ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

2562

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ද සැලකිල්ලට ගනිමින් 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කර ඇත. 

Video- උසාවිය නිසා එකක් ඉතුරු වුණු සතියක්

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරග වලදී මොකද වුනේ?…….

ශ්‍රී ලංකා ප්‍රවීණ රග්බි ක්‍රීඩක ෆාසිල් මරීජාගෙන් පසුව 2016 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරු සුදර්ශන මුතුතන්ත්‍රිගේ නම මෙම සංචිතයට ඇතුළත් වී නොතිබීම සැමගේ අවධානය යොමු වන කරුණකි. 

සත් සාමාජික තරග රටාවේ ප්‍රවීණයින් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ්ක රන්ජන්, ධනුෂ්ක දයාන් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් අතර මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වූ නවතම ක්‍රීඩක මෙන්ම පසුගිය වෙළඳසේවා සත් සාමාජික තරගාවලියේ සුවිශේෂී දස්කම් දැක්වූ කවිඳු පෙරේරා ද මෙම සංචිතයේ අසුන් වෙන් කරගෙන ඇත.

වයස අවුරුදු 20න් පහළ ජාතික සංචිතයට ක්‍රීඩා කළ චතුර සෙනෙවිරත්න, ගැමුණු චේතිය හා ජනිඳු දිල්ශාන් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයේ තම ස්ථාන තහවුරු කරගෙන ඇති අතර ආසියානු 20න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ නවීන් හේනකන්කානම්ගේ සහ දිනුක් අමරසිංහ යන ක්‍රීඩකයින්ගේ නම් ද මෙම සංචිතයට ඇතුළත‍්. 

Video – මම දන්නවා මගේ තාත්තා උඩ ඉදන් බලාගෙන ඉන්නවා – තේනුක නානායක්කාර

2019 මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය දිනා ගත් සාන්ත…..

එසේම වසර 4කට වැඩි කාලයක් ආබාධ නිසාවෙන් රග්බි ක්‍රීඩාවෙන් ඈත් වී සිටී මිතුන් හපුගොඩට ද මෙම සංචිතයේ ස්ථානයක් හිමිවී තිබේ. වෙළඳසේවා සත් සාමාජික තරගාවලියේ MAS කණ්ඩායම වෙනුවෙන් අවසන් තරගය ක්‍රීඩා කරන අතරතුර ආබාධයකට ලක් වූ ප්‍රවීණ සත් සාමාජික ක්‍රීඩක අනුරුද්ධ විල්වරගේ නමත් මෙම සංචිතයට ඇතුළත් අතර ආබාධය හේතුවෙන් ඔහු මෙම සංචිතයෙන් ඉවත් වීමට ද විශාල ඉඩකඩක් ඇත.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය – 

අදීශ වීරතුංග – නාවික හමුදා, බුද්ධිම පියරත්න – නාවික හමුදා, චතුර සෙනෙවිරත්න – නාවික හමුදා, අනුරුද්ධ විල්වර – මහනුවර, ධනුෂ් දයාන් – මහනුවර, ධනුෂ්ක රන්ජන් – මහනුවර, ජේසන් දිසානායක – මහනුවර, කවිඳු පෙරේරා – මහනුවර, ශ්‍රීනාත් සූරියබණ්ඩාර – මහනුවර, තරින්ද රත්වත්ත – මහනුවර, තිලිණ විජේසිංහ – මහනුවර, ශබීර් මොහොමඩ් – මහනුවර, අනුරාධ හේරත් – CH&FC, නිශෝන් පෙරේරා – CH&FC, දිනුක් අමරසිංහ – හැව්ලොක්, ඉෂාර ලියනගේ – හැව්ලොක්, කවින්ද කේෂාන් – හැව්ලොක්, මිතුන් හපුගොඩ – හැව්ලොක්, නවීන් හෙනකන්කානම්ගේ – හැව්ලොක්, ජනිඳු දිල්ශාන් – CR&FC, ගැමුණු චේතිය – CR&FC, කෙවින් ඩික්සන් – CR&FC, රීසා රෆයිඩීන් – CR&FC, විශ්ව රණරාජා – CR&FC, රවිඳු හෙට්ටිආරච්චි – ගුවන් හමුදා, තිලිණ බණ්ඩාර – ගුවන් හමුදා, සචිත් සිල්වා – පොලිස්, ඉරෝෂන් සිල්වා – පොලිස්, සුදාරක දික්කුඹුර – යුද හමුදා 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<