ආසියානු පාසල් සම්මේලන කුසලාන තරගාවලියට 6 දෙනෙක්

355

ආසියානු පාසල් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මංගල බොක්සිං තරගාවලිය හෙට (03) සිට අගෝස්තු 09 වැනිදා දක්වා කුවේට් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් 6 දෙනෙකු කුවේට් බලා යාමට නියමිතයි.

තරගාවලිය සඳහා සුදුසු යැයි සැලකෙන්නේ 2005 සහ 2006 වසරවල උපන් ක්‍රීඩකයන්. මේ සඳහා යොදා ගැනෙන බරපන්ති වන්නේ කිලෝ ග්‍රෑම් 35 සිට 70 දක්වා වන බර පන්තියි. රටවල් 22ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 166 දෙනෙකු පමණ මීට සහභාගී වෙතැයි බලාපොරොත්තු වනවා. ඒ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.

  • දුල්රාන් වීරසිංහ (33-35kg) – මහානාම විද්‍යාලය.

  • දුලාජ් වීරසිංහ (35-37kg) – මහානාම විද්‍යාලය.

  • A.S. ප්‍රේමතිලක (37-40kg) – ධීරානන්ද මහා විද්‍යාලය.

  • T.D. දිසානායක (40-43kg) – පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය.

  • K.M. කරුණාසිංහ (43-46kg) – ධීරානන්ද මහා විද්‍යාලය.

  • T.S. රෙමාන් (46-49kg) – වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය.

ආසියානු තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රීඩකයන් සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ දිගුකාලීන බොක්සිං වැඩපිළිවෙලේ තවත් එක් සාධනීය පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<