සාන්ත ජෝන් විදුහලට ඉනිමක හා ලකුණු 7ක විශිෂ්ට ජයක්

183
Battle of the North

සාන්ත ජෝන් විදුහල සහ යාපනය මධ්‍ය මහා විදුහල අතර 111 වැනි වරට පැවති “උතුරු මහා සටන” අද (10) සවස නිමාව දුටුවේ සාන්ත ජෝන් විදුහලට ඉනිමක සහ ලකුණු හතක විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකර දෙමිනි. එම ඉතිහාසගත ජයග්‍රහණයේ නියමුවා වූයේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 10ක්ම බිඳ හෙලු සාන්ත ජෝන් විදුහලේ කනගරත්නම් කබිල්රාජ් ය.

සාන්ත ජෝන් පළමු ඉනිමට කඩුලු 5ක් අතැතිව ලකුණු 50ක් පිටුපසින්

සාන්ත ජෝන් විද්‍යාලය හා යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 111 වන “උතුරු මහා සංග්‍රාමයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන්…

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පිටියට පිවිසි යාපනය මැදි විදුහල් කණ්ඩායමේ සියලුම පිතිකරුවන්ට කබිල්රාජ් ප්‍රමුඛ සාන්ත ජෝන් පන්දු යැවීමේ බල ඇණියේ අණසක ඉදිරියේ  ලබා ගත හැකි වූයේ  ලකුණු 82ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කනගරත්නම් කබිල්රාජ්ගේ කඩුලු දඩයමට යාපනය විදුහලේ මුල් පෙළ කඩුලු 7න් 6ක්ම බිළි විය. ඒ සමගම ප්‍රථම ඉනිමේ දී බිඳ හෙලු කඩුලු 4 ද සමඟින් කබිල්රාජ්ගේ දඩයම කඩුලු 10න් අවසන් විය.

යාපනය විදුහලේ ආරම්භක පිතිකරු යුගලය වූ නායක ප්‍රියලක්ශාන් සහ ජයාතාර්ශන් මුල් පන්දු වාර 10 තුල සිය කඩුලු බිඳ වැටීමට නොදී ආරක්ෂා කර ගනිමින් යාපනය විදුහලට යම් ගෞරවාන්විත අවසානයකට යාමට ඉඩකඩ සැලසුව ද, නායක ප්‍රියලක්ශාන්ට ලකුණු 12කට සිය ඉනිම නිමා කරන්නට සිදු වූයේ කබිල්රාජ්ගේ කඩුලු දඩයමේ පළමු බිල්ල වෙමිනි. ඒ සමඟින්ම යාපන ඉනිමේ ගරාවැටීම ආරම්භ විය.

[rev_slider dfcc728]
.

සිය නායකයාට අනගි සහයක් ලබා දුන් ජායතර්ශන් පන්දු 76කට මුහුණදෙමින් තම කඩුල්ල ආරක්ෂා කර ගත්ත ද මුර්ෆින් අභිනාශ්ගේ පන්දුවකට ජෙනිෆ්ලෙමින් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යන විට ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 9ක් පමණි. ප්‍රථම ඉනිමේ දී එකදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වූ ජායතර්ශන්ට මෙවර ලකුණු 10ක්වත් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාතුශාන්ට ලබා ගත හැකි වූයේ ද ලකුණු 18ක් පමණි. සාන්ත ජෝන් විදුහලේ උපනායක වසන්තන් ජාතුශාන් එම කඩුල්ල දඩයම් කල අතර ඊට අමතරව එස්. කොමෙතාගන්ගේ කඩුල්ලට ද වගකියන ලදී. ඉතිරි කඩුල්ල තම ගිණුමට බැර කර ගැනීමට අභිනෂ් සමත් විය. ඒ සමඟින් 111 වන උතුරු මහා සටන අවසන් වූයේ සාන්ත ජෝන් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 7 ජයක් හිමිකර දෙමිනි.

ඊයේ (09) උදෑසන කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව සාන්ත ජෝන් නායක ජෙනිෆ්ලමින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී යාපනය කණ්ඩායමට භාර කළේය. ඒ අනුව යාපනය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 48ක් ලබා ගත් තාසොපාන්ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝන් විදුහල ඊයේ (09) දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 114ක් ලබා සිටියේය. ඒ අනුව අද (10) ඔවුන්ගේ ඉනිම ලකුණු 253කට අවසන් විය. සාන්ත ජෝන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 70ක් ලබා ගත් ජතුශාන් වැඩිම ලකුණු ලාභියා විය. මිට අමතරව තුලක්ශාන් ලකුණු 41ක් රැස්කිරීමට සමත් විය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට