මැතිව්ස් පන්දු ‍යවන්න සූදානම් ද?

72

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් චමිල කරවිට මහතා ඇන්ජලෝ මැතිව්ස් සමඟින් කළ සම්මුඛ සාකච්ඡාවක උපුටා ගැනීමකි.

අවසන් පන්දුවාරයේ දී ඉසුරු උදාන මැජික් පෙන්වයි

දකුණු අප්‍රිකානු Mzansi Super League තරගාවලියේ Paarl Rocks කණ්ඩායම…..

ප්‍රශ්නය – නවසීලන්තය සමඟින් පැවති ටෙස්ට් තරගවලින් අනතුරුව ඔබේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔබ මේ විවේක කාලය ගත කළේ කොහොමද? 

මම මේ මාස දෙක හමාරක කාලය වැඩිපුරම යෙදෙව්වේ මගේ ශාරීරික සුවතාවය වර්ධනය කර ගැනීමට. මම මගේ පිතිකරණය වගේම පන්දු ‍යැවීමෙනුත් පුහුණු වීම් කළා. මම පන්දු ‍යවන්න පටන් ගෙන දැන් මාස දෙක හමාරක් වගේ වෙනවා. 

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට මීළඟ අභියෝගය වෙලා තියෙන්නේ පාකිස්තානය. වසර 10කට පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට යන්නේ. කොහොමද ඔබේ සූදානම?

මේ තරගාවලිය සඳහා තිබුණු පුහුණු කාලය සීමිත වුනත් මම හොඳින් සූදානම් වුනා. කණ්ඩායමක් හැටියට අපි තවමත් පුහුණු වීම් පටන් ගත්තේ නෑ. ඒත් වෙන් වෙන් වශයෙන් අපි පුහුණුවීම් කරලා තියනවා. අපි ටෙස්ට් තරගාවලියක් සඳහා යන්නේ වසර 10කින් වුනාට 2009ට පස්සේ අපි එක්දින හා විස්සයි විස්ස තරගාවලි සඳහා පාකිස්තානයට ගිහින් තියනවා කණ්ඩායමක් විදිහට වගේම ක්‍රීඩකයන් විදිහටත්. මම මේ තරගාවලිය සඳහා සුදානම්. 

ප්‍රශ්නය – කණ්ඩායමේ නවක මූණු අතරේ ඔබ තමයි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා. මේක ඔබට අමතර පීඩනයක් ද?

පීඩනය හැම ක්‍රීඩකයාටම පොදු දෙයක්. ඒක ඔහුගේ පළමු තරගය වුනත් අවසන් තරගය වුනත් පොදු දෙයක්. ඒත් ඔබට අත්දැකීම් තියනවා නම් ඒ පීඩනය අඩු වෙනවා මොකද ඔබ දන්නවා ඒ වගේ වෙලාවක දී ඔබ ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද කියලා. ඔබ එක් වතාවක් වැරැද්දක් කළා නම් ඔබ දන්නවා ඊළඟ වතාවේ ඒක හරියට කරන්න. ඒත් ගොඩක් අය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් උපරිම දක්ෂතා හැමවෙලේම බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් ගැන හිතන්නේ නැතිව ඔබට පුළුවන් උපරිමය කරන එක තමයි ඔබේ වගකීම වෙන්නේ. 

ප්‍රශ්නය – එතකොට එක්දින තරග?

ඇත්‍තටම ඒකේ වෙනසක් නෑ. මම මැදපෙළ ක්‍රීඩකයෙක් විදිහට පන්දුවට පහර දෙන්න එන හැම වෙලේම පීඩනය තියනවා. ඒත් මම ක්‍රීඩකයෙක් හැටියට මම මගේ ක්‍රීඩා රටාව වෙනස් කරගන්න ඕන ඒ ඒ අවස්ථාව අනුව. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනවා වගේම නවක ක්‍රීඩකයන්ට උදව් කරන එකත් මගේ වගකීමක්. 

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) අබුඩාබි හිදී නිමා වූ…

ප්‍රශ්නය – ඔබට ක්‍රීඩා කරන්න තවත් කල් තියනවා. ඔබේ අනාගත බලාපොරොත්තු වෙන්නේ මොනවද? 

ඒක මෙහෙමයි. මගේ බලාපොරොත්තුව 2023 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරන්න. මම බලාපොරොත්තු වෙනවා මගේ ශාරීරික යෝග්‍යතාව ඉදිරි වසරවල දී ඉතාම හොඳ මට්ටමක තියා ගන්න. නමුත් මම ගොඩක් දුර හිතන්න කැමති නෑ. මට ආබාධ පාලනය කරන්න බෑ. ඒත් මම අධිෂ්ඨානයෙන් ඉන්නවා මගේ යෝග්‍යතාව තියා ගන්න. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබෙන එක මට ගෞරවයක්. මම වසරෙන් වසර ඒක ගැන බලනවා. මගේ ප්‍රධානතම ඉලක්කය 2023 ක්‍රිකට් ලෝක කුසලානය. 

ප්‍රශ්නය – ඔබ කණ්ඩායමට ඇතුළත් වුනේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. ඒත් දැන් ඔබ පිතිකරුවෙකු පමණයි?

මම 2012 – 2016 කාලය තුල සෑම තරගයක්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කළා. ඒ වෙනකොට මම තරුණයි. මම විවේකයක් ගැන හිතලා තිබුණේ නෑ. නමුත් මම දැන් දන්නවා ක්‍රීඩා කරන කොට විවේකය කොතරම් වැදගත් ද කියලා. මට පසුගිය කාලයේ පන්දු යවන්න බැරි වුනා. ඒත් මම ක්‍රමයෙන් ඒකට පුහුණු වෙමින් ඉන්නවා. 

ප්‍රශ්නය – ඉදිරි කාලය ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් කාර්‍යබහුල කාලයක් වෙනවා. පාකිස්තාන තරගාවලියට පසුව ජාත්‍යන්තර තරග 30 කට ආසන්න ප්‍රමාණයක් මීළඟ වසර තුල තියනවා. ඔබ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට දායකත්වය සපයන්න උත්සාහ කරනවා නම් ඒ ගැන ඔබ කටයුතු කරන්නේ කොහොමද? 

මම දැනට සැලසුම් කරලා තියන විදිහට මම විස්සයි විස්ස තරගවල පමණයි පන්දු ‍යවන්නේ. ඒක ගැන ගොඩක් බලාපොරොත්තු තියන්න මම කැමති නෑ. තේරිම් කමිටුව එක්ක කතා කරලා තමයි තීරණය කරන්නේ පිතිකරුවෙකු විදිහට ටෙස්ට් හා එක්දින තරගවලට ක්‍රීඩා කරලා විස්සයි විස්ස තරගවලට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරනවා ද කියලා. අපිට 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය තියනවා. ඒක තමයි මේ වෙන කොට තියන සැලැස්ම. 

ප්‍රශ්නය – ඔබ වසර කීපයකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල පන්දු යවා නෑ. ඔබ කොහොමද නැවත ඒ රිද්මය ලබා ගන්නේ? 

පිළිතුර – මම පුහුණුවීම් වල පන්දු ‍යවන්න පටන් ගත්තා. ඒත් වැස්ස නිසා ඒක සාර්ථක වුනේ නෑ. ඒත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විදිහට අපි හැම අවස්ථාවකටම සූදානම් වෙලා ඉන්න ඕන. පසුගිය මාස දෙක තුල මම ගොඩක් මහන්සි වුනේ පන්දු ‍යැවීමට. මම ඒක දිගටම කරගෙන යනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<