පාසල් රග්බි දෙවන වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

2644

සති පහක තියුණු තරග රැසකට පසුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය මේ සති අන්තයේ දී නිමා වූ අතර ප්‍රබල කණ්ඩයම් රැසක් දෙවන වටයේ කුසලාන ශූරතාව සඳහා සුදුසුකම් ලැබීය.

2018 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලිය මාර්තු තුන් වැනිදා ආරම්භ වූ අතර A කාණ්ඩයේ තරග 30ක් පළමු වටයේ දී පැවැත්වුනි.

A කාණ්ඩයේ කණ්ඩයම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග කල අතර සති තුනකින් ආරම්භ වන දෙවන වටයේ දී කණ්ඩයම් ශූරතා තරගාවලි සඳහා තරග වදිනු ඇති.

සාබිත් ෆෙරෝස් නායකත්වය දරන රාජකීය විද්‍යාලිය කණ්ඩයම මෙවර තරගාවලිය පුරා විශිෂ්ඨ දස්කම් පෙන්වූ අතර තරග පහම ජයගත් ඔවුන් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 36ක් පමණි.

එක් කාණ්ඩයකින් කණ්ඩයම් හතරක් කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අතර ලකුණු සටහනේ පහළම කණ්ඩයම් දෙක B කාණ්ඩයේ කණ්ඩයම් සමඟින් සිය A කාණ්ඩයේ ස්ථානය සඳහා තරග වදිනු ඇති.    

රාජකීය විද්‍යාලය IA කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින අතර සහභාගී වූ තරග 5 ම ජය ගෙන තරග 4කින් ප්‍රසාද ලකුණු රැස්කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.  

RC -රාජකීය විද්‍යාලය, SJC – සාන්ත ජෝසප් විද්‍යාලය, KCK -කිංග්ස්වුඩ් විද්‍යාලය, TCK – ත්‍රිත්ව විද්‍යාලය, SACK – සාන්ත අන්තෝනි විද්‍යාලය, STC – සාන්ත තෝමස් විද්‍යාලය

තවත් තොරතුරු සහ දත්ත සඳහා ThePapare Stats Centre  වෙත පිවිසෙන්න

IA කාණ්ඩයෙන් රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය කුසලාන ශූරතාවට සුදුසුකම් ලැබූ අතර ලකුණු සටහනේ පහලම සිටින කණ්ඩයම් දෙකට පළඟ ශූරතාවේ තරග කිරීමට සිදුවනු ඇත.

සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය යන කණ්ඩයම් දෙකම මෙවර තරග වාරයේ කිසිදු තරගයක් ජය ගැනීමට අසමත් වූ අතර එළඹෙන 24 වැනිදා සාන්ත තෝමස් කණ්ඩයම හා සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල දී තරග වැදීමට නියමිතව තිබුනත්, එම කණ්ඩායම් දෙකටම කුසලාන ශූරතාවට පිවිසීමට අවස්ථාවක් නොමැත.     

Leaderboard | ThePapare Stats Centre

Top Try and Point Scorers of the Schools Rugby League 2018

සතිපහක තියුණු තරගාවලියකින් පසු IIA කාණ්ඩයේ ලකුණු සටහන පහත පරිදි වේ.

SPC – සාන්ත පීතර විද්‍යාලය , IC – ඉසිපතන විද්‍යාලය , WC – වෙස්ලි විද්‍යාලය , Zahira – සහිරා විද්‍යාලය , DS – D.S සේනානායක විද්‍යාලය , DRCK – ධර්මරාජ විද්‍යාලය

2018 තරගවාරය විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටින සාන්ත පීතර විද්‍යාලය IIA කාණ්ඩයේ අපරාජිතව සිටින අතර ඔවුන් සමඟ ඉසිපතන විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය හා සහිරා විද්‍යාලය කුසලාන ශූරතාවට සුදුසුකම් ලබයි.

පෙරළිකාර සාන්ත පීතර කණ්ඩයම් සියලු තරග ජයගෙන කුසලාන ශුරතාව සඳහා සටන් වදියි.

වෙස්ලි විද්‍යාලයට ධර්මරාජ විද්‍යාලය සමඟ එක් තරගයක් ඉතිරිව තිබුනත්, දැනටමත් ධර්මරාජ විද්‍යාලය හා D.S සේනානායක විද්‍යාලය පළඟ ශූරතාවට ඇද වැටි ඇති නිසා එම තරගයේ ප්‍රතිඵලය ලකුණු සටහනේ ස්ථාන කෙරෙහි එතරම් වැදගත් නොවනු ඇත.

