Home Sinhala ශකිබ් සහ ලිටන් වාර්තා පොත් අලුත් කරයි!

ශකිබ් සහ ලිටන් වාර්තා පොත් අලුත් කරයි!

271

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරගය අද (17) දින ටෝන්ටන් හිදී පැවැත්විය. මෙම තරගයෙන් බංගලාදේශය කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළේ ලෝක කුසලාන තරගයක දී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමිනි.

ICC ය ශ්‍රී ලංකාවට අවවාද කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පස්වන තරගය පසුගිය සෙනසුරාදා…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 321ක් වාර්තා කරන ලදි.

ඉනිමේ මුල් පන්දුවාර කිහිපයේ දී කොදෙව් ආරම්භක පිතිකරුවන්ට රිසි සේ පහරවල් කරා යාමට බංගලාදේශ වේගපන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ඔවුන් සමත් වූයේ සාර්ථක ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දෙමිනි. මෙහි දී ක්‍රිස් ගේල් පන්දු 13කට මුහුණ දී ලකුණු නොලබාම දැවී යාම කාගේත් විමතියට හේතු විය.

නමුත් ඉන්පසු එවින් ලුවිස් සමඟ පිටියේ එක්වූ ශායි හෝප් දෙවන කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් ඉනිමට ජීවයක් එක්කිරීමට සමත් විය.

ලුවිස් ලකුණු 70කට දවා ගනිමින් ශකිබ් අල් හසන් එම සබඳතාවයට තිත තැබූ අතර යළිත් ක්‍රියාත්මක වූ ශකීබ් ලකුණු 25ක් ලබා සිටි නිකොලස් පූරන්වද දවා ගනිමින් සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරවීමට සමත් විය.

නමුත් ඉන්පසු පිටියට පැමිණි නවක ක්‍රීඩක ශිම්රන් හේට්මයර් බංගලාදේශ පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් පන්දු 26ක දී වේගවත් ලකුණු 50ක් වාර්තා කරමින් කොදෙව් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැමීමට සමත් විය. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ යෝධ හයේ පහර 3කින් වර්ණවත් විය.

හේට්මයර්ගේ දැවී යාමෙන් අනතුරුව ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වීමට ඉඩ ලබා නොදුන් නායක ජේසන් හෝල්ඩර් පන්දු 15ක දී ලකුණු 33ක් රැස් කළේය.

එංගලන්ත බල කණුවකට තරග දෙකක් මඟ හැරේ

එංගලන්ත ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ජේසන් රෝයි…

කොදෙව් ඉනිම පුරාවට නැංගුරමක් සේ එක් අන්තයක සිට පන්දු තෝරා බේරා ගනිමින් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදුණු ශායි හෝප් ලකුණු 96කට අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු 121කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් පමණක් ඇතුළත් විය.

අවසානයේ කොදෙව් ඉනිම ලකුණු 321කට සීමා කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර මෙහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුස්ටෆිසූර් රහ්මාන් කඩුලු 3ක් දවා ගත්තේය. ඊට හේට්මයර්, ශායි හෝප් සහ ඔන්ඩ්රෙ රසල්ගේ කඩුලු ඇතුළත් විය.

ඊට අමතරව මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 3ක් සහ ශකිබ් අල් හසන් කඩුලු 2ක් ලබා ගනිමින් පන්දුවෙන් කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්හ.

ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවෝ ආරම්භයේ සිටම කෙටි ලකුණු ලබා ගනිමින් හා දුර්වල පන්දුවලට පහර දෙමින් ලකුණු රැස් කිරීමේ යෙදුණු අතර ඊට කොදෙව් ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම ද සහයෝගයක් විය.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 52 දී බිඳ වැටුණ ද තමීම් ඉක්බාල් සහ ශකිබ් අල් හසන් ලකුණු වේගය අඩාල වීමට ඉඩ නොදී පිතිකරණයේ යෙදුනේය.

නමුත් ෂෙල්ඩන් කොට්රෙල්ගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ තමීම් ඉක්බාල් ලකුණු 48කට දුවද්දී දැවී ගිය අතර ඉන් වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් මුෂ්ෆිකර් රහීම් ද එක් ලකුණක් ලබා සිටිය දී දැවී ගියේ යළි තරගය දෙපිළටම විවෘත කරමිනි.

ඉන්දු – පාකිස්තාන තරගයේ දී සුපිරි වාර්තාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (16) මැන්චෙස්ටර් හිදී..

