ඉන්දියාවට පහසු ජයක්

164

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කලාපයේ ප්‍රබලයන් දෙදෙනා අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (19) නිමා වූ තරගයෙන් කඩුලු 8ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව A කාණ්ඩයේ තරග එම තරගයත් සමඟ නිමා වූ අතර සුපිරි වටය නියෝජනය කිරීමට ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තේ ය.

හොංකොං ක්‍රීඩකයන්ට ගෞරවාන්විත පරාජයක්

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ..

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය සියලුම දෙනා දැවී ලකුණු 162කට දැවී ගිය අතර ඉන්දීය ක්‍රීඩකයෝ එම පහසු ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත්හ. ඒ තවත් පන්දුවාර 21ක් ම ඉතිරිව පවතිද්දී ය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තම කණ්ඩායම වෙත පවරා ගනිමින් පිටියට පිවිසිය ද ඔවුන්ගේ ආරම්භක කඩුලු දෙකම අසාර්ථක විය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් (02) සහ ෆකාහාර් ෂාමන් (00) ලකුණු පුවරුව 3ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවක් ගොඩ නැගීමට බාබර් අෂාම් සහ ෂොයිබ් මලික් සමත් වූහ. බාබර අෂාම් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 47ක් ලබා ගත්තේ ය. ෂොයිබ් මලික් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43කි. ඔහු මේ වෙනුවෙන් පන්දු 67කට මුහුණ දුන් අතර හතරේ සහ හයේ පහර 1 බැගින් එල්ල කරන ලදි.

අනතුරුව නායක සෆ්රාෂ් අහමඩ් (06), අසිෆ් අලි (09) සහ ශාදබ් ඛාන් (08) අඩු ලකුණුවලට සීමා වෙද්දී, ෆාහීම් අෂ්රාෆ් සහ මොහොමඩ් අමීර් එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් එක් කළහ. අෂ්රාෆ් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර අමීර් ඉනිම අවසන් වන විට පන්දු 26කට මුහුණ දී හතරේ පහරක් ද තම ඉනිමට එකතු කර ගනිමින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියේ ය.

දැවී ගිය අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ හසන් අලි (01) සහ උස්මාන් ඛාන් (00) ය.

පන්දු යැවීමේ දී බුවනේෂ් කුමාර් සහ කේඩර් ජාධව් කඩුලු 3 බැගින් දවා ගත් අතර ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තේ ය.

Fair & Lovely Men වෙළඳසේවා ක්‍රිකට් B සවිබල ගන්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර එළඹෙන..

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් පළමු පන්දුවාර 10 දී කිසිවෙකුත් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ පෙර නිමිති ඵල කළහ. එසේ යන ගමන 14 වැනි පන්දුවාරයේ ආරම්භක පන්දුවේ දී අවසන් කිරීමට ශාදබ් ඛාන් සමත් විය. එය ශාදබ් විසින් යැවුණ පළමු පන්දුවයි.

නායක රෝහිත් ෂර්මා කඩුල්ල බිඳ ගනිමින් තමන්ගේ ඉනිම නිමා කර ගනිද්දී පන්දු 39කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් රැස් කරගෙන සිටියේය. ඔහු එක්දින ජාත්‍යන්තර පිටියේ රැස් කරන ලද 35 වැනි අර්ධ ශතකයයි මෙම තරගයේ දී වාර්තා කරනු ලැබුවේ.

රෝහිත් සහ ෂිකර් ධවාන් අතර පළමු වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 86කි.

අනතුරුව ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු පුවරුව 104ක් වෙද්දී දවා ගැනීමට ෆාහීම් අෂ්රාෆ් සමත් විය. ෂිකර් ධවාන් පන්දු 54කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා සිටිය දී බාබර් අෂාම් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

එතැන් සිට තරගය සියතට ගත් අම්බටි රායුදු සහ දිනේෂ් කාර්තික් තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන තුරු තම කඩුලු ආරක්ෂා කර ගනිමින් තෙවැනි කඩුල්ලට ලකුණු 60ක නොබිඳුණු සබඳතාවක් වාර්තා කළහ. රායුදු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර කාර්තික් පන්දු 37කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය.

තරගයේ වීරයා ඉන්දීය කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් ය.

පාකිස්තානය; සියලුම දෙනා දැවී 162 (43.1): බාබාර් අසාම් 47, ෂොයිබ් මලික් 43, ෆහීම් අශ්රාෆ් 21, මොහොමඩ් අමීර් නොදැවී 18, බුවනේෂ්වර් කුමාර් 3/15,  ජස්ප්‍රිට් බුම්රා 2/22, කේඩර් ජාධව් 3/23

ඉන්දියාව;  කඩුලු 2ක් දැවී 164 (29.0): රෝහිට් ෂර්මා 52, ශිකර් ධවාන් 46, අම්බටි රායුදු නොදැවී 31, දිනේෂ් කාර්තික් නොදැවී 31

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබි හි දී (20) පැවැත්වීමට නියමිත වූව ද, B කාණ්ඩය නියෝජනය කළ මෙම කණ්ඩායම් දෙක මේ වෙද්දී ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ ලබා ගැනීම හේතුවෙන් තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම සුපිරි වටයට සුදුසුකම් ලබා සිටී.

තරගාවලියේ උණුසුම් පුවත් සමගින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<