ඉන්දියාව නැවත ආසියානු ක්‍රිකට් ශූරතාව රැගෙන යයි

366
Inda won the Asia Cup 2018

ආසියානු කලාපයේ ක්‍රිකට් ශූරයන් තමන් මිස අන් කවරෙක්වත් නොවේ යැයි නැවත වතාවක් ඔප්පු කර පෙන්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (28) එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති අවසාන මහා තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමින් 2018 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගත්හ. ඉන්දියාව ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත් හය වැනි අවස්ථාවයි මේ.

බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය අවසන් කරමින් ඊයේ (26) අබුඩාබි ශෙයික්…

කාසියේ වාසිය දිනා ගත්  ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ලිටන් දාස් සහ මෙහෙදි හසන් එක්ව පළමු කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් එක් කළහ. පන්දු 59ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු  32ක් ලබා සිටි මෙහෙදි හසන්ගේ දැවී යෑමත් සමඟ එම කඩුල්ලේ සබඳතාව අවසන් විය.

අනතුරුව පිටියට පිවිසි ඉම්රුල් කයිස් (02), මුස්ෆිකුර් රහීම් (05), මොහොමඩ් මිතුන් (02) සහ මහමුදුල්ලා රියාස් (04) අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියහ. ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලෙසිනි.

ලිටන් දාස් බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමෙ ප්‍රධානියා විය. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහතර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තේ ය. 23 හැවිරිදි ලිටන් දාස් මෙම තරගයේ රැස් කළේ තමන්ගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි. ඔහුගේ ලකුණු ලැයිස්තුවේ මීට ප්‍රථම රැඳී තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි ලබා ගන්නා ලද ලකුණු 41යි.

බංග්ලාදේශය මෙම තරගයෙන් පරාජය වූව ද ලිටන් දාස්ගේ අභිමානවත් ඉනිමට ගරු කරමින් ඔහුව තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලිටන් දාස් සහ සෞම්‍ය සර්කාර් ලකුණු 37ක සබඳතාවක් එක් කළහ. සෞම්‍ය සර්කාර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33කි. ඔහු ඒ සඳහා පන්දු 45කට මුහුණ දුන් අතර හතරේ පහර සහ හයේ පහර බැගින් තම ඉනිමට එක්කර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලබති

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (28) කොළඹ එස්. එස්. සී….

බංග්ලාදේශ ඉනිමේ අනෙකුත් පිතිකරුවන් වූ නායක මශ්රෆි මොර්ටාසා (07), නෂ්මුල් ඉස්ලාම් (07), මුස්ටෆිෂුර් රහ්මන් (02*) සහ රුබෙල් හුසේන් (00) ද අඩු ලකුණුවලට තම ඉනිම් පූජා කළහ.

කඩුලු ලබා ගැනීමේ දී කුල්ඩීප් යාදෙව් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට සමත් විය. ඊට අමතරව කේඩර් ජාදව් ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තේ ය. බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3ක් දුවද්දී දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූ අතර ඉතිරි කඩුලු 2 ජස්ප්‍රීට් බුම්රාහ් සහ යුෂ්වේන්ද්‍ර චහාල් අතර බෙදී ගියහ.

ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි රොහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් අතර ගොඩ නැගුණ ලකුණු සබඳතාව 35කි. තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ධවාන් ඉනිමේ 5 වැනි පන්දු වාරයේ දී නස්මුල් ඉස්මාල්ගේ පන්දුවකට උඩ පන්දුවක් දී දැවී යද්දී පන්දු 14කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟ ලකුණු15ක් ලබා සිටියේ ය.

ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 46ක් වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අම්බටි රායුදු (02) දවා ගනිමිනි. රෝහිත් ෂර්මා සහ දිනේෂ් කාර්තික් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ස්ථාවර කිරීමට වෙහෙසූණි. නමුත් අර්ධ ශතකයකට තවත් ලකුණු 2ක් මෙපිටින් සිටිය දී රෝහිත් ෂර්මා තම ඉනිම නිමා කර ගත්තේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 55කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියේ ය.

ඉන්දීය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා කිරීමට දිනේෂ් කාර්තික් සහ මහේන්ද්‍ර සිං දෝනි සමත් වූහ. දෝනිගේ පරිනත ක්‍රිකට් උප්පර වැට්ටි මත වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 54කි. දිනේෂ් කාර්තික් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කර ගනිද්දී පන්දු 61ක දී හයේ පහර සහ හතරේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 37ක් ලබා සිටියේ ය.

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක…

දෝනි පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

ඔහුගේ දැවී යෑමත් සමඟ තරමක් සසල වූ ඉන්දීය ඉනිම ගොඩ දැමුවේ කාඩර් ජාධව්, බුවනේශ් කුමාර් සහ රවින්ද්‍ර ජඩේජා ය. ඔවුන් තිදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 52ක වාර්තාවක් එක් කළහ. කාඩර් ජාධව් පන්දු 20ක දී ලකුණු 19ක් ලබා සිටිය දී තාවකාලික පිටියෙන් ඉවත් වීම මේ සබඳතාවට පිතකරුවෝ තිදෙනෙක් එක් වූහ.

