ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියාවට හොංකොං පාඩම් කියා දෙති

111

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී ආරම්භ වුණු අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොඳින් දස්කම් අතරට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජපානයෙන් උත්සහ දිනුම් වැස්සක්!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී පැවැත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද (31) උදෑසන 9.44ට ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොංකොං කාන්තා කණ්ඩායමට එරෙහිව සටන් වදින්නට විය.

තරගය ආරම්භ වූ මොහොත පටන්ම තරගයේ ආක්‍රමණය හොංකොං ක්‍රීඩිකාවන් සතු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශාල පීඩනයක් සමග ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

නමුත් තනූජා වීරක්කොඩි පන්දුව හොඳින් ග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ ද හොංකොං පීඩනයෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවිණි.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 05 19 හොංකොං

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ වන ආකාරයක් පෙන්නුම් කළ අතර හොංකොං ක්‍රීඩිකාවෝ හොඳින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ක්‍රීඩා කිරීමට වග බලා ගත්හ.

හොංකොං ආරක්ෂාව බිඳමින් අනූෂා අත්තනායක ශ්‍රී ලංකාවේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර හොංකොං ක්‍රීඩිකාවන්ට එයින් හානියක් වූයේ නැත. තරගය මුළුමනින්ම අත්පත් කරගනිමින් හොංකොං ක්‍රීඩිකාවක් තරගය ලකුණු 33-10ක් ලෙස ශ්‍රී ලංකාව පරයමින් ජය ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 10  31 හොංකොං

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරගය අද (31) මධ්‍යාහ්න 12.40ට ආරම්භ විය. එම තරගයේ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 35-05ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

පෙර තරගයේ සිදු වූ සියලු වැරදි නිවැරදි කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගය ආක්‍රමණය කරන්නට විය. සුළු අත්වැරදීම් හැරුණු විට ශ්‍රී ලංකාව මැලේසියානු කණ්ඩායමට කිසිදු අවස්ථාවක් නොදෙමින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

තරගයේ පළමු අර්ධය අවසන් වන වීමට මොහොතකට පෙර මැලේසියානු ක්‍රීඩිකාවන් අපහසුවෙන් වුවද උත්සාහක දිනුමක් වාර්තා කළ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊට පෙරම උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තන දෙකක් වාර්තා කරගනිමින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 05 මැලේසියාව

දෙවැනි අර්ධය ආරම්භ වූ මොහොත පටන් ශ්‍රී ලංකාව පහසු පහසුවෙන් මැලේසියානු ක්‍රීඩිකාවන් මැඩලමින් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය.

මැලේසියානු ක්‍රීඩිකාවන්ට පන්දුව කිසිසේත්ම ලබා නොදෙමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගය පහසුවෙන් ජය ගන්නා ලදි.

පළමු අදියරට අත්දැකීම් බහුල කාන්තා සංචිතයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සංචිතය ඊයේ (21) සවස නම් කළ….

සම්පූර්ණ ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 35 05 මැලේසියාව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළඟ තරගය ජපානයට එරෙහිව හෙට (01) කොරියාවේ ඉන්චන් නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 07.36ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<