ශ්‍රී ලංකා කාන්තාවෝ අනුශූරතාව දිනා ගනිති

111

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය අද (01) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී ආරම්භ වුණු අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පලඟ ශූරතාවයේ අනුශූරයින් වූයේ ප්‍රබල තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 32-07ක් වශයෙන් පරාජය වීමත් සමඟිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජපානයෙන් උත්සහ දිනුම් වැස්සක්!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (31) දකුණු…

අද (01) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය උදෑසන 7.36ට ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජපාන කාන්තා කණ්ඩායමට එරෙහිව සටන් වදින්නට විය. එම තරගයෙන් ලකුණු 34-07ක් වශයෙන් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සිදු විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවැනි තරගයේ දී සිංගප්පූරු කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදුනේය. ඒ පලඟ ශූරතාවයේ අවසන් පූර්ව තරගයටයි. පෙරවරු 9.26ට ආරම්භ වූ තරගයේ ආක්‍රමණය මුළුමනින්ම සියතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිංගප්පූරු කණ්ඩායමට කිසිදු ඉඩහසරක් නොදී ක්‍රීඩා කළ අතර තරගය අවසානයේ දී ලකුණු 26-05ක් ලෙස පහසු ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියාවට හොංකොං පාඩම් කියා දෙති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී…

මධ්‍යහන 12.54ට ආරම්භ වූ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදුණේය.

තරගයේ සුක්කානම අතැතිව ක්‍රීඩා කළ තායිලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ කරමින් පිට පිට උත්සාහක දිනුම් වාර්තා කරන්නට විය.

ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු 22-00ක් ලෙස තායිලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර දෙවැනි අර්ධයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සැලසුම් සහගතව ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

තායිලන්ත ක්‍රීඩිකාවකගෙන් සිදු වූ අත්වැරදීමකින් මනාව ප්‍රයෝජන ගත් තනූජා වීරක්කොඩි අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

නමුත් තායිලන්ත ක්‍රීඩිකාවන් විශේෂ දස්කම් පාමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ පරාජය කළේ ලකුණු 32-05ක් වශයෙනි.

රීසාගෙන් තායිපේට උපන්දින සාදයක්!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව්වැනි තරගය…

2018 ආසියානු සත් සාමාජික තරගාවලියේ පලඟ ශූරතාවලියේ ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික සංචිතය ආසියාවේම 5 වැනි ස්ථානය සිටි අතර 2019 ආසියානු සත් සාමාජික තරගාවලියේ පලඟ ශූරතාවලියේ අනුශූරියන් වීමෙන් අනතුරුව ඔවුන් දැන් ආසියාවේ 6 වැනි ස්ථානයට පසු බෑමට ලක්වී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<