එකක් අරගෙන ගෙදර ආවේ ඇයි ?

372

23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අවසන් වනවිට ආසියාවේ ශූරයන් ලෙස නම් දරා සිටි ජපානය, චීනය මෙන්ම වර්තමාන ශූරයන් වූ ඉන්දියාවත් පරදවා බහරේනය පෙරමුණ ගත් අතර ශ්‍රී ලංකාවටද එක් පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

>>Photos: 23rd Asian Athletics Championship Day 4<<

තරගාවලියේ සමස්ත ජය බහරේනය සතුවුවත් ඉන්දියාව වැනි ප්‍රබල රටවලින් නම් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. එයට ආසන්නතම හේතුව වන්නේ බහරේනයේ ජයග්‍රහණය පසුපස සිටින්නේ සල්වා නසර් ක්‍රීඩිකාව වග නොරහසකි. ඇය මෙම තරගාවලියේදී රන් පදක්කම් 4ක් බහරේනයට ගෙන එන ලදී.

බැලූ බැල්මට නම් ඇය බහරේන් ජාතිකයෙක් නොවන වග පෙනෙනු ඇත. සත්‍ය වශයෙන්ම ඇය අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩිකාවකි. මෙලෙස අප්‍රිකානු කුලී ක්‍රීඩිකාවන් විසින් බහරේන් හා තවත් ආසියානු රටවලට ක්‍රීඩා කිරීම බොහෝ පුද්ගලයන්ගේ දෝෂාරෝපණයට ලක් වූ කාරණයකි. 

ශ්‍රී ලංකාව එක් පදක්කමක් පමණක් ලබා ගනිමින් තරගාවලිය අවසන් කරනු ලැබූ අතර අතේ තිබුණු පදක්කම් කිහිපයක් තම බෙල්ලට දමා ගැනීමට නොහැකිවීම නම් කණගාටුවට කාරණයකි. නමුත් මෙම තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග කිරීමට තරම් මානසිකත්වයක් ලබා නොදෙමින්ය. මන්ද මුළු ශ්‍රී ලාංකිකයන්ම නැවතත් වසර 10ක් ආපස්සට ගෙන යන ලදී. නැවතත් ආසියාව දිනන්නට නම් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කුමන වෙනසක් සිදුකළ යුතුද? මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉටුවිය යුතු දෙයක් තිබේද?

Video – දුකයි, මෙඩල් එකක් පෙනි පෙනී නැතිවුණා

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශුරතාවයේ කාන්තා මිටර 3000 බාධක දිවීම තරගයට සහභාගී වූ නිලානි…

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට යාමට පෙර තෝරා ගැනීමේ තරග වටයන් දෙකක් තිබුණි. එහිදී තෝරා ගැනීම් සිදු කිරීමට පරිසාධන මට්ටම් නිකුත් කරන ලද අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, එය සම්පුර්ණ කළ හා ඒ ආසන්නයට පැමිණි ක්‍රීඩකයන්ය. නමුත් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම දක්ෂතා වලට නොපැමිණීම කණගාටුවට කාරණයකි. මෙවර තරගාවලියේ පදක්කම් ලාභී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් දක්ෂතාවයන්ද ශ්‍රී ලංකාවේ තෝරාගැනීමේ පරිසාධන මට්ටම් හා සමානය.  

ශ්‍රී ලංකාවේ තරගකරුවන් මෙම තරගාවලියට සහභාගී වීමට පෙර යම් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් තිබූ අතර තරගාවලිය පුරාවට වාර්තා වූ එකම පදක්කම් හිමිකාරියත් පවසා සිටි අන්දමට ඇයගෙන් කිසිඳු පුද්ගලයෙක් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිට නැත. නමුත් සමහර ඉසව්වන් වලදී පදක්කම් “ඔන්න මෙන්න ” අවස්ථා කිහිපයක් තිබුණි.

Video – විදූෂාගෙන් ලක් මවට ආසියානු පදක්කමක්

දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු…

 තරගාවලිය පැවැත්වූයේ කටාර් රාජ්‍යයේ කලීෆා ක්‍රීඩාංගණයේදීයි. එම ක්‍රීඩාංගණය වායු සමීකරණය කළ ක්‍රීඩාංගණයකි. මෙවැනි ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකාවේ තරගකරුවන් සහභාගී වූ පළමු තරගාවලිය මෙයයි. නමුත් ශ්‍රී ලංකාව තුළ තෝරාගැනීමේ තරග පවත්වන ලද්දේ මහ දවාලේ උෂ්ණත්වය අධිකම කාල වකවානුවකය. කටාර් නම ඇසූ පමණින් උෂ්ණත්වය අධික යැයි සිතුනත් මෙම කලීෆා ක්‍රීඩාංගණය නම් ඊට හාත්පසින්ම වෙනස් වූ දේශගුණික රටාවක් පැවති ක්‍රීඩාංගණයකි. එසේනම් “ක්‍රීඩකයන් තෝරාගනු ලැබූ ක්‍රමවේදය නිවැරදිද?” කියා යමෙකුට සිතෙනු ඇත.

ඇත්තටම ගොඩක් සීතලයි නුවරඑළිය වගේ. දාඩිය බිංදුවක් වත් වැටෙන්නේ නෑ “විදුෂා ලක්ෂානි

විදුෂා ලක්ෂානි, මෙවර තරගාවලිය තුළ ලද එකම පදක්කමේ හිමිකාරිය වන අතර ඇය අත්දැකීම් වලින් අඩු තරුණ ක්‍රීඩිකාවකි. 2017 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයටද සහභාගී වීමට අවස්ථාව අහිමිවූ ඇය, මෙවර ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සමත් විය.

මීටර 3000 බාධක දිවීමේ තරගයට සහභාගී වූ නිලානි රත්නායකට අවසාන මීටර කිහිපයේදී පදක්කම් සිහිනය පෙනි පෙනී එය අහිමිවී ගියේ තරගයේ අවසාන අදියරයේදී පය ලිස්සා වැටීම නිසාය.

මේ වගේ  track එකක දිව්වේ පළවෙනි වතාවට. ගොඩක් speed මේ track එක. අන්තිම race එක speed යනකොට මට balance නැතුව ගියා.” – නිලානි රත්නායක

වේගවත් ධාවන පථයක තරග කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස නිලානි පවසන අතර මෙවැනි ධාවන පථයක තරග කළ යුත්තේ කෙසේද කියා තරගකරුවන් තුළ ඇති අවබෝධය හා අත්දැකීම් වලින් අඩු බව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ සුපුරුදු දක්ෂතාවලට නොපැමිණීමට හේතුවක් විය හැක. තරගකරුවන්ගේ හා දක්ෂතාවල අඩුවක් දක්නට නොලැබුනත් ක්‍රීඩකයන්ගේ වර්ධනය කළ යුතු තවත් බොහෝ දෑ ඇති බව මෙයින් පසක් වේ. එසේ නම් ඉදිරි සංචාරයන් වලදී පදක්කම් ලබාගැනීමට නම් හොඳින්  “ගෙදර වැඩ” ටික කළ යුතු නොවේද?

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<