කෙසේ නමුත් සිය අත්දැකීම් සහ දක්ෂතාවය මැනවින් උපයෝගී කර ගත් ශකිබ් අල් හසන් මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද දෙවන සහ තමාගේ එක්දින ජාත්‍යන්තර දිවියේ 09 වැනි ශතකය වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් විය.

එමෙන්ම ඔහු අද දිනයේ එක්දින ජාත්යන්තර ලකුණු 6000 සීමාව පසු කිරීමට සමත් වූයේ අඩුම තරග සංඛ්‍යාවක දී කඩුලු 250 සහ ලකුණු 6000 සීමාව පසු කළ ක්‍රීඩකයා බවට වාර්තා පොත් අතරට එක්වෙමිනි.

ඔහුට අනගි සහයක් ලබා දුන් ලිටන් දාස් වේගවත් ඉනිමක් දියත් කරමින් බංගලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ පිටිය පුරා පහරවල් එල්ල කරමින් කොදෙව් පන්දු යවන්නන් අසරණ කරමිනි.

බංගලාදේශය 42 වැනි පන්දුවාරයේ දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ශකිබ් අල් හසන් පන්දු 99ක දී ලකුණු 124ක් සහ ලිටන් දාස් පන්දු 69ක දී ලකුණු 94ක් ලබා සිටියහ.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ශකිබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට (18) මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


West Indies
321/8 (50)

Bangladesh
322/3 (41.3)

Batsmen R B 4s 6s SR
Chris Gayle c Mushfiqur Rahim b Mohammad Saifuddin 0 13 0 0 0.00
Evin Lewis c Sabbir Rahaman b Shakib Al Hasan (vc) 70 67 6 2 104.48
Shai Hope c Liton Das b Mustafizur Rahman 96 121 4 1 79.34
Nicholas Pooran c Soumya Sarkar b Shakib Al Hasan (vc) 25 30 2 1 83.33
Shimron Hetmyer c Tamim Iqbal b Mustafizur Rahman 50 26 4 3 192.31
Andre Russell c Mushfiqur Rahim b Mustafizur Rahman 0 2 0 0 0.00
Jason Holder c Mahmudullah b Mohammad Saifuddin 33 15 4 2 220.00
Darren Bravo, b Mohammad Saifuddin 19 15 0 2 126.67
Oshane Thomas not out 6 11 0 0 54.55


Extras 22 (b 0 , lb 6 , nb 0, w 16, pen 0)
Total 321/8 (50 Overs, RR: 6.42)
Fall of Wickets 1-6 (3.2) Chris Gayle, 2-122 (24.3) Evin Lewis, 3-159 (32.2) Nicholas Pooran, 4-242 (39.3) Shimron Hetmyer, 5-243 (39.6) Andre Russell, 6-282 (43.4) Jason Holder, 7-297 (46.6) Shai Hope, 8-321 (49.6) Darren Bravo,,

Bowling O M R W Econ
Mashrafe Mortaza 8 1 37 0 4.62
Mohammad Saifuddin 10 1 72 3 7.20
Mustafizur Rahman 9 0 59 3 6.56
Mehidy Hasan Miraz 9 0 57 0 6.33
Mosaddek Hossain 6 0 36 0 6.00
Shakib Al Hasan (vc) 8 0 54 2 6.75


Batsmen R B 4s 6s SR
Tamim Iqbal run out (Sheldon Cottrell,) 48 53 6 0 90.57
Soumya Sarkar c Chris Gayle b Andre Russell 29 23 2 2 126.09
Shakib Al Hasan (vc) not out 124 99 16 0 125.25
Mushfiqur Rahim c Shai Hope b Oshane Thomas 1 5 0 0 20.00
Liton Das not out 94 69 8 4 136.23


Extras 26 (b 1 , lb 0 , nb 0, w 25, pen 0)
Total 322/3 (41.3 Overs, RR: 7.76)
Fall of Wickets 1-52 (8.2) Soumya Sarkar, 2-121 (17.3) Tamim Iqbal, 3-133 (18.6) Mushfiqur Rahim,

Bowling O M R W Econ
Sheldon Cottrell, 10 0 65 0 6.50
Jason Holder 9 0 62 0 6.89
Andre Russell 6 0 42 1 7.00
Shannon Gabriel 8.3 0 78 0 9.40
Oshane Thomas 6 0 52 1 8.67
Chris Gayle 2 0 22 0 11.00




[/vc_column_text][/vc_column][/vc_row]