ලෝක පැරා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 9ක්; නායකයා දිනේෂ්

79

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන 2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී වන නව දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසිකිරීමේ ශූරයෙකු වන දිනේෂ් හේරත් හට ලබා දී ඇත. 9 වැනි වතාවට සංවිධානය කරන මෙම තරගාවලිය නොවැම්බර් මස 7 සිට 15 දක්වා පැවැත්වේ.

SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන …….

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ ලෝක පැරා මලල ක්‍රීඩා අනුකමිටුව විසින් සංවිධානය කරන පැරාලිම්පික් ජවන සහ පිටිය ඉසව්ව සඳහා පැරාලිම්පික් තරගකරුවන් 1,500කටත් අධික සංඛ්‍යාවක් රටවල් 114ක් නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතව ඇත.

මීට පෙර එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී හේරත් විසින් මීටර් 46ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ රන් පදක්කම ජයග්‍රහණය කළ ඉන්දියාවේ සුන්දර් සිංගේ දුරට වඩා මීටර 2.43ක් අඩුවෙනි.

2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසිආටා ආයතනය විසිනි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් සඳහා ද නිල අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසිආටා ආයතනය විසිනි.

පහත දැක්වෙන්නේ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමයි,

දිනේෂ් හේරත් (නායක) – හෙල්ල විසිකිරීම, අමිල ප්‍රසාන් වර්ණකුලසූරිය – මීටර් 100 සහ උස පැනීම, කුමුදු ප්‍රියංකා – කාන්තා දුර පැනීම, උපුල් චූලදාස – මීටර් 100, ඉන්දික ගමගේ – මීටර් 100, පාලිත හල්ගහවෙල – යගුලිය දැමීම, චාමින්ද සම්පත් හෙට්ටිආරච්චි – හෙල්ල විසිකිරීම, බුද්ධික ඉන්ද්‍රපාල – දුර සහ උස පැනීම, දුලාන් කොඩිතුවක්කු – හෙල්ල විසිකිරීම 

තරගාවලියේ සම්පූර්ණ කාලසටහන

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<