හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීම තහවුරු වේ?

956

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඔවුන් චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රඳවා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ඇති බවටත්, ඔහුගේ ස්ථානයට වෙනත් කෙනෙකු පත්කිරීම සඳහා විකල්පයන් පිළිබඳ අවධානය යොමු කර ඇති බවටත් ඉඟි පලකළේ ය.  

මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලියට…

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් වන 49 වන වියේ පසුවන චන්දික හතුරුසිංහ මහතා ලබන සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හමුවීම සඳහා කොළඹට පැමිණීමට නියමිත අතර ඒ අනුව ඔහුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීමට ඉතා ආසන්න තත්වයක් මේ වන විට උදාවී ඇත.

ඒ අනුව මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව හතුරුසිංහ මහතා නියමිත කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා, නිල කටයුතු අවසන් කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වගකීම් බාර ගැනීමට නියමිත ය.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බාරදෙනු ලැබූ අතර කෙසේ නමුත් ඔවුන් හතුරුසිංහ මහතාගේ මෙම තීරණය වෙනස් කිරීමට උත්සාහ දැරීය.

මුම්බායි ඉන්දියන්ස් මාලිංගව එපා කියයි

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය…

කෙසේ නමුත් ඉකුත් දා20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාස්මුල් මහතා ඉඟි පලකළේ හතුරුසිංහ මහතා වෙනුවට වෙනත් සුදුසු පුද්ගලයෙක් ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ඔවුන් මේ වන විට සොයමින් සිටින බවත්, එවන් අයෙක් සොයාගත නොහැකි වුවහොත් තාවකාලිකව එම ධූරය කාලේඩ් මහමූඩ් වෙත පිරිනමනු ඇති බවයි.

“යම්කිසි කෙනෙක් ආසාවෙන් වැඩ කරන්න කැමති නැත්නම් මම පෞද්ගලිකව හිතනවා ඔහුව තියාගෙන වැඩක් නැහැ කියලා. අපි ඒ ක්‍රමය අනුගමනය කරලත් නැහැ,” මිර්පූර් හිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාස්මුල් මහතා පැවසීය. “අපි හතුරුසිංහ වෙනුවෙන් නෙමෙයි බලාගෙන ඉන්නේ. අපි බලාගෙන ඉන්නේ සති 2-3ක් ඇතුළත ඔහු ලබා දෙන්න නියමිතව තිබූ වාර්තාව එනකං,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපි දැනගත යුතුයි ඇයි ඔහු ඉවත් වුනේ කියලා. අපි නිසා ද?, නැත්නම් ඔහුගේ පෞද්ගලික කාරණයක් නිසා ද? අපි ඒ තීරණයට යම් ආකාරයකට බලපෑවා ද කියලා. හේතුව දැන ගත්තා කියලා ලොකු වෙනසක් වෙනවා නෙමෙයි. නමුත් අපි ඒ හේතුව දැනගත යුතුයි,” ඔහු පැවසීය.

“ශ්‍රී ලංකා සංචාරයට පෙර අපිට විදේශීය පුහුණුකරුවෙක් ලැබුණේ නැත්නම් අපි සතුව ඉන්නවා දේශීය පුහුණුකරුවෙක්; සුජෝන් කාලේඩ් මහමූඩ්,” ඔහු පවසා සිටියේ ය.

හතුරුසිංහ මහතා සමඟ ද ඉතාමත් සමීපව කටයුතු කළ මහමූඩ් මහතා මේ වන විටත් ජාතික කණ්ඩායම බාර ගැනීමට ඇති ඔහුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කර ඇත. ඔහු මේ වන විට පැවැත්වෙමින් තිබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබයි.

උණුසුම් සටන ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කල්කටා හිදී පැවැත්වූ පළමු ටෙස්ට් තරගය, අයහපත් ආලෝක…

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2ක්, පන්දුවාර 20 තරග 2ක් සහ සිම්බාබ්වේ කණ්ඩායම ද ඇතුළත් තුන්කොන් තරගාවලියක් සඳහා සහභාගී වීමට බංග්ලාදේශය බලා ඉදිරියේ දී පිටවත්ව යාමට නියමිත ය.

කෙසේ නමුත් නාස්මුල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එම ඉල්ලා අස්වීම හතුරුසිංහ මහතා පෙර සැලසුම් කර තිබූ එකක් බවට ඔහු විශ්වාස නොකරන බවයි.

“මම හිතන්නේ නැහැ ඔහු මේක කලින් සැලසුම් කරලා තිබුණ එකක් කියලා. මොකද දකුණු අප්‍රිකාව සමඟ පළමු ටෙස්ට් තරගයෙන් පසුවත් ඔහු ඊළඟ ලෝක කුසලානය සඳහා සැලසුම් හැදුවා. නමුත් එහි දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නා. ඒකට මොකක් හරි දෙයක් වෙන්න ඇති.”

“ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව ඇතුළත් වාර්තාව ලැබෙනකන් මට ඒ ගැන හරියටම දෙයක් කියන්න බැහැ. නමුත් මට විශ්වාසයි ඔහු මෙම තීරණය ගත්තේ දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර දී කියලා,” හතුරුසිංහ මහතා හට බංග්ලාදේශයේ වෙනත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ ගැටලු තිබුණා දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නාස්මුල් මහතා පවසා සිටියේ ය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<