක තරිඳු 22, ශවන් රොද්‍රිගෝ 2/19, කනිශ්ක ගමගේ 2/48, අචින්ත දේශාන් 2/50

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; කඩුලු 5ක් දැවී 227 (45.1) නිපුන් ධනංජය නොදැවී 102, නවෝද් යොහාන් නොදැවී 35, හසිත් චමෝද්‍ය 2/40  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<