ඕස්ට්‍රේලියානු එක්දින පරාජයන් රැල්ලට තිත

1016

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද (9) ඇඩිලේඩි හිදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 7කින් ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1-1ක් ලෙස තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සමකිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියාව ලබා ගත් මේ ජයග්‍රහණය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ එක්දින ක්‍රිකට් තරග 7ක් පරාජය වීමට පසුව ලබාගත් පළමු ජයග්‍රහණයක් ලෙසයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 211ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

ප්‍රේක්ෂකයින් 53,500කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නායක ෆෆ් ඩියු ප්ලේසී පළමුව පන්දුවට පහර දීමට ඒරන් ෆින්ච් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 47කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 231ක් පමණි.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ නායක ඒරන් ෆින්ච් හා ට්‍රැවිස් හෙඩ් හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට අවස්ථාව ලැබුණේ ලකුණු 12ක සබඳතාවයක් වන අතර ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ලෙස 4 පහර දෙකක් සමඟ ලකුණු 8ක් ලබා සිටි හෙඩ් දැවී ගියේ ලුන්ගි නිගිඩිගේ පන්දුවකටයි.

ඉන්පසුව දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ෂෝන් මාෂ් හා එරන් ෆින්ච් ඕස්ට්‍රේලියානු ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය ගොඩනංවමින් ලකුණු 54ක සබඳතාවයක් වාර්තා කළේ ඉතාමත් අඩු පන්දු ප්‍රමාණයක් තුලයි. දකුණතින් පිතිකරණයේ නිරත වන ෆින්ච් 4 පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබාගත්තේ පන්දු 63කට මුහුණ දෙමිනි. මාෂ් ලකුණු 22යි. අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 231කට සීමා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩ බලන්න කමිටු තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා එය ස්ථාවර වන තෙක් එහි පරිපාලන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම්වල එක් නියෝජිතයෙකුගෙන්…

දකුණතින් වේගපන්දු යවන කගීසෝ රබාඩා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හට දැඩි පීඩනයක් ගෙන එන සේ සිය පන්දු යැවීම සිදුකරන ලදි. ඕස්ට්‍රේලියානු මැදපෙළ සවිමත් කිරීම වෙනුවෙන් දකුණතින් පිතිකරණයේ නිරත වන ක්‍රිස් ලීන් හා වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි ලකුණු 40 සීමාව ඉක්මවා යමින් ඕස්ට්‍රේලියානු ලකුණු සටහන ඉහළට ඔසවා තැබුවේ දක්ෂ පිතිකරණයක නිරත වෙමිනි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක රබාඩා ලකුණු 54කට කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දුකරණයක නිරත වෙන ලදි.

ලකුණු 232ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 4ක් ලකුණු 68ක් තුල දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. දකුණු අප්‍රිකානු මුල්පෙළ එසේ අසාර්ථක වෙද්දී මැදපෙළ ස්ථාවර කළ ඩේවිඩ් මිලර් හා නායක ෆෆ් ඩියු ප්ලේසී එක්ව 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැංවූයේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් තරමක් දුරට තැති ගන්වමිනි. එම සබඳතාවයට තිත තබමින් ක්‍රියාත්මක වූ පැට් කමින්ග්ස් වර්ණවත් 4 පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටි ෆෆ් ඩියු ප්ලේසීව දකුණු අප්‍රිකානු ඉනිමේ 5වන කඩුල්ල ලෙස දවා ගැනීමත් සමඟම තරගයේ වැඩි වාසිය සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ගේ දෙසට බර වන්නට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.  

තරගය කණපිට හැරවූ සාන්ත සර්වේසස් ජය ලබයි

ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණු අතර…

4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 51ක් ලබාගෙන සිටි මිලර් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 12වන එක්දින අර්ධ ශතකය මේ තරගයේ දී ලබා ගත්තේය. ඔහු ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ පසුපෙළ පිතිකරුවන් හා එක්ව සිය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒම වෙනුවෙන් වෙහෙස වුවත් ඒ වෑයම සාර්ථක කිරීමට මාර්ක් ස්ටෝනිස් අවස්ථාව ලබා දුන්නේ නැත. අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 224ක් පමණි. ඒ නිසාවෙන් මේ තරගය ලකුණු 7කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූයේ 1-1ක් ලෙස තරගාවලිය සම මට්ටමකට රැගෙන එමිනි.

ඕස්ට්‍රේලියානු – 231/10 (47.3): ඇලෙක්ස් කේරි 47, ක්‍රිස් ලින් 44, එරන් ෆින්ච් 41, කගීසෝ රබඩා 4/54, ඩුවෙයින් ප්‍රිටෝරියස් 3/32.

දකුණු අප්‍රිකාව – 224/9 (50): ඩේවිඩ් මිලර් 51, ෆෆ් ඩියු ප්ලේසී 47, මාර්ක් ස්ටෝනිස් 3/35.

තරගයේ වීරයා – ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව)

දෙරට අතර පැවැත්වෙන තුන්වැනි හා තීරණාත්මක අවසන් ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා හෝබාර්ට් හිදී පැවැත්වේ. එම තරගය ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<