කෙසේ වෙතත් 6 වැනි කඩුල්ල ලෙසින් රවින්ද්‍ර ජඩේජා පන්දු 33ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමින් පිටිය හැර යන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 212 රැඳී තිබුණි. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 11ක් අවශ්‍යව තිබූ අතර ඉතිරිව තිබූ පන්දු ප්‍රමාණය 14කි. ඒ වෙද්දී බුවනේෂ් කුමාර් ලකුණු 20ක් ලබා සිටියේ ය.

ජඩේජාගේ දැවී යෑමත් සමඟින් නැවත පිටියට පිවිසි කාඩර් ජාධව් තරගය අවසානය දක්වා පිටියේ රැඳී සිටීයේ ය. ජඩේජාගේ දැවී යෑමෙන් පසුව එතෙක් සාර්ථක පිතිහරඹයක නිරත වූ බුවනේශ් කුමාර් පන්දු 31කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 21ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 9ක අවශ්‍යතාවක් පවතිද්දී ය. ඒවෙද්දී තවත් පන්දු 11ක් ඉතිරිව තිබුණි.

කාඩර් ජාධව් සහ කුල්ඩීප් යාදව් තරගයේ අවසන් පන්දු වාරයට මුහුණ දුන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 6ක අවශ්‍යතාවක් සමගිනි. එය අවසන් පන්දුවේ දී පා ලකුණක් සමඟින් සම්පූර්ණ කර ගැනීමට ඔවුන් සමත වූහ.

කඩුලු ලබා ගැනීමේ දී මුස්ටෆිෂුර් රහ්මන් සහ රුබෙල් හුසේන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර නස්මුල් ඉස්ලාම්, මස්රෆි මොර්ටාෂා සහ මහමුදුල්ලා රියාද් කඩුල්ල බැගින් බෙදා ගත් හ.  

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 222 (48.3) ලිටන් දාස් 121, මෙහෙදි හසන් 32, සෞම්‍ය සර්කාර් 33,

ඉන්දියාව; කඩුලු 7ක් දැවී 223 (50.0) රොහිට් ශර්මා 48, දිනේෂ් කාර්තික් 37, මහේද්‍ර සිං දෝනි 36, කේඩර් ජාධව් නොදැවී 23, රවින්ද්‍ර ජඩේජා 23, භුවනේශ්වර් කුමාර් 21, මුස්ටෆිෂුර් රහ්මන් 2/38, රුබෙල් හුසේන් 2/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Bangladesh

222/10

(48.3 overs)

Result

India

223/7

(50 overs)

India won by 3 wickets

Bangladesh’s Innings

Batting R B
Liton Das st MS Dhoni b K Yadav 121 117
Mehidy Hasan c A Rayudu b K Jadhav 32 59
Imrul Kayes lbw by Y Chahal 2 12
Mushfiqur Rahim c J Bumrah b K Jadhav 5 9
Mohammed Mithun (runout) R Jadeja 2 4
Mahmudullah c J Bumrah b K Yadav 4 16
Soumya Sarkar (runout) A Rayudu 33 45
Mashrafe Mortaza st MS Dhoni b K Yadav 7 9
Nazmul Islam (runout) M Pandey 7 13
Mustafizur Rahaman not out 2 5
Rubel Hossain b J Bumrah 0 2
Extras
7 (lb 2, w 5)
Total
222/10 (48.3 overs)
Fall of Wickets:
1-120 (M Hasan, 20.5 ov), 2-128 (I Kayes, 23.5 ov), 3-137 (M Rahim, 26.5 ov), 4-139 (M Mithun, 27.6 ov), 5-151 (Mahmudullah, 32.2 ov), 6-188 (L Das, 40.6 ov), 7-196 (M Mortaza, 42.5 ov), 8-213 (N Islam, 46.4 ov), 9-222 (S Sarkar, 48.1 ov), 10-222 (R Hossain, 48.3 ov)
Bowling O M R W E
Bhuvneshwar Kumar 7 0 33 0 4.71
Jasprit Bumrah 8.3 0 39 1 4.70
Yuzvendra Chahal 8 1 31 1 3.88
Kuldeep Yadav 10 0 45 3 4.50
Ravindra Jadeja 6 0 31 0 5.17
Kedar Jadhav 9 0 41 2 4.56

India’s Innings

Batting R B
Rohit Sharma c N Islam b R Hossain 48 55
Shikar Dhawan c S Sarkar b N Islam 15 14
Ambati Rayudu c M Rahim b M Mortaza 2 7
Dinesh Karthik lbw by Mahmudullah 37 61
MS Dhoni c M Rahim b M Rahaman 36 67
Kedar Jadhav not out 23 27
Ravindra Jadeja c M Rahim b R Hossain 23 33
Bbuvneshwar Kumar c M Rahim b M Rahaman 21 31
Kuldeep Yadav not out 5 5
Extras
13 (b 1, lb 7, w 5)
Total
223/7 (50 overs)
Fall of Wickets:
1-35 (S Dhawan, 4.4 ov), 2-46 (A Rayudu, 7.3 ov), 3-83 (R Sharma, 16.4 ov), 4-137 (D Karthik, 30.4 ov), 5-160 (MS Dhoni, 36.1 ov), 6-212 (R Jadeja, 47.2 ov), 7-214 (B Kumar, 48.1 ov)
Bowling O M R W E
Mehidy Hasan 4 0 27 0 6.75
Mustafizur Rahaman 10 0 38 2 3.80
Nazmul Islam 10 0 56 1 5.60
Mashrafe Mortaza 10 0 35 1 3.50
Rubel Hossain 10 2 26 2 2.60
Mahmudullah 6 0 33 1 5.50