අර්ජුන, මාලිංග ඕල් බ්ලැක්ස් ලෝක සංචිතයට

1058

2019 ලෝක කුසලාන උණුසුම මේ වන විට ලොව පුරා පැතිරගොස් අවසන්. පුරා සති 6ක්, තරග 48ක්, ක්‍රීඩාංගණ 11ක් පුරා පැවැත්වීමට නියමිත මේ ලෝක ක්‍රිකට් වසන්තය නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් (All Blacks) කණ්ඩායම පවා තම රසිකයන් බවට පත් කර ගැනීමට සමත්ව තිබේ.

ඕල් බ්ලැක්ස් නිල ෆේස්බුක් පිටුව විසින් “The Ultimate Cricket XV” නමින් ක්‍රීඩකයන් 15 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ දක්වා ජාත්‍යන්තර පිටිය ආක්‍රමණය කළ ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග හා 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එම සංචිතයට ඇතුළත්ව සිටී. ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලියක දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබා ගත් එකම ක්‍රීඩකයා ද වේ.

මෙම Ultimate Cricket XV කණ්ඩායමට නවසීලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක්, ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන් දෙදෙනෙක් බැගින් ඇතුළත් වන අතර දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය හා බර්මියුඩාව නියෝජනය කරන ක්‍රීඩකයන් එක් අයෙක් බැගින් ඇතුළත් වේ.

රගර් කණ්ඩායමක් මෙන් මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම ක්‍රීඩකයන් හඳුන්වා දී ඇත්තේ අමුතුම ආකාරයකටයි.

එහි දක්වා තිබූ හැදින්වීම් කීපයක් මෙසේය.

අර්ජුන රණතුංග

ඔබ දන්නවාද රග්බි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ක්‍රීඩාව කියලා? ඒක එහෙම තමයි. ඒ වගේම අර්ජුන ‍රණතුංග එම කණ්ඩායමේ ප්‍රබල Hooker කෙනෙක්.

“Did you know rugby is Sri Lanka’s second biggest sport? Well it is and apparently Arjuna Ranatunga was a gun hooker back in the day”

ලසිත් මාලිංග

මාලිංග වින්ග් ක්‍රීඩකයා. ඔහු වම් ෆ්ලෑන්කර් ක්‍රීඩකයාට අභියෝගයක් වේවි. විනාශකාරී අත් හැසිරවීම ආරක්ෂකයින් විනාශ කරාවි.

“Malinga the winger. He’d be menacing on the left flank. Using that distinctive round-arm action to fend off defenders”

මහේන්ද්‍ර සිං දෝණි

ක්‍රිකට් ක්‍රීඩාවේ රිචී මැකෝ. එපමණක් ප්‍රමාණවත්

“The Richie McCaw of Cricket. Enough said”

ඩ්වේන් ලෙවරොක්

2003 වසරේ තනි අතින් ලබා ගත් උඩපන්දුව නිසා ඔහු ප්‍රසිද්ධයි. කිලෝ 130ක් බර මේ බර්මියුඩා ක්‍රීඩකයා කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරකයෙක් වේවි.

“Famous for his one-handed catch at the 2003 World Cup, the 130kg Bermudian would surely make just as big a splash on the rugby field”

ඩේවිඩ් බූන්

ටස්මේනියාව නියෝජනය කළ මේ දරුණු ක්‍රීඩකයා scrum අවස්ථාවක දී සෙලවීමට වත් නොහැකිවේවි. ඔහු කණ්ඩායම තුල ඕනෑම රැවුල් තරගයක් ජයග්‍රහණය කරාවි.

“The tough Tasmanian would be immovable at scrum time and win any inter-team facial hair competitions.”

The Ultimate Cricket XV කණ්ඩායම මෙසේය

  1. ඩේවිඩ් බූන් – ඕස්ට්‍රේලියාව
  2. අර්ජුන රණතුංග – ශ්‍රී ලංකාව
  3. ඩ්වේයින් ලෙවරොක් – බර්මයුඩාව
  4. කර්ට්ලි ඇම්බ්‍රෝස් – බටහිර ඉන්දීය කොදෙව්
  5. ටිම් සවුති – නවසීලන්තය
  6. ක්‍රිස් ගේල් – බටහිර ඉන්දීය කොදෙව්
  7. මහේන්ද්‍ර සිං දෝණි – ඉන්දියාව
  8. ඇන්ඩෲ සයිමන්ඩ්ස් – ඕස්ට්‍රේලියාව
  9. ජොන්ටි රොඩ්ස් – දකුණු අප්‍රිකාව
  10. බ්‍රෙන්ඩන් මැකලම් – නවසීලන්තය
  11. ලසිත් මාලිංග – ශ්‍රී ලංකාව
  12. කෙවින් පීටර්සන් – එංගලන්තය
  13. ඉයන් බොතම් – එංගලන්තය
  14. ශොයීබ් අක්තාර් – පාකිස්තානය
  15. ජෙෆ් විල්සන් – නවසීලන්තය

නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ මේ දක්වා පිට පිට තෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර ඔවුන්ගේ සිව්වැනි ලෝක කිරුල සඳහා මෙම වසරේ ජුනි 20 වැනිදා ජපානයේ දී තරග වැදීමට නියමිතය.

2019 ලෝක ක්‍රිකට් වසන්තය පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<