කනස්සල්ල නිසා ඉන්දීය ක්‍රීඩකයෙක් සියලු ක්‍රිකට් රටාවලින් සමුගනියි

895
©Sky sports

ඉන්දීය මැදපෙළ පිතිකරු අම්බති රායුදු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද ප්‍රකාශයට පත් කළා. ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීම ගැන තිබූ කනස්සල්ලේ ඉදිරි පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් වූ ඉන්දීය ක්‍රිකට් සංචිතයට ඇතුළත් නොවීම ගැන ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සිය කනස්සල්ල පළකොට තිබුණේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නටත් ප්‍රථමයි. පසුව ඇතිවූ හිඩැසට විජේ ශංකර් ඇතුළත් වූ අතර  බංග්ලාදේශයට එරෙහි තරගයට පෙර ඔහු ද ආබාධයකට ලක්වුනා. ඔහුගේ ආබාධයෙන් පසුව රිෂාබ් පන්ට් සහ දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කළ අතර රායුදු හට ඉඩක් ලැබුණේ නැහැ.

“කවුරුහරි මාව හැප්පුවා” පූරන්ගේ අනපේක්ෂිත මතකය

නිකලස් පූරන්ව නොදන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් …….

33 හැවිරිදි රායුදු ලිපියක් මඟින් සිය සමුගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා. මින් පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියටවත් සහභාගී නොවන බවත්, තමන් ඇතුළත් මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වලට තමන් ස්තුතිවන්ත වන බවත් ලිපියේ සඳහන්.

25 වසරකට ආසන්න ක්‍රිකට් දිවියේ ඉහළ නැගීම් සහ පහළ බැසීම් වලින් අත්දැකීම් ලබමින් ආ ගමන විශ්මිත එකක් බව ද ඔහු ලිපියේ සඳහන් කොට තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ඉතිහාසයේ තවත් එක් වේදනාත්මක සමුගැනීමක් ලෙස මෙය සටහන් කළ හැකියි. ඔහු එක්දින තරග 55ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් මුළු ලකුණු 1694ක් රැස්කළ ක්‍රීඩකයෙක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<