කලකට පසු පිටියට පැමිණි මලික් පාකිස්තානයට ජය ගෙනේ

79
(Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

පාකිස්තානය සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පැවති පළමු තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය. ඒ සමග ම ඔවුන් තරගාවලියේ 1-0ක් ලෙසින් පෙරමුණ ගත්හ. 

ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ “ග්‍රාන්ට් එලියට් අසුන”

‘ග්‍රාන්ට් එලියට්’ නම ඇසූ පමණින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකුට 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ…..

ඊයේ (24) ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තම ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 141ක් පමණි. 

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් ය. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය. ඔහු සමඟින් ඉනිම ආරම්භ කළ තමිම් ඉක්බාල් ද පන්දු 34කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගැනීම කැපී පෙනුණ අතර මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 71ක් වූහ. බංග්ලාදේශ ඉනිම අවසන් වෙන විට නායක මහමුදුල්ලා රියාද් පන්දු 14කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී ශහීන් ෂා අෆ්රිඩි, ශදාබ් කාන් සහ තම මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වූ හැරිස් රවුෆ් කඩුල්ල බැගින් දවා ගත්හ. 

පිළිතුරු පාකිස්තාන ඉනිමේ ආරම්භය අවාසනාවන්ත වූව ද ඔවුන් පන්දු 3ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට සමත් විය. 

නවසීලන්තයේ ලකුණු 203 ඉන්දියාව පන්දුවාර 19න් හඹායයි!

ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අරඹමින් පැවති පළමු T20 තරගයෙන්ම කඩුලු 6ක සුවිශේෂී ජයක් වාර්තා කර ගන්නට……

එහි දී ෂොයිබ් මලික් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය. වසරකට පමණ පසුව පාකිස්තාන කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට එක් වූ ෂොයිබ් මලික් තමන් මුහුණ දුන් 40 වැනි පන්දුවේ දී තම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පිටියේ  8 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. 

පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරු නායක බාබර් අසාම් ඉනිමේ දෙවැනි පන්දුවේ දී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූව ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක් එක් කිරීමට අසන් අලි  සහ මොහොමඩ් හෆීස් (17) සමත් වූහ. 

අනතුරුව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට අසන් අලී සහ ෂොයිබ් මලික් සමත් වූහ. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් එක් කළහ. තම මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වූ අසන් අලි පන්දු 32කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය. 

තහනම් ගහේ ගෙඩි කෑ ශ්‍රී ලාංකිකයෝ

1982 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා කටුනායක ගුවන්තොටුපොළෙන් හොංකොං බලා පිටත්වන ගුවන් යානයක්.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ ශෆියුල් ඉස්ලාම් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තේය. 

තරගයේ වීරයා ලෙසින් ෂොයිබ් මලික් නම් කෙරුණි. 

බංග්ලාදේශය; කඩුලු 5ක් දැවී 141 (20) තමිම් ඉක්බාල් 39, මොහොමඩ් නයිම් 43, මහමුදුල්ලා රියාද් නොදැවී 19, 

පාකිස්තානය; කඩුලු 5ක් දැවී 142 (19.3) අසන් අලි 36, ෂොයිබ් මලික් නොදැවී 58, ශෆියුල් ඉස්ලාම් 2/27, 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයට අද (25) ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<