සාන්ත පීතර විද්‍යාලය අපරාජීතව පළමු වටයට තිත තබයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක්

කුසලාන ශූරතාව සති හතරක් පුරා දිව යන අතර සෑම සතියකම තරග 4ක් ක්‍රියාත්මක වීමට නියමිතය. සිව්වැනි සතිය අවසානයේ ලකුණු සටහනේ ඉහලින්ම සිටින කණ්ඩායම 2018 සිංගර් අන්තර් පාසල් රග්බි ශූරයින් ලෙස අභිෂේක ලබනු ඇත.

කුසලාන ශූරතාවේ ලකුණු සටහන පහත පරිදි වේ.

වෙස්ලි විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය සමඟ තරගය ජයගතහොත් ඔවුන් ත්‍රිත්ව විද්‍යාලය පසුකරමින් 6වන ස්ථානයට පත්වනු ඇත.

මේ වන විට තරගාවලියේ අපරාජිතව සිටින්නේ  රාජකීය විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය පමණි.

දෙවන වටයේ තරග පළමු වටයේ තරග ප්‍රතිඵල මත පදනම් වන අතර, ලකුණු සටහනේ ඉහළ කණ්ඩයම්, ලකුණු සටහනේ පහළ කණ්ඩයම් සමඟ පළමුව තරග වදින අතර තරගාවලියට ඉතා උණුසුම් අවසානයක් දෙමින් අවසාන භාගයේ ලකුණු සටහනේ ඉහළ සිටින කණ්ඩයම් එකිනෙකා හා ගැටීමට නියමිතය.  

දෙවන වටයේ කුසලාන ශූරතාවේ කාලසටහන පහත පරිදි වේ.

සතිය   දිනය # කණ්ඩයම 1   කණ්ඩයම 2 ස්ථානය වෙලාව
සතිය 6 මැයි 11  – 13 31 රාජකීය විද්‍යාලය සහිරා විද්‍යාලය රාජකීය ක්‍රීඩාංගනය 4.15 ප.ව.
32 සාන්ත ජෝසප් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය හැව්ලොක් පාක් 4.15 ප.ව.
33 කිංග්ස්වුඩ් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය TBC 4.15 ප.ව.
34 ත්‍රිත්ව විද්‍යාලය   සාන්ත පීතර විද්‍යාලය පල්ලෙකැලේ 4.15 ප.ව.
සතිය 7 මැයි 18 – 20 35 රාජකීය විද්‍යාලය වෙස්ලි විද්‍යාලය CR & FC (වෙස්ලි) 4.15 ප.ව.
36 සාන්ත ජෝසප් විද්‍යාලය සහිරා විද්‍යාලය සහිරා විද්‍යාලය 4.15 ප.ව.
37 කිංග්ස්වුඩ් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය TBC 4.15 ප.ව.
38 ත්‍රිත්ව විද්‍යාලය   ඉසිපතන විද්‍යාලය හැව්ලොක් පාක්   4.15 ප.ව.
සතිය 8 මැයි 25- 27   39 රාජකීය විද්‍යාලය ඉසිපතන විද්‍යාලය හැව්ලොක් පාක් 4.15 ප.ව.
40 සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය හැව්ලොක් පාක්(ශාන්ත ජෝසප් ) 4.15 ප.ව.
41 කිංග්ස්වුඩ් විද්‍යාලය සහිරා විද්‍යාලය TBC 4.15 ප.ව.
42 ත්‍රිත්ව විද්‍යාලය   වෙස්ලි විද්‍යාලය පල්ලෙකැලේ 4.15 ප.ව.
සතිය 9 ජුනි 1 – 3 43 රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය රාජකීය ක්‍රීඩාංගනය 4.15 ප.ව.
44 සාන්ත ජෝසප් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය හැව්ලොක් පාක් (ඉසිපතන ) 4.15 ප.ව.
45 කිංග්ස්වුඩ් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය CR & FC 4.15 ප.ව.
46 ත්‍රිත්ව විද්‍යාලය   සහිරා විද්‍යාලය පල්ලෙකැලේ 4.15 ප.ව.

2 වන වටය මැයි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර නිශ්චිත දින හා තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ලද විගසින